උන්ම හදපු standard නිසා උන්ම හැමදාන නොන්ඩි වෙනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113



    හිනාවෙන්නෙ විජිත⁣ගෙ ඉංග්‍රීසි බැරිකමට නෙමෙයි, ඒත් විජිතල හදපු දේශපාලන සංස්කෘතියට. ඔවුන් රටට කිව්වෙ අපි තරම් උගත්තු නැ. අපේ ඉන්න සියලු දෙනා උපාධි තියෙන අය. ඒ දවස්වල මට මතකයි අනුර එහෙම කියනකොට අනිත් පැත්තෙ අය ලාල් කාන්ත ව පෙන්නල දුන්න. ඒ කොහොම වුනත් ජවිපෙ හදපු අධිපති මතවාදය තමා අපි උගත්තු. අනිත් පක්ෂවල ඉන්නෙ නූගතුන්. වැඩකට නැති මිනිස්සු. උන්⁣ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න එපා කියල. එක අතකින් මෙතන ජවිපෙ විසින් ජවිපෙ ම කව්ට්‍රැඩික් කළා. ඒ ඔවුන් තමන් නිර්ප්‍රභූ කියමින් ම ප්‍රභූ උගත්කම උත්කර්ෂයට නැංවීම.
    අපි හැමදාම කිව්වෙ දේශපාලනය කියන්නෙ උගතුන්ගේ රස්සාවක් නෙමෙයි කියන එක. උගත් දේශපාලකයින් ඉන්න පුළුවන්. හැබැයි දේශපාලකයින් කියන්නෙ "උගතුන්" විතරක් නෙමෙයි. ඒක තියෙන්නෙ වෙනත් තැනක. මේ හදපු මතය කොච්චර ප්‍රබල වුනාද කියනව නම් පොහොට්ටුව ගෙනාපු වියත්මගත් ඒකෙම දිගුවක්. ඒ තරමට මේක ජනප්‍රිය වුනා. ගෝඨාභය ආණ්ඩුව අසාර්ථක වෙන්න වියත් මග ලොකු හේතුවක් වුනා.
    මම හිතන්නෙ විජිතලට, හඳුන්නෙත්තිලට, අනුරලට අද වෙලා තියෙන්නෙ ඔවුන් හදපු මේ මතයට කේටර් කරන්න. ඔවුන්ගේ අනුගාමිකයන් ඉල්ලනව ඒක. හැබැයි එහෙම කරන්න කරන්න තවත් මඩේ එරෙනවා .මොකද මේ අනුගාමිකයන් ම තමා එදා බැසිල් රාජපක්ෂ ඉංග්‍රීසි වාක්‍යක කපුටාස් කියන සිංහල වචනයක් දැම්ම කියල හිනා වුනේ. එහෙම කියල විකල්ප ලෙස උත්ස⁣ගෙන ආපු විජිතලට අද ලංකාවේ නෙමෙයි, අන්තර්ජාතික ෆෝරම්වල දීත් හිනාවට ලක්වෙනකොට ඒක කාලා ඉන්න බැ.