ඉන්දියාවේ සුනඛ වර්ග 23ක් තහනම් කරයි..⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1710418557-dogs_L.jpg

    මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත නියෝගයක් නිකුත් කර ඇත.

    එම ලයිස්තුවේ Pitbull Terrier, American Bulldog, Rottweiler සහ Mastiffs යන සුනඛ වර්ග ද සඳහන් වෙයි.

    සුරතලයට ඇති කරන සමහර සුනඛ විශේෂ හේතුවෙන් මිනිසුන්ට ඇතිව තිබෙන තර්ජන හේතුවෙන් එවැනි තීරණයක් ගැනීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    දැනටමත් සුරතල් සතුන් ලෙස මෙම ලැයිස්තුවට අයත් සුනඛ වර්ග සිටීනම් එම සුනඛයින්ගෙන් තවදුරටත් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ යුතු බවදට නියෝග කර ඇති බව සඳහන් වේ.

    තහනම් කර ඇති සුනඛ විශේෂ වන්නේ,

    Pitbull Terrier, Tosa Inu, American Staffordshire Terrier, Fila Brasileiro, Dogo Argentino, American Bulldog, Boerboel Kangal, Central Asian Shepherd Dog,Caucasian Shepherd Dog, South Russian Shepherd Dog, Tornjak, Sarplaninac, Japanese Tosa, Akita, Mastiffs, Terriers, Rhodesian Ridgeback, Wolf Dogs, Canario, Akbash Dog, Moscow Guard Dog, Cane Corso, Bandog.

    https://www.livemint.com/news/india...l-bulldog-check-full-list-11710346853428.html
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    හොඳ වැඩක්. බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කො එක්ක තමයි නැගිටින්න වෙන්නෙ. මේවා කට කහනවට කියන කතා නෙවෙයි. දඩයමක් වත් කරගන්න බෑ. නිකන් ඉඳගෙන කකා බිබී ඉන්නවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මටත් හිතිලා තියෙනවා සමහර බලු වර්ග හදන අයට එක්කෝ සීමා හරි, නීති හරි දාන්න ඕන කියලා. සමහර ගෙවල්වල දරුණු breed බල්ලෝ ඔහේ ලිහලා දානවා වෙලාවකට. හැපුවොත් sorry වෙනවා ඉතින්. උන්ව බැඳගෙන පාරේ අරන් ගියත් control කරන්න බෑ නේ වෙලාවකට, ලොකු බල්ලෙක් නම්. ඔය වගේ breed ආසාවට හදන මිනිස්සු ටික ඉස්සෙල්ලා පුනුරුත්ථාපනය කරන්න වෙනවා ඉතින් ඕවා නවත්ත ගන්න නම්. මොකද market එකේ demand වැඩි තරමට ඔය බල්ලෝ වැඩියෙන් බෝ කරවනවා නේ විකුණන්න. ගොඩක් අය ඔය වගේ breed හදන්නේ නම් ලොකු කම පෙන්නන්න කියලමයි මට නම් හිතෙන්නේ.

    දැන් කාලේකට කලින් එක දවසක් මම ගමනක් යන්න වාහනයක් එනකන් පාරක් අයින් හිටියා. ගෙදරක මිදුලේ හිටපු @Solo Rider ගේ වර්ගේම එකෙක් හිටියා. අනේ හරි sweet, ඇස් දෙකත් නිල් පාටයි කියලා බලන් හිටියා. කන්න වගේ බලලා ආවා ගේට්ටුව පැත්තට හොඳ වෙලාවට gate එක වහලා තිබ්බේ නැත්තන් කන්නත් ඉඩ තිබ්බ හව් හව් ගාල.... 😐
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oka ikmanin ma unbanned wenawa... balapanko.. ape wage nemei, large scale pet market ekak unge thiyenne... ekak nemei mam hithanne 4, 5 ma thiyenawa... ape rate pet market ekak lankawe kohe wath nane... diyathe tamai thibbe diyatha start karapu dawas wala.. eeth maalu witarai, wadi kal thibbe naa un wade atha ariya...
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මටත් හිතිලා තියෙනවා සමහර බලු වර්ග හදන අයට එක්කෝ සීමා හරි, නීති හරි දාන්න ඕන කියලා. සමහර ගෙවල්වල දරුණු breed බල්ලෝ ඔහේ ලිහලා දානවා වෙලාවකට. හැපුවොත් sorry වෙනවා ඉතින්. උන්ව බැඳගෙන පාරේ අරන් ගියත් control කරන්න බෑ නේ වෙලාවකට, ලොකු බල්ලෙක් නම්. ඔය වගේ breed ආසාවට හදන මිනිස්සු ටික ඉස්සෙල්ලා පුනුරුත්ථාපනය කරන්න වෙනවා ඉතින් ඕවා නවත්ත ගන්න නම්. මොකද market එකේ demand වැඩි තරමට ඔය බල්ලෝ වැඩියෙන් බෝ කරවනවා නේ විකුණන්න. ගොඩක් අය ඔය වගේ breed හදන්නේ නම් ලොකු කම පෙන්නන්න කියලමයි මට නම් හිතෙන්නේ.

    දැන් කාලේකට කලින් එක දවසක් මම ගමනක් යන්න වාහනයක් එනකන් පාරක් අයින් හිටියා. ගෙදරක මිදුලේ හිටපු @Solo Rider ගේ වර්ගේම එකෙක් හිටියා. අනේ හරි sweet, ඇස් දෙකත් නිල් පාටයි කියලා බලන් හිටියා. කන්න වගේ බලලා ආවා ගේට්ටුව පැත්තට හොඳ වෙලාවට gate එක වහලා තිබ්බේ නැත්තන් කන්නත් ඉඩ තිබ්බ හව් හව් ගාල.... 😐
    උන් කන්නෑ බං සෙල්ලමට එන්නෙ. අහිංසකයි හස්කියො
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,389
    6,554
    113
    මෙහෙටත් ඔය නීතිය ගෙනාවනම් හොඳයි සමහරු කිසි වගකීමක් නෑ ඔහේ හදනවා හිටපු ගමන් බල්ලො පාරට පනිනවා හරි භයානකයි.
     
    • Love
    Reactions: NRTG and Kalegana

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,236
    113
    රොට්වයලර් හුරතලේට හදන්න බැරිද
    මාගේ යාලුවෙක්ගේ ගේක රොට්වයලර් එකෙක් ඉන්නවා. ඩෝග් ෂෝවලට පවා ගෙනියන එකෙක්. ඌ නම් හුරතලේට හදලා තියන්නේ. ගෙදර හැමෝටමයි, අපි වගේ දන්න කියන හැම එකාටමයි පට්ට හීලැයි. හැබැයි හොරෙක් ගෙදරට ආවොත් මෙනා කරයිද දන්නෙ නෑ.