ඉන්දියාවේ මහා සාගතය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාවේ මහා සාගතය

    british.jpg

    1876-78 දී ඇති වූ මදුරාසි සාගතය වනාහී ලොව මෙතෙක්‌ වාර්තා වී ඇති විශාලතම ෙ€දවාචක වලින් එකක්‌ ලෙස සැලකේ. 1876 දී ආරම්භ වූ මේ මහා සාගතය දකුණු හා නිරිත දිග ඉන්දියාවේ මදුරාසිය, මයිසූර්, හයිද්‍රdබාද් හා බොම්බායද ඇතුළුව වර්ග කිලෝමීටර් 670,000 ක්‌ පුරා අවුරුදු දෙකක කාලයක්‌ පුරා පැවතුන අතර මේ සාගතයෙන් ජනතාව මිලියන 58.5 ක්‌ දරුණු ලෙස පීඩාවට පත් විය. මිය ගිය සංඛ්‍යාව මිලියන 5.5 කි. දෙවන අවුරුද්ද වන විට සාගතය උත්තර ප්‍රදේශයටත් මධ්‍යම ප්‍රදේශයේ සමහර පළාත් වලටත් වයඹ හා පන්ජාබ් ප්‍රදේශයේ කොටසකුත් ගොදුරු කොට ගෙන තිබුණි. ඩකාන් සානුව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ නියඟයෙන් බලාපොරොත්තු වූ බෝග අස්‌වැන්න අඩු වීම මේ සාගතයට හේතුව ලෙස දක්‌වා තිබේ. නමුත් සැබෑ හේතුව එය ද? මිලියන ගණනක ජනතාවක්‌ අවාසනාවන්ත ලෙස මියයැමට සැබෑ හේතුව කුඩා ප්‍රදේශයක ඇති වූ නියඟය ද? එවකට ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ම්ලේච්ඡ තීරණ හා ක්‍රියාකාරකම් මෙයට හේතුව බැව් අනාවරණය වී තිබේ. සාගත කාලය අතරතුර ඉන්දීය යටත් විජිත අධිරාජයා වූ ලයිටන් සාමිවරයා විසින් තිරිඟු ටොන් 320,000 ක්‌ එංගලන්තයට යවා ඇති බැව් හෙළි වී තිබේ. මේ තිරිඟු තොගය සාගතයෙන් පීඩා විඳි ජනතාව අතර සලාක ලෙස බෙදිය හැකිව තිබූ ආහාර තොගයක්‌ බව ද අනාවරණය විය. ආණ්‌ඩුකාරවරයාගේ මේ ක්‍රියාකලාපය නොවන්නට සාගතයෙන් මියගිය සංඛ්‍යාව බොහෝ අඩු වන්නට තිබිණැයි ආර්ථික විශ්ලේෂකයෝ පැවසූහ. අසරණ ජනතාවට අයිති, ඔවුන් විසින්ම වගා කළ අස්‌වැන්න නිර්ලඡ්ජිත ලෙස කොල්ල කා තම මව් රටට පැට වූ ආණ්‌ඩුකාර ලයිටන් සාමිවරයා තම පාලනය යටතේ අසරණ ජනතාව කුසගින්නේ මිය යද්දී සිය මව් රටේ මහ රැජන වූ වික්‌ටෝරියා බිසවගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් ප්‍රභූන් 60,000 කට ආරාධනා කොට මහා භෝජන සංග්‍රහයක්‌ හා සාදයක්‌ පැවැත්විය. මේ සාදය පැවැත්වූයේ සාගතයෙන් පීඩා විඳින ජනතාවට සැපයුනු අල්ප වූ ආහාර සලාකය ද කපා දමා තිබූ තත්ත්වයක්‌ යටතේය.

    මින් පෙර 1873-74 වකවානුවේදී බිහාර් ප්‍රාන්තයේ මෙවැනිම සාගතයක්‌ ඇති වූ අතර ඊට පිළියම් ලෙස බුරුමයෙන් සහල් තොග ආනයනය කිරීමටට පියවර ගැනිණි. මේ නිසා එහිදී සාගතයෙන් වූ මරණ සංඛ්‍යාව යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකි විය. මදුරාසි සාගතයේදී එවැනි පියවරක්‌ ක්‍රියාත්මක වූයේ නැත. මේ සම්බන්ධයෙන් ලයිටන් සාමිවරයා වෙත දැඩි විරෝධයක්‌ එල්ල විය. (මේ හේතුවෙන් 1880 දී ආපදා කොමිසමක්‌ ස්‌ථාපිත කිරීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය.) ඉන් පසු බෙංගාල යටත් විජිත ප්‍රාන්ත රජය හා එහි උප ආණ්‌ඩුකාර සර් රිචඩ් ටෙම්ප්ල් විසින් දෙආකාරයක සහන ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරන ලද්දේය. වැඩ කළ හැකි තත්ත්වයේ සිටින මිනිසුන්, ගැහැනුන් හා ළමයින් සඳහා වැටුප් ක්‍රමයක්‌ ලෙස ආහාර සලාකයක්‌ද කුඩා ළමයින් හා මහලු අය සඳහා ඉතා සුළු සලාකයක්‌ද නිකුත් කිරීමට පියවර ගන්නා ලදී. එය ආරම්භ කොට නොබෝ දිනකින් ටෙම්ප්ල් ආණ්‌ඩුකාරවරයා විසින්ම මෙම සලාකය අඩු කිරීමට නියෝග කරන ලද්දේය. සහන කඳවුරුවල දුෂ්කර සේවාවල යෙදෙන පිරිමින්ගේ සලාකය දිනකට ධාන්‍ය රාත්තලක්‌ හා ඇනා එකක්‌ ලෙස වැටුප කපා හරින ලදී. ගැහැනුන්ට හා ළමයින්ට යම්තම් ලෙවකන්නට පමණක්‌ සෑහෙන සලාකයක්‌ නිකුත් කරන ලද්දේය. නමුත් වැඩ කිරීමේ ධාරිතාව හා කාලය තවත් වැඩි කරන ලදී. කිසිදු විවේකයක්‌ හෝ සෙවනක්‌ නොවීය. සියලු මර්ධනයන් අවසානයේ පීඩාවට පත් ජනතාව වැඩ කිරීම ප්‍රතික්‌ෂේප කළහ.

    british1.jpg

    ටෙම්ප්ල්ගේ මේ ක්‍රියාකලාපයට එරෙහිව විලියම් ඩිග්බි හා මදුරාසි ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමසාරිස්‌ වූ වෛද්‍ය ඩබ්. ආර්. කෝනිෂ් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු නැඟී සිටියහ. කෝනිෂ් තර්ක කළේ වැඩ කරන මිනිසුනට විශේෂයෙන් බර වැඩ පිණිස යෙදවූ සේවකයනට ධාන්‍ය රාත්තල් එකහමාරක්‌ සහ අමතර එළවළු හා ප්‍රොaටීන් සලාකයක්‌ සැපයිය යුතු බවයි. ටෙම්ප්ල්ගේ සලාක කප්පාදුවට ලයිටොන් සාමිවරයාගේ අනුමැතිය හා ආශිර්වාදයද ලැබිණි. නමුත් බොහෝ විවාද මැද හා කෝනිෂ්ගේ මැදිහත්වීම මත මදුරාසි ප්‍රාන්ත ආණ්‌ඩුව ආහාර සලාකය අඩ වශයෙන් වැඩි කරන ලදී. ඒ ධාන්‍ය රාත්තල් 1.25 ක්‌ හා ප්‍රොaටීන ලෙස පරිප්පු අවුන්ස 1.5 ක්‌ අනුමත කරන ලදී. නමුත් ඒ වනවිට ජනතාව ආහාර හිඟය නිසා මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටියහ. මන්දපෝෂණයෙන් අඩපණව සිටි ජනතාව ඒ සමඟම සරත් හා ශීත ඝෘතුවලදී වේගයෙන් පැතිර ගිය මැලේරියා වසංගතයේ පහසු ගොදුරු බවට පත්ව ලක්‌ෂ ගණනින් මරු වැළඳ ගත්හ.

    සාගතය අවසානයේ නොමැරී ඉතිරි වූ ජනතාව දහස්‌ ගණනක්‌ එංගලන්තයේ ග්‍රාමීය පෙදෙස්‌වල ගොවිපලවල කම්කරුවන් ලෙස වැඩ කිරීම පිණිස යවන ලදී. ඉන්පසු එළැඹි දශකය අවසානයේ පැවති සංගණනයේදී හෙළි වූයේ ප්‍රදේශයේ ජනගහන වර්ධන වේගය පුදුම සහගත ලෙස අඩු වී ඇති බවය. මේ සාගතය හා ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ඉන්දියාවේ කල් පවතින දේශපාලන ගැටුමක්‌ ආරම්භ කළේය. බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ජාතික ව්‍යාපාරයක්‌ ආරම්භ වීමට එය මඟ පෑදීය.

    මදුරාසි සාගතයෙන් අවුරුදු 135 කට පමණ පසු 2013 වර්ෂයේදී ඉන්දීය ලේඛක ජයමෝහන් වෙල්ලයි යනායි නමින් ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත් කොට තිබේ. යටත් විජිත සමයේ අඳුරු හා කෲර පැතිකඩක්‌ එහි නිරාවරණය කොට ඇත්තේය. ඔහු පවසන අන්දමට මදුරාසි සාගතයෙන් දාලිත් නම් හීන කුලයේ ජනගහනයෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවක්‌ මිය ගොස්‌ ඇත. ඒ දහස්‌ ගණනක්‌ නොව මිලියන ගණනකි. ඉතිහාසඥ අමාර්ත්යා සෙන්ට අනුව ජයමෝහන් එහි සඳහන් කරන්නේ මිලියන ගණනක්‌ මරණයට පත් කළ සාගතයට කෙළින්ම වගකිවයුතු වන්නේ බ්‍රිතාන්‍ය පාලනය බවයි. තව දුරටත් ජයමෝහන් සාගතය සමයේ සැඟවුණු කාරණා අනාවරණය කරයි. දාලිත් ජනයා සියල්ලෝම යටහත් පහත් අය නොවූහ. සිය සහෝදර සේවකයකු හා ඔහුගේ බිරිඳ මරා දැමීමට එරෙහිව එක්‌ වැඩ බිමක දාලිත් සේවකයන් 300 ක්‌ පමණ දින දෙකක වැඩ වර්ජනයක්‌ පැවැත්වූහ. එය නිර්දය ලෙස මර්දනය කරන ලදී. මෙම සිද්ධීන් කිසිදු ඉතිහාස ග්‍රන්ථයක නිවැරදි ලෙස වාර්තා කොට නැත. ඒ එසමයේ ඉන්දීය ඉතිහාසය ලියන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින් බැවිනි.

    නිමල් ෆ්‍රeන්සිස්‌ -divaina.com
     
    • Like
    Reactions: KasunKDP

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP