පසුගිය සතියේදී ඉන්දියානු මාධ්‍ය හදිසියේම වාගේ විශේෂ පුවතක් අනාවරණ කරමින් ලංකාවේ පාතාලය සහ කුඩු ජාවාරමට සම්බන්ධ සහ එල්.ටී.ටී.ඊ.ය නැවත නගාසිටුවීමට සැලසුම් කරන පුද්ගලයන් කිහිප දෙනකුගේම නම් එළියට දැමීමට කටයුතු කළේය. එහිදී ප්‍රධාන වශයෙන් මෙරට පාතාල සාමාජිකයන් 9 දෙනකුගේ නම් කියැවිණි. ඒ අතර සින්නයියා රවීන්ද්‍රන් ගුණසේකරන් හෙවත් කිඹුලාඇල ගුණා, බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් පූකුඩිකන්නා, මොහොමඩ් මන්සූර් මොහොමඩ් අස්මින් හෙවත් අස්මි, සුනිල් ගාමිණී ෆොන්සේකා හෙවත් කොට ගාමිණී, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා, නල්ලපෙරුම තන්ත්‍රීගේ ධනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ ධනුක, දීනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග හෙවත් ලඩියා, දික්පිටිය විතානගේ අසිත නොයෙල් කුමාර හෙවත් ආමි අසිත සහ ගමගේ සුරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සුරංග යන අය සිටියහ.
මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් සිටින්නේ රටින් පලාගොස් වෙනත් රටවල්වල සැඟවීය. ඒ අයගෙන් 129කට මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගැනීමටය. එම අපරාධකරුවන් 129 දෙනා අතර වැඩි දෙනෙක් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොන්නට වැටෙන අපරාධකරුවන්ය. ඊට අමතරව වංචා කිරීම්, මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ද රතු නිවේදන නිකුත් වූ අපරාධකරුවෝ රැසක්ම සිටිති. ඒ අය අතරින්ද පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ 25 දෙනෙක්ම එම රතු නිවේදන නිකුත් වූවන් අතර සිටිති. ඒ සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාව තුළ මත්කුඩු ජාවාරම මෙහෙයවන දැවැන්තයන්ය.
ඉන්දියාව අලුත් නවාතැන
මේ අයගෙන් වැඩි දෙනෙක්ම ඔවුන් දැන් රැඳී සිටින රටවලට පැනගන්නේ ඉන්දියාවට බෝට්ටුවෙන් ගොස් එහි සිටය. කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වූ සමයං ඇතුළු හත්දෙනෙක් එක පොදියට මරාදැමූ අංගොඩ ලොක්කාත්, නීලමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග නොහොත් ලඩියා ඇතුළු හය හත්දෙනෙක්ම බෝට්ටු මගින් කල්පිටිය ප්‍රදේශයෙන් පැනගන්නේ ඉන්දියාවටය. අංගොඩ ලොක්කාත්, ලඩියාත් ඉන්දියාවේදී කොටුවන්නේද ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් එහි සිට ඩුබායි පනින්නට සූදානම් වූ අවස්ථාවේදීය. අන්තිමේදී අංගොඩ ලොක්කාට සිය ගෝලබාලයන්ගේම සැලසුමකින් මරු තුරුලට යන තෙක්ම රැඳී සිටින්නට සිදුවන්නේ ඉන්දියාවේය. එසේ ඉන්දියාවේ සිටින මෙරට අපරාධකරුවන් ගණනද සුළුපටු නැත. ඇතැම් අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටින බව අපේ රටේ ආරක්ෂක අංශ පවා දන්නේ නැත. වැඩිම කාලයක් ඉන්දියාවේ රැඳී සිටි මෙරට අපරාධකරුවා වූයේ තෙල් බාලාය. මත්කුඩු ජාවාරමේද ආරම්භක පුරුකක් වන ඔහු ඉන්දියාවට පනින්නේ කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයට එල්ලවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයට සහාය දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන විටදීය. 2018 වසරේදී ඔහු ඉන්දියාවේදී මියයන්නේ ශල්‍යකර්මයක් අතරතුරදීය. ඒ වන විට ඔහු ඉන්දියාවේ ගතකරන්නේ ප්‍රභූ ජීවිතයකි. ඔහු කුලී රථ හිමිකරුවෙක්ද විය. මියයන විට ඔහු සතුව කුලී රථ 200කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.
2022 ජනවාරි 31 වැනිදා චෙන්නායි ගුවන් තොටුපළේදී එරට පොලීසිය කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා කිඹුලා ඇලේ ගුණාද තෙල් බාලාගේ අඩිපාරේ යමින් ඉන්දියාවේ ප්‍රභූ ජීවිතයක් ගතකළ අයෙකි. ඔහුද එරට ටැක්සි ව්‍යාපාරයක හිමිකරුවෙකි. එසේම ඔහුට තමිල්නාඩුවේ චෙන්නායිහි පාපන්දු ක්‍රීඩා සමාජයක හිමිකාරීත්වයද තිබී ඇත. චෙන්නායිහි දේශපාලනඥයන් රැසක්ම ඔහුගේ ගජ මිතුරන්ය.
කිඹුලාඇල ගුණාගේ පැටිකිරිය
තෙල්බාලා මෙන් ගුණාද ඉන්දියාවේම ජීවත් වන්නට එහි ගිය අයෙකි. ඒ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී පාතාලයට එරෙහිව සුදු වෑන් රථ කල්ලියක් ක්‍රියාත්මක වීමෙන් මරණ බිය දැනීය. ඔහු ඉන්දියාවට පලායන්නේද තනිවම නොව සිය සහෝදරයා වූ සුරේෂ් ඇතුළු ගෝලබාලයන් පිරිවරාගෙනය. ඒ අය අතර මෙරට පාතාලයේ ප්‍රබල චරිතයක් වූ කොට ගාමිණීද සිටියේය.
මෙරටින් ඉන්දියාවට පලායන මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ අපරාධකරුවන්ට එරටදී රැකවරණයත් පහසුකමුත් සලසා දෙන්නේ කිඹුලා ඇල ගුණාය. ඉන්දියාවේ සිට වෙනත් රටකට ඒ අයව පන්නන්නේද ගුණාය. ඒ සියල්ලක්ම සිදුවන්නේ ඉහළ මිල ගණන්වලටය.
අතුරුගිරිය ස්ථානාධිපති මරා රටින් පනී
කිඹුලා ඇල ගුණාගේ නමද ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනලාභීන් අතර ඇත්තේය. ඒ, 2010 වසරේ අගෝස්තුවේ සිටය. මෙරට පොලිස් තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට ඔහුගේ නම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන තුළට යන්නේ දෙමටගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඩග්ලස් නිමල් නමැති පොලිස් පරීක්ෂකවරයාව සහ ඔහුගේ බිරිඳව අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙනි. එම ද්විත්ව ඝාතනය ඔහු මෙහෙයවන්නේ ඉන්දියාවේ සිට ගෝලබාලයන් යොදාය. ඒ 2006 වසරේදීය.
ගුණාව අල්ලපු හේතුව
ඉන්දියානු තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට ඉන්දියානු පොලීසිය කිඹුලාඇල ගුණාව කොටුකර ගන්නේ ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව නම් නොවේ. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 300ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් කොට ගාමිණී නමැති ඔහුගේ ප්‍රධානතම ගෝලයා සම්බන්ධයෙන් කෙරුණු දීර්ඝ විමර්ශනයකට අනුවය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩිතබා ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ්ගේ සැලසුමට අනුව ව්‍යාජ මත්ද්‍රව්‍ය ඔත්තුවක් ලබාදෙමින් ඔහුව රැගෙන යන මොහොමඩ් නවාස් නමැති අපරාධකරුද ඉන්දියානු පොලීසිය මෑතකදී අත්අඩංගුවට ගන්නේද ඒ අනුවය.
නවාස්, ගුණාව පාවාදෙයි
කොට ගාමිණී සිය හාම්පුතා වූ කිඹුලාඇලේ ගුණාව පාවා නොදුන්නත් මොහොමඩ් නවාස් දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ කිඹුලාඇල ගුණාව පාවා දුන්නේය. චෙන්නායි පොලීසිය කිඹුලාඇලේ ගුණා කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නේ ඒ අනුවය. එම මෙහෙයුම ගැන කල්තියා තොරතුරු දැනගන්නා ගුණා සූදානම් වන්නේ සිය පුතා සහ ගෝලබාලයන්ද සමග ටික දිනකට චෙන්නායිවලින් ඈතට යන්නටය. ඔවුන් සූදානම් වන්නේ දිල්ලියට පනින්නටය. චෙන්නායි පොලිස් ඇසට වැලි ගසා ඔහුට එදා දිල්ලියට පැනගන්නට ඉඩක් නොවීය. ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වන්නේ කල්තියාම චෙන්නායි පොලීසිය ඒ බව දැන සිටි නිසාය. එහිදී අත්අඩංගුවට ගන්නේ ගුණාව පමණක් නොවේ. ගුණා සමග දිල්ලියට පැනගන්නට සූදානමින් සිටි ඔහුගේ පුතා ඇතුළු සිවු දෙනෙක්ම අත්අඩංගුවට ගත්තේය. ඒ අතර පාතාලයට එක්ව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙක් වූ බුම්මා නොහොත් කෙනඩිද සිටියේය. ඊට අමතරව ගුණාගේ බොඩිගාඩ් ලෙස කටයුතු කළ ප්‍රභාහරන් නමැති තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ද සිටියේය.
මේ අය අත්අඩංගුවට ගැනීමේ තොරතුර මෙරටට ලැබෙන්නේ ඊට පසු දිනය. ඒ සම්බන්ධයෙන් එකල අපේ රටේ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මාධ්‍ය හමුවක්ද පවත්වමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ට ස්තුතිය පුදකරනු ලබන්නේ එම මෙහෙයුමට අපේ රටේද දායකත්වයක් ඇති බවට හැඟී යන යම් ප්‍රකාශයක්ද කරමිනි. එසේම අත්අඩංගුවට ගත් ගුණා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවට ඉඟියක්ද එහිදී ඇමැතිවරයා කළේය.
ගුණා ලංකාවට දෙයිද?
සරත් වීරසේකර ඇමැතිවරයා එසේ ඉඟි කළත් සැබෑ ලෙසම කිඹුලාඇල ගුණා ඇතුළු අල්ලාගත් අපරාධකරුවන් ඉන්දියාව විසින් මෙරටට භාරදුන්නේ නැත. කිඹුලාඇල ගුණා හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු කිසිවකුටත් ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් වී නැත. රතු නිවේදනයට අනුව අපරාධකරුවන් හුවමාරුවක් සිදුවන්නේ නම් මෙරටට ලැබෙන්නේ කිඹුලාඇල ගුණා පමණි. එහෙත් ගුණාව චෙන්නායි පොලීසිය අත්අඩංගුවට ගන්නේ එරට සිදුවුණු මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් මිස ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවෙක් නිසා නොවේ. එබැවින් ගුණා හෝ සෙසු සැකකරුවන් චෙන්නායි පොලීසිය විසින් මෙරටට භාරදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.
සමයං ඝාතනයෙන් පසු ඉන්දියාවට පැනගත් අංගොඩ ලොක්කාත් ලඩියාත් ඩුබායි පනින්නට ගිය අවස්ථාවේදී චෙන්නායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තද ඔවුන් දෙදෙනාව කොතරම් ඉල්ලා සිටියත් අපට භාරදුන්නේ නැත. අංගොඩ ලොක්කා මැරෙන්නේත් ඉන්දියාවේදීය. ලඩියා තවමත් සිටින්නේද ඉන්දියාවේය.