ඉන්දියාව මහින්දවයි ගෝඨවයි ගෙදර ඇරියෙ ඇයි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දියාව මහින්දවයි ගෝඨවයි ගෙදර ඇරියෙ ඇයි

    gota_mr_india.jpg


    හේමන්තය ගෙවිල ගිහින් ලන්ඩනයට නැවතත් වසන්තය ඇවිත්. හිමපතනයෙන් පීඩා විඳපු ගහකොලන්වල පුංචි හරිත රිකිලි හෙමින් හෙමින් මතුවෙනවා. මිනිස්සු තද සීත කබා වෙනුවට සිනිදු කබා ඇඳගෙන එදි නෙදා වැඩකටයුතුවල නියැළෙනවා. අඳුරු යුගයක් නිමාවෙලා ලංකාවට වසන්තයක් ලැබුවේ පහුගිය ජනවාරි 09 වෙනිදා. මේ ගමන ලන්ඩන් පබ් එකේ කට්ටිය එක්කහු වුනේ රාජපක්ෂ රෙජීමයේ තුන්මාසෙ දානෙට. ඒ කියන්නෙ අප්‍රේල් 09 වෙනිදා. කතා කරන්න තියෙන දේවල් බොහොමයි. අදහසුත් විෂමයි.

    ‘මව්බිමේ නිදහස අනතුරේ. දිවි පුදලා බේර ගත්ත සාම්පූර් යහපාලන ආණ්ඩුව නොමිලෙම කොටින්ට දීලා’ එහෙම කියමින් කතාවට මුල පිරුවෙ මව්බිමට සැමදා හිතවත් අවුරුදු 45 ක් ලන්ඩනයේ ජීවත් වන දොස්තර ඒ.බී. හෙලකුමාර.

    ‘මෙහෙම ගියොත් නම් රට බෙදෙන එක ෂුවර්. උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනව. කොටින්ට ඉඩම් බෙදල දෙනව. පොලිස් ස්ථාන අයින් කරනව. ජාතික ගීය දෙමලෙන් ගායනා කරනව. හෙට අනිද්දට හමුදාවත් උතුරු නැගෙනහිර පළාත්වලින් අයින් කරාවි. දැනටමත් දහ දාහක් හමුදාවෙන් අයින් කරල. මොකක්ද මේ වෙන්ඩ යන නස්පැත්තිය. දැන් කාට කාටත් තේරෙනව නේද අපේ මහින්ද රාජපක්ෂ රජතුමාගෙ රාජකීය මහිමය. අපේ ගම්වල ඈයො එතුමාව රකින්න ඡන්දෙ දුන්නත් මේ ඉන්ටනෙට් පාවිච්චි කරන සෝෂල් මීඩියා කාරයො කුමන්ත්‍රණය කරල තමයි එතුමන්ලව එළෙව්වෙ. දැන් කාට කාටත් එතුමන්ලගෙ අගේ තේරෙනව. ඒත් හෙට අනිද්දා වෙනකොට පරක්කු වැඩියි. හපොයි රටකට වෙච්ච දෙයක්’ එහෙම අකම්පාල වුනේ රාජපක්ෂවරුන්ට හැමදාම ලව් කරපු ගාල්ලෙ අමරෙ අයියා.

    දෙන්නගෙම විලාපය අහන් හිටපු පසන් ජයතිලක සහෝදරයා හෙමින් කටහඬ අවදි කෙරුවා.

    ‘මොකක්ද අමරෙ අයියෙ රටට වෙලා තියෙන අනතුර. තිබිච්ච අනතුර පොඩ්ඩකින් හරි පහවුනේ පහුගිය තුන්මාසෙ. කවුද කොටින්ට ඉඩම් බෙදුවෙ? කොහෙද කොටි ඉන්නෙ? හමුදාව බලෙන් අත්පත්කරන් හිටපු ඉඩම් ටික ඒවා අයිති මිනිස්සුන්ට දෙන එක කොටින්ට ඉඩම් බෙදීමක්ද? තමුසෙලත් නිකන් විමල් වීරවංශල වගේ. නැති බිල්ලො මවනව. ආයිත් හදන්නෙ අමාරුවෙන් එලවපු මැද මුලන බිල්ලව සිංහාසනාරූඨ කරන්නද?’

    ‘මැද මුලන බිල්ල වෙන්නෙ තමුසෙලට. ගම්වල මිනිස්සුන්ට මැද මුලන දෙයියො. මිනිස්සු කතරගම දෙයියො බලන්න යන ගමන් මැද මුලනට ගිහිල්ල ජීවමාන දෙවියන්ව අතගාල කකුල් දෙක ඉඹලයි යන්නෙ. මෑත කාලෙ අපේ එකම නායකයෙක්වත් ඔයවගේ වැඳුමට පිදුමට පාත්‍ර වුනාද? කළගුණ දන්න මිනිස්සු දන්නව වැඳිය යුත්තෙ කාටද කියල’ එහෙම කිව්වෙ හෙල කුමාර දොස්තර මහත්තය. අමරෙ අයියත් ඔහුට තල්ලුව දුන්නා.

    ‘අනේද කියන්නෙ දොස්තර මහත්තය. ගම්වල ගෑණු අඬන ඇඬිල්ල දැක්කහම ලන්ඩන් ඉදල මායි මගේ වයිෆුයි ඉකි ගගහ ඇඬුව. අපේ වයිෆ් ජනවාරි 09 වෙනිදා ඔක්කොම යන්තර මන්තර සුර ගලවල විසිකෙරුවා. දැන් අපි ඕන මසක් කනව. ඔය කට්ටඩි වැඩ විශ්වාස කරන්නෑ මීට පස්සෙ. මේවගේ ප්‍රතාපවත් නායකයෙක්ට යන්ත්‍ර මන්ත්‍රවල පිහිටක් නැත්තන් අපි මොක්කුන්ද? බාර් මල්ලි අපිට හොඳවයින් ‘සර්ලොයින් ස්ටේක්’ (ඌරු මසින් පිලියෙල කරන කෑමකි) දෙකක් දාල ගේන්ඩ’ අමරෙ අයියට කට්ටඩි වැඩ ගැන මල පැනල.

    ‘ඒ අතින් අපි හැමෝම ස්තූතිවන්ත වෙන්ඩ ඕනැ අමරෙ අයියගෙ ගමේ සුමනදාස අබේගුණවර්ධන උන්නැහෙට. මිනිහ තමයි ‘‘රට බේරාගත්ත එකාගෙන් රට බේරාගත්ත එකා’’ මිනිහ නොඉන්න තාමත් රාජපක්ෂ රජතුමා අරලියගහ මාලිගාවෙ බල්ලන් 70 ක් පිරිවරා යෙහෙන් වැජබෙනවා’. එහෙම කියමින් කතාවට එකතු වුනේ ජර්මන්වල රංජන් අයියා.

    ‘ඒ වුනාට රංජන් අයියා සුමනදාස ගොයිය වගේම චන්ද්‍රසිරි බණ්ඩාරයි, මාපලගම ලොක්කයි මාර සපෝට් එකක් දුන්නෙ. චන්ද්‍රසිරි බණ්ඩාර එදා ඉදල කලේ මහින්ද ලොක්කව අන්දපු එක. මෑන් තමයි මහින්ද ලොක්කට නියම දඬුවමක් දුන්නෙ. අමුඩයක් ගස්සවල හතර වාහල්කඩ බඩගාවල’ එහෙම කිව්වෙ සරා මල්ලි. හැමෝම කටවල් ඇරගෙන සරා මල්ලි දිහා බලාගෙන හිටියෙ සම්පූර්ණ ස්ටෝරියම දැන ගැනීමේ නොනිත් ආසාවෙන්. සරා මල්ලිත් රිපෝටර් කෙනෙක් නිසා ලුණු ඇඹුල් දාලම කතාව කිව්වා.

    ‘කට්ටියට මතකයිනෙ ඔය චන්ද්‍රසිරි බණ්ඩාර යූඑන්පී කාරයෙක් නිසා රාජපක්ෂ ගවර්න්මන්ට් එකෙන් ඇරස්ට් කරපු හැටි. අන්තිමට මිනිහ පිහිටට ආවෙ ආචාර්ය මර්වින්. රිලීස් වුනායින් පස්සෙ චන්ද්‍රසිරි බණ්ඩාරත් ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කිරීමට සෙට් වුනා. කොහොම හරි මෑන් මහින්ද ලොක්කගෙ වීක් පොයින්ට්ස් ටික අල්ලගත්තා. ඊට පස්සෙ මිනිහ ප්ලෑන් කළා මිනිහව ඇරස්ට් කරපු එකට රිටර්න් එක දෙන්න. එහෙම ප්ලෑන් කරල මිනිහ මහින්දගෙ කේන්දරේ බලල ලනුවක් දුන්නා ජනාධිපතිතුමාට මාරක අපලයි කියල. ඒකෙන් අත්මිදෙන්න නම් සෙත් ශාන්තියක් වශයෙන් හිඟන්නෙක් වගේ අමුඩයක් ගහගෙන රුවන්වැලි සෑයෙ හතර වාහල් කඩ බඩ ගාන්න ඕනෙ කියල. මහින්ද ලොක්කත් කේන්දර කාරයො කියන ඕන දෙයක් කරනවනෙ. ඒක නිසා මේකටත් කැමති වුනා. අන්තිමට රුවන්වැලි සෑය අවට සාමාන්‍ය ජනයාට එක මධ්‍යම රාත්‍රියක තහනම් කරල ජනාධිපති මහින්ද රාජපක්ෂයි, චන්ද්‍රසිරි බණ්ඩාරයි, මර්විනුයි ගිහිල්ල තියෙනව. අන්තිමට අපේ හිටපු ජනාධිපතිතුමා හිඟන්නෙක් වගේ අමුඩයක් ගහගෙන චන්ද්‍රසිරියි මර්විනුයි බලන් ඉද්දි හතර වාහල්කඩ බඩගාලා. ජනාධිපති බඩගාන අතරතුර මර්වින් චන්ද්‍රසිරිගෙ කණට කරල ඇහුවලු ‘‘ඇත්තම කියපන් චන්ද්‍රසිරි මල්ලි උඹ මේ ලොක්කට දෙන්නෙ මාර ලණුවක් නේද?’’ කියල. එතකොට චන්ද්‍රසිරි කියනවලු ‘‘මර්වින් අයියා මට මිනිහෙක් ගැහුවොත් මමත් රිටර්න් එක දෙනවා. මේක තමයි මගේ රිටර්න් එක’’ කියල.

    පබ් එකේ හැමෝම බඩ අල්ලන් හිනාවෙනව. හැබැයි දොස්තර හෙල කුමාරවත් අමරෙ අය්යවත් ඒ හිනාවට සම්බන්ධ වුනේ නෑ. ඒ වෙනුවට ඒ අය කිව්වෙ ‘කොච්චර කැත වැඩක්ද රටේ නායකයින් එහෙම අන්දන එක’ කියල. එතකොට සරා මල්ලි කියනව ‘නායකයින් නම් අන්දන්න බෑ. මෝඩයින්ව තමා අන්දන්න පුළුවන් කියල. දොස්තර හෙල කුමාරට ජුවල් ගිහින් මෑන් කියනව ‘අපේ නායකතුමා දැන් නක්ෂත්‍රය විශ්වාස කරන්නෑ කියල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා’ කියල.

    ‘එහෙනම් ඒක වෙන්ඩ ඇති අර රාජගිරියෙ පීකොක් මන්දිරේ ස්විමින් පූල් එක වැලි දාල ගොඩ කරන්නෙ. බලු නකුට උන පුරුකෙ දාල කෙලින් කළත් මහින්දගෙ මිත්‍යා විශ්වාස කවදාකවත් නැති කරන්ඩ බෑ. ’ සරා මල්ලි පිලිවදන් දුන්නා. හැමෝම සරා මල්ලිගෙ කතාව අනුමත කළා. ඒත් අමරෙ අය්යයි දොස්තර හෙලකුමාරයි නිහඬව හිටියා.

    ‘ඔව් ඔව් ඊයෙ පෙරේදා පීකොක් මන්දිරේ මහා යාගයක් පවත්වල. අහල පහල මිනිස්සුන්ට නිදියන්න විදිහක් නැහැයි කියල පොලීසියටත් පැමිණිලි කරලා. මහින්ද යන්තර මන්තර ගුරුකම් නැවැත්තුවොත් ඉර බස්නාහිරින් පායයි. මිනිහ ලබන විසිවෙනිදා පීකොක් මන්දිරේ පදිංචියට එනවලු’ එහෙම කිව්වෙ ලඟදි ලන්ඩන් පබ් එකට සෙට් වෙච්ච ‘නෙලුං අජිත්’. අජිත් කියන්නෙ පරිඝණක ඉන්ජිනේරුවෙක්. මිනිහ බ්ලොගර් කෙනෙක්. ‘කොළඹ ගමයා’ කියන බ්ලොග් එක ලියන්නෙ අජිත්. අජිත්ලගෙ බ්ලොග් සංසදය තමයි ‘නෙළුම් යාය’ කියන්නෙ. ඒක නිසා මෑන්ට පබ් එකේ අය කියන්නෙ ‘නෙලුං අජිත්’ කියල. ගම හොරණ. පදිංචිය ලන්ඩන්. ඉගෙන ගත්තෙ රුසියාවෙ. බැඳල ඉන්නෙ ජර්මනියෙන්. ලන්ඩන් පබ් එකටම හරියන ‘රේන්බෝ පොරක්’. මුලින්ම පබ් එකට ආවෙ සරා මල්ලි එක්ක.

    ‘මල්ලී මහින්ද රාජපක්ෂ කියන්නෙ අපේ ජාතික සංකේතයක්. රන්ඩු සරුවල්, කුණු හරුප, ගෑනු හුටපට, බීමත්කම, මලගෙවල්, දානෙ ගෙවල්, බෝධී පූජා, සෙත් ශාන්ති, යන්ත්‍ර මන්ත්‍ර, බලි තොවිල්, අසීමාන්තික තන්හාව ඔය කියන හැම එකකම සංකලනයක්. අපේ සංස්කෘතිය වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි අතරට මැදි වෙච්ච සරල සුගම එකක්. විශාල ගැඹුරක් නෑ. ඒක නිසා තමයි අපේ රටේ මහා ප්‍රාඥයො බිහි වෙන්නැත්තෙ. ඒ සීමාවෙන් තරමක් හරි පිට පැනපු උදවිය තමයි ආනන්ද කුමාරස්වාමි, කුමාරතුංග මුණිදාස, මාටින් වික්‍රමසිංහ වගේ උදවිය. ඒත් ඒ අයටත් පරිපාකයට පත්වෙන්න බැරිවුනා. මහින්ද කියන්නෙ දකුණෙ සාමාන්‍ය මෝඩ ගැමියෙක්. මං ඉස්සර කියපු හැම ගුනාංගයක්ම ඔහුගෙ චරිතෙ තියෙනව. ඉංග්‍රීසි පැත්තකට දාන්න. මහින්දට හරියට වචන හතරක් ගලපල සිංහල කතාවක් කර ගන්නත් බෑ. මිනිහට කියන්න ඕන දේ කියා ගන්න බැරි වුනහම මිනිහ කරන්නෙ පපුවට ගහ ගන්න එක. හරියට තමන්ගෙ අවංක කම ගෑනිට ඔප්පු කරන්න දඟලන ගමරාල කෙනෙක් වගේ. ඒක මහින්දට විතරක් නෙමෙයි ලංකාවෙ අපි හැමෝටම පොදු සිද්ධාන්තයක්. පොදු සාධකයක්. අපි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නෙ රටින් එළියෙ ජීවත් වෙන නිසා. මහින්දලට වඩා අපිට විවිධ තරාතිරමෙ පුද්ගලයො එක්ක කටයුතු කරන්න සිද්ධ වෙන නිසා විවිධ පුද්ගලයින්ගෙ කටයුතු පේන නිසා අපි මහින්දට වඩා ටිකක් වෙනස්’ ජර්මනියෙ රංජන් අය්යගෙ කතාවට හැමෝම සාවදානව ඇහුම් කන් දීගෙන හිටියා. රංජන් අය්යා තවත් බියර් උගුරකින් උගුර තෙමාගෙන නැවතත් කතාව ආරම්භ කලා.

    ‘1956 බණ්ඩාරනායක මහත්තය ඇති කරපු පුනරුදයේ අවසාන ඵලය තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ. ඒ සමාජ රැල්ලට යාහැකි උපරිම දුර තමයි මහින්ද රාජපක්ෂ සටහන් කලේ. ගුණදාස අමරසේකර මහත්තයල කියන ගැමි උගත් තරුණ පරපුරේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ. ඒකෙ අනිත් ප්‍රකාශකයන් දෙන්නා තමයි විමල් වීරවංශ සහ චම්පික රණවක. හැබැයි චම්පික රණවක ඊට වෙනස්. මිනිහ පත පොතින් හරි ලෝකය දැකල තියෙන කෙනෙක්. ගෝත්‍රවාදියෙක් වුනාට ප්‍රතිගාමී ගෝත්‍රවාදියෙක් නෙමෙයි. විමල් සහ මහින්ද කියන්නෙ ප්‍රතිගාමී ගෝත්‍රවාදීන්. ඇත්තටම චම්පික කියන්නෙ 21 වන සියවසේ චින්තනයකින් හෙබි ගෝත්‍රවාදියෙක්. චම්පිකලගෙ පන්නයේ අය ලෝකයේ විරලයි. නමුත් ඒවගේ පුද්ගලයන්ට නවීන ලෝකයත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන්. බටහිර රටවල් චම්පිකව හොඳට අධ්‍යයනය කරමින් ඉන්නෙ. චම්පික කියන්නෙ ප්‍රගතිශීලී ගෝත්‍රවාදියෙක්’

    ‘හැහ්.... ගෝත්‍රවාදියො ප්‍රගතිශීලී වෙන්නෙ කොහොමද? ප්‍රශ්නය පසන්ගෙන්.

    ‘මේ වෙනකොට බටහිර ලෝකයෙ විශේෂයෙන්ම යුරෝපයෙ නැගී එන ජාතිකත්වය තමයි ඒකට හොඳම උදාහරණය. ප්‍රංශයෙ ෆ්‍රන්ට් නැෂනල් පාටි, ජර්මනියේ එලායන්ස්, ඉතාලියෙ නොදර්න් ලීග්, ස්පාඤ්ඤයේ කැටලෝනියා, එංගලන්තයේ යුකිප්, ස්කොට්ලන්තයේ එස්.එන්.පී. ග්‍රීසියේ ගෝල්ඩ්න් ඩෝන්, මේ හැම එකක්ම ප්‍රගතිශීලී ගෝත්‍රවාදී සංවිධාන. ඒකෙ ශ්‍රී ලංකා නියෝජනය තමයි ජාතික හෙල උරුමය’ රංජන් අය්යා උත්තර දුන්නා.

    ‘ඔය මොනව තිබ්බත් රට ජාතිය බේරගත්තෙ මහින්ද රාජපක්ෂ කියන ප්‍රතාපවත් නායකයා’ අමරෙ අය්යා බිබී හිටපු බ්‍රැන්ඩි වීදුරුව ඉහලට ඔසවමින් ප්‍රකාශ කර සිටියා. ඔහුගේ අදහසම අනුමත කරමින් දොස්තර ඒ.බී. හෙලකුමාර මේ විදිහට කිව්වා.

    ‘අද මුළු රටම අනතුරේ. මහින්ද ඉදිද්දි යටපත් වෙලා තිබ්බ බෙදුම්වාදී න්‍යායපත්‍රය දැන් ටික ටික ක්‍රියාත්මක වෙනව. බෙදුම්වාදීන් ආයිත් ඔලුව උස්සල. මහින්ද නැතුව තව අවුරුදු 2 ක් ගියොත් රට බෙදෙන එක ඉර හඳ වගේ ෂුවර්’

    ‘මහින්ද දිගටම තව අවුරුදු 2 ක් හිටියනම් රට බෙදෙන එක ඉර හඳ වගේ ෂුවර්’ එහෙම කිව්වෙ පසන්.

    ‘ඒක යකාගෙ කතාවක්නෙ. මහින්ද හිටියනම් කොහොමද රට බෙදෙන්නෙ?. මහින්ද නැති වෙච්ච නිසයි රට බෙදෙන්නෙ’ අමරෙ අය්යයි, දොස්තර හෙලකුමාරයි පසන්ට යුධ ප්‍රකාශ කලා.

    ‘මමත් විශ්වාස කරනව මහින්ද හිටියනම් රට කැඩී වෙන්වීමේ අනතුරක් තිබ්බ කියල’ රංජන් අය්යත් පසන්ට සහයෝගය දැක්කුවා.

    ‘ඒක මහ මෝඩ කතාවක්නෙ. කොටින්ට ගහල කුඩු පට්ටම් කරල මුළු රටම එක් සේසත් කරපු මහින්ද හිටියනම් කොහොමද රට බෙදෙන්නෙ? අමරෙ අය්ය ඉඳගෙන හිටපු තැනින් නැගිටල අහනව.

    ‘ඕක තමයි මුළු ලංකාවම අහන්නෙ. නමුත් ඉන්දියාව දකින්නෙ ඔය ප්‍රශ්නය වෙනස් විදිහකට. ’

    ‘ඔව් ඒක තමයි. ඉන්දියාවෙ ‘රෝ’ ඔත්තු සේවය මහින්ද එලෙව්වෙ. මොන බලු වැඩක්ද ඒ කලේ? ’ දොස්තර හෙලකුමාරට මල පැනල.

    ‘දොස්තර මහත්තයො.... මහින්ද දිගටම හිටියනම් මිනිහ කවදාක්වත් ශ්‍රී ලංකාවෙ ජාතික ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නෑ. මිනිහ හිතන්නෙ ගහල කුඩු කරල ප්‍රශ්න විසඳන්න පුලුවන් කියල. ගහල කුඩු කරලා කොටින්ව නැති කරන්න පුළුවන්. ඒත් දෙමළ ජාතික ප්‍රශ්නය එහෙම්මමයි. අපි ඒ ප්‍රශ්නෙට විසඳුමක් නොදෙන තාක් කල් අපි කරන්නෙ ජාත්‍යන්තර ප්‍රජාවට අපේ අභ්‍යන්තර ප්‍රශ්නෙකට මැදිහත් වෙන්න පාර කපන එක. නැගෙනහිර ටිමෝරය බිහිවුනේ කොහොමද? දකුණු සුඩානය බිහිවුනේ කොහොමද? කොසොවො බිහිවුනේ කොහොමද? ඒ රටවල්වල පාලක පක්ෂය සාධාරණ විසදුමක් නොදුන්න නිසා එක්සත් ජාතීන් ඒ ප්‍රශ්නවලට මැදිහත් වුනා. මහින්ද දිගටම හිටියනම් අනිවාර්යෙන්ම එක්සත් ජාතීන් ලංකාවෙ ජනවාර්ගික ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. ඒ අය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට වෙන් කරල දෙනවා. එහෙම වෙන්වුනොත් ඒක ඉන්දියාවෙ බහුමික අඛණ්ඩතාවයට විශාල බලපෑමක් වෙනව. මොකද තමිල්නාඩුව ඉන්දියාවෙන් කැඩී වෙන්වීමේ මූලික පියවර වෙන්නෙ ඒක. ඉන්දියාවට කාෂ්මීර ප්‍රශ්නයට අමතරව දකුණෙනුත් තමිල්නාඩු ප්‍රශ්නය ඇති වෙනවා. මොකද අනිවාර්යෙන්ම ලංකාවෙ උතුරු නැගෙනහිර තමිල්නාඩුවත් එක්ක ඒකාබද්ධ වෙලා ලෝකය පුරා ඉන්න ද්‍රවිඩ ජනතාවට වෙනම රාජ්‍යක් නිර්මාණය වෙනවා. මේ තත්වය වැලැක්වීමට තමයි ඉන්දියාව මහින්දවයි ගෝඨවයි ගෙදර ඇරියෙ. ඒ වගේම ඉන්දියාව යහපාලන අලුත් ආණ්ඩුවට අවම වශයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ ක්‍රියාත්මක කරන්නෙයි කියල බල කරන්නෙ ඒකයි. දෙමල ජාතික ප්‍රශ්නයට අනිවාර්යෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ඉන්දියාව ඒක දෙන්න කියල ලංකාවට බල කරන්නෙ දෙමල ජනතාවට තියෙන ආදරේට නෙමෙයි. කවදහරි දවසක තමිල්නාඩුව කැඩී වෙන්වෙයි කියන බයට. ’ පසන්ගෙයි රංජන් අය්යගෙයි කතාවට කවුරුවත් බාධා කලේ නෑ.
     

    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    සිංහළ ජනයා උතුර නැගෙනහිර ප්‍රෙද්ශ වලත් පදිංචි විය යුතුයි.:rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගුල තමා ඉන්දියාව ඔක නිසා නෙමේ මේකට මැදිහත් උනේ, ඊලම මහින්ද ඉන්නකන් ලoකාවෙ හදන්ඩ දෙන්නෙ නැ,දෙමෙල්ලු ඊලගට තමෙල්නාඩුවෙ ඊලම හදන්ඩ බලනව ලකාවෙ බැරි නිසා,ඔකෙන් ඉන්දියාව බේරෙන්ඩයි මහින්ද එලවන්ඩ ඉන්දියාව බැස්සෙ. පබයෙක් ජනාධිපතිකරල කොටින්ට ඊලම දෙන්ඩ,දැනටමත් ඒක වෙමින් යනව සාම්පූර් හමුදා කදවුර ගැලවූනා උතුරින් හමුදාව අයින් කරනව, හමුදාවෙන් උතුරෙ පවත්වාගෙන ගිය හොටල් ඊලාම් වාදින්ට විකුනනව ටෙන්ඩර් දාල, ඉන්දියාවෙ දිනල කොන්ද පනනැති පබයෙක් ජනාධිපතිකරගෙන ලoකාව කෙලො ගන්නව,:(:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගුල තමා ඉන්දියාව ඔක නිසා නෙමේ මේකට මැදිහත් උනේ, ඊලම මහින්ද ඉන්නකන් ලoකාවෙ හදන්ඩ දෙන්නෙ නැ,දෙමෙල්ලු ඊලගට තමෙල්නාඩුවෙ ඊලම හදන්ඩ බලනව ලකාවෙ බැරි නිසා,ඔකෙන් ඉන්දියාව බේරෙන්ඩයි මහින්ද එලවන්ඩ ඉන්දියාව බැස්සෙ. පබයෙක් ජනාධිපතිකරල කොටින්ට ඊලම දෙන්ඩ,දැනටමත් ඒක වෙමින් යනව සාම්පූර් හමුදා කදවුර ගැලවූනා උතුරින් හමුදාව අයින් කරනව, හමුදාවෙන් උතුරෙ පවත්වාගෙන ගිය හොටල් ඊලාම් වාදින්ට විකුනනව ටෙන්ඩර් දාල, ඉන්දියාවෙ දිනල කොන්ද පනනැති පබයෙක් ජනාධිපතිකරගෙන ලoකාව කෙලො ගන්නව,:(:(:(

    ඉන්දියාව කොහොමත් එලමට කැමති නැහැ බන්. ඉන් කැමැති නැහැ කොහේ හැදුවත්. උන් කැමති අවුල් සාහගත බව හැමදාම තියාගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉන්දියාව කොහොමත් එලමට කැමති නැහැ බන්. ඉන් කැමැති නැහැ කොහේ හැදුවත්. උන් කැමති අවුල් සාහගත බව හැමදාම තියාගන්න
    ඉන්දියාව ඊලම ලoකාවෙ හැදෙනවනම් කැමතියි,මොකද එතකොට ඉන්දියාවෙන් තමෙල්නාඩුව බෙදෙන් නැ,ලoකාවෙ ඊලම හදන්ඩ් පුලුවන් කියන චිත්‍රය තමෙල්නාඩුවෙ දෙමලුන්ට පෙන්නලයි ඉන්දියාව ඇදගෙන ගියෙ,එත් මහින්ද යුද්දෙ දිනපු එකෙන් ඉන්දියාවෙ දෙමලුන්ගෙ ඉවසීම නැති උනා,එකෙන් ඉන්දියාවට වෙන බලපෑම අයින් කරන්ඩයි මහින්දව පරදන්ඩ ඉන්දියාවෙ වැඩකරේ,

    අනික ඉන්දියාවෙ වාහන වලට මහින්ද බදු ගැහුව, එකෙන් ඉන්දියාවට සැලකියයුතු පාඩුවක් උනා,ඒවට මහින්දව පරදන්ඩ ඉන්දියාවට ඔනෙ උනා,යහපාලන පාන්ඩුව ආව ගමන් ඉන්දියාවෙ ජරා වාහන වල බදු අඩු කරල හයිබ්‍රිඩ් මිල වැඩි කරා කුමන්තරනය හරිම පැහැදිලියි.
    :confused:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,204
    614
    113
    Dubai
    රටක නායකත්වයක් තිබිය යුත්තේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් නායකයෙකුට. රජ කාලේ ඉදලා අපේ රටේ රජකම් කරේ කොන්දක් තියෙන රාජ තේජසක් උරුම අය. ඉන්දියාව මේ හැම දෙයක්ම කරන්නේ ලංකාවට, සින්හල මිනිහට තියෙන ආදරේට නෙවෙයි. ඉන්දියන් හැත්ත ගැන කතා කරන්න ඔනේ නෑ. තමන්ගේ වාසියට අම්මාව උනත් බිල්ලට දෙන සක්කිලි ජාතියක්. අවුරුදු 15කට වඩා අත්දැකීම් තියෙනවා ඉන්දියන් එවුන් එක්ක වැඩ කරලම. ඇල් වතුරත් සීතල කරලා බොන ජාතියේ මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටක්. තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ ගෙවල් මැච් එකක් පැරදුනාම ගිනිබත් කරලා දාලා ඒ අයගේ අනුරුවත් ගිනි තියන මිනිස්සු ජීවත් වෙන රටක් අසල් වැසි රටක ඉන්න මිනිස්සු ගැන ඒ රට ගැන හොදක් හිතයිද? පුලුවන්නම් මොකක් හරි යටි කූට්ටු වැඩක් කරල ලංකාවෙ මිනිස්සුන්ව මුහුදට තල්ලු කරලා උන්ගේ මිනිස්සුන්ව මෙහේ පදින්චි කරල ලන්කාවත් ඉන්දියාවෙ තවත් ප්‍රාන්තයක් කරගන්න බලයි. එහෙව් රටක මිනිස්සු ලන්කාවට ආදරයක් කරයිද? අපේ එක ගොන් මීමෙකුටවත් මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ. අපේ සින්හල ජාතියේම ගොන් කමට මෝඩ කමට කවදා හරි ලංකාවෙ සුලු ජාතිය සින්හල ජාතිය වෙනවා නොඅනුමානයි.. මූ මහින්දට අරූ මෛත්‍රීට කියලා හැමදාම සින්හල එකාට එකා මරා ගනිද්දී ඉන්දියාවට රජ මගුල්. එක දර කෝටුවක් ලේසියෙන්ම කඩන්න පුලුවන්. නමුත් දර මිටියක් කවදාවත් කඩන්න බෑ. අපේ රටේ තිබුන යුද්ධය ඉවර කරේ මුලු ලංකාවෙම මිනිස්සුන්ගේ එකමුතුකමින්. ඒ එකමුතුකම අද එන්ජීඕ කාරයන්ගේ ඔත්තු සේවයන්ගේ රහස් වැඩ වලින් මුලු ලංකාවම භේද බින්න වෙලා. එකාට එකා ගතු කියාගෙන වෙන් වෙලා මරා ගන්නවා. අනික් රටවල් වලට ඕන උනේ ඒකයි. උන් දන්නවා සින්හල ජාතිය කියන්නේ මෝඩ හරක් ටිකක් කියලා. මට මතක් වෙනවා අපේ ආච්චි ඉස්සර කියන දෙයක්.. සින්හලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා..
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,204
    614
    113
    Dubai
    ඉන්දියාව ඊලම ලoකාවෙ හැදෙනවනම් කැමතියි,මොකද එතකොට ඉන්දියාවෙන් තමෙල්නාඩුව බෙදෙන් නැ,ලoකාවෙ ඊලම හදන්ඩ් පුලුවන් කියන චිත්‍රය තමෙල්නාඩුවෙ දෙමලුන්ට පෙන්නලයි ඉන්දියාව ඇදගෙන ගියෙ,එත් මහින්ද යුද්දෙ දිනපු එකෙන් ඉන්දියාවෙ දෙමලුන්ගෙ ඉවසීම නැති උනා,එකෙන් ඉන්දියාවට වෙන බලපෑම අයින් කරන්ඩයි මහින්දව පරදන්ඩ ඉන්දියාවෙ වැඩකරේ,

    අනික ඉන්දියාවෙ වාහන වලට මහින්ද බදු ගැහුව, එකෙන් ඉන්දියාවට සැලකියයුතු පාඩුවක් උනා,ඒවට මහින්දව පරදන්ඩ ඉන්දියාවට ඔනෙ උනා,යහපාලන පාන්ඩුව ආව ගමන් ඉන්දියාවෙ ජරා වාහන වල බදු අඩු කරල හයිබ්‍රිඩ් මිල වැඩි කරා කුමන්තරනය හරිම පැහැදිලියි.
    :confused:

    මේවා අපේ ගොන්නුන්ට තේරෙන්නේ නෑ බන්. කවදා හරි අපේ එවුන්ට කෙල උනාම තමයි පස්ස පැත්ත ගිනි ගන්නේ.. ඒ වෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවර වෙයි.. අන්තිමේදී මුහුදට පනින්න තමයි වෙන්නේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා අපේ ගොන්නුන්ට තේරෙන්නේ නෑ බන්. කවදා හරි අපේ එවුන්ට කෙල උනාම තමයි පස්ස පැත්ත ගිනි ගන්නේ.. ඒ වෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවර වෙයි.. අන්තිමේදී මුහුදට පනින්න තමයි වෙන්නේ..
    :yes::yes::yes: සුද්දට *ක දිල රට පාවල දුන්න එවුන්ගෙ මීමුත්තොනෙ බන් ඉන්නෙ අද , උන් කරන්නෙ දෙමලුනට &ක දීලා රටෙන් බාගයක් දෙමලුන්ට පුදන එක,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    mamath meaka goda dawasaka idala dakapu deyak. mewa katha karanna giyoth kiyanne anna aruta kade yanawa kiyala.. sadda nathuwa balagena inna thiyenne kattiyatama terenakal...
     
    • Like
    Reactions: erozan

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඉන්දියාව අපිට ආදරේයි, අපේ දෙමල මිනිස්සුන්ට ආදරේ, අපේ රට ගැන හිතනවා කියන උන් ඔලුව අතගාගෙන බලන්න අං දෙකක් තියෙනවද කියලා

    උන්ට ඕනේ අපේ රටේ දෙමල්ලුන්ට වෙනම ප්‍රදේශයක් දීලා උන්ගේ දෙමල්ලු ටිකත් මෙහෙට පටවන්න. ඒකේ හොදම නිදසුන තමා ලන්කාවට යන්න කියල සල්ලිත් දුන්න එක. මෙහෙන් ගියේ 1යි නම් එනවා 10ක්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉන්දියාව අකමැත්තෙන් හිටියෙ ලංකාව යන ගමන ගැන. චීනෙත් එක්ක ලංකාව ලං වෙනවට කොහොමත් අකමැතියි. උන් ලංකාවෙ යුද්දෙ නැතිකරන්න කිසිම සපොට් එකක් දුන්නෙ නැ වගේම අනික් උන්ට සපෝට් එකක් දෙන්න දුන්නෙත් නැ. ඉන්දියාව ලංකාවෙ ඊලම් ප්‍රශ්ණයක් ඇතිකරන්න හා ඒකට උපකාර කරන්නෙ විශේෂයෙන් ලංකාවෙ ආර්ථික වර්ධනය බාල කරන්න වගේම තමිල්නාඩුව මහ ආණ්ඩුවට සපෝට් කරන්නෙ ලංකාවෙ ඊලම් ප්‍රශ්ණයට දෙන සපෝට් එකේ තරමටයි. ඉන්දියාවෙ ඉන්නෙ අම්ම තාත්තවත් අදුරන්නෙ නැති සක්කිලි ජාතියක්... ඇත්තම කියනව නම් ඉන්දියාව මහින්ද ගෙදර යවල මේ වෙනකොට දිනාගෙන ඉන්න දේවල් බැදුවම ඒක පැහැදිලියි.
     
    Last edited: