ඉන්දියාවේ සිට මුහුදෙන් ලංකාවට ඇවිත්

inspiron

Well-known member
  • May 27, 2014
    24,992
    17,622
    113
    Nowhere
    කොරෝනාවට බියෙන් පියෙකු සහ දුවෙක් ඉන්දියාවේ සිට මුහුදෙන් ලංකාවට ඇවිත්

    tamil_refugees_india_2006.jpg




    ඉන්දියාවේ මේ දින වල සීඝ්‍රයෙන් ව්‍යාපත්වන කොරෝනා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා ඔහුගේ දියණිය මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට භාර වී තිබෙනවා.

    එම පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද, යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා තිබෙනවා.

    අනතුරුව වයිරසයේ දැඩි අවදානම හේතුවෙන් ඊට බිය වී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙන්.

    කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නීති විරොධීව සංක්‍රමණය පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා.
     

    Similar threads