ඉන්දියාවේ වෙසක් තොරන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියාවේ වෙසක් තොරන්

    ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපයක ප්‍රථම වරට ලංකාවේ මෙන් තොරණක් නිර්මාණය කර තිබීම විශේෂිත කරුණක් විය. මෙය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල බහුලව පිහිටා ඇති ශාන්ති පාත් (Ceremonial Route) හි මෙම වෙසක් කලාපය ඉදිකර ඇති අතර දෙසීයකට අධික පහන් කූඩු සහ වෙසක් සැරසිලිවලින් මෙන් ම දර්ශනීය වෙසක් තොරණකින් සමන්විතය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වෙසක් තොරණක් ඉන්දියාවේ ඉදි වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම තොරණින් “අංගුලිමාල කථා වස්තුව” නිරූපණය කරන අතර අඩි හතළිහක උසකින් යුක්තව තොරණ නිර්මාණය කර තිබේ. ඒ සඳහා යොදාගෙන ඇති විදුලි බුබුළු සංඛ්‍යාව පහළොස් දහසකට අධිකයි. තොරණේ කථාව ඉදිරිපත් කරනු ලැබුවේ හින්දි බසිනි. මීට අමතරව බොදු බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලැබිණ.
    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බුදු දහම මුල්කරගනිමින් ගොඩ නැගී ඇති සබඳතා සුරක්ෂිත කිරීමත්, දෙරටේ සංස්කෘතික හා බෞද්ධාගමික උරුමයන් හුවමාරු කිරීමත් සමගින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙම වෙසක් කළාපය නිර්මාණය කිරීමේ අරමුණය.
    මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයයි.
    පෙරේදා රාත්‍රියේ මෙම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රි ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ඉන්දීය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය මහේෂ් ශර්මා, ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු, සමාජ යුක්තිය සහ රැකී රක්ෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාම්දාස් අත්වාලේ, නවදිල්ලි මහනගර සභාවේ සභාපති නරේශ් කුමාර් ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක් ව සිටියහ. උත්සවයට සහභාගි වූ අමාත්‍යවරුන් තිදෙනා ම බෞද්ධයින් වීම ද විශේෂත්වයකි. මෙම උත්සවයේ ආගමික කටයුතු ඉන්දියානු මහා බෝධි සංගමයේ වාරනාසි මධ්‍යස්ථානයේ සහ නවදිල්ලි මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමිවරු විසින් සිදු කරනු ලැබූහ.
    3-New-Dellhi-First-Wesak-Thorana-2017.jpg


    1-New-Dellhi-First-Wesak-Thorana-2017.jpg
    2-New-Dellhi-First-Wesak-Thorana-2017.jpg
     
    • Like
    Reactions: RaZor_911

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේක තමයි මේ අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඉදිකොට තිබූ තොරණ.

    qYPLsJi.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඉස්සරහට කොහොමත් පිටරට ගිහින් තමා තොරන බලන්න වෙන්නෙ.ලන්කාවෙ සන්හිඳියාවනෙ:sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සරහට කොහොමත් පිටරට ගිහින් තමා තොරන බලන්න වෙන්නෙ.ලන්කාවෙ සන්හිඳියාවනෙ:sorry:
    :yes::yes:

    ඔව් වෙසක් එකට තෝරන් ගැහුවම හම්බයින්ටයි දෙමලටයි හිත් රිදීම් ඇතිවෙන්න පුළුවන් නේ :sorry::dull:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉස්සරහට කොහොමත් පිටරට ගිහින් තමා තොරන බලන්න වෙන්නෙ.ලන්කාවෙ සන්හිඳියාවනෙ:sorry:

    ඉස්සරහට කොහොමත් පිටරට ගිහින් තමා තොරන බලන්න වෙන්නෙ.ලන්කාවෙ සන්හිඳියාවනෙ :dull::dull::dull::dull: