ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඉන්දීය රජය විසින් අදාළ ඉල්ලීම ලිඛිතව දැනුම් දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    "ටීවි දෙරණ" ඔස්සේ ඊයේ (22) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

    "නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානිය වළක්වා ගැනීමට කටයුතු කළේ මුලික වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා අපේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාව. පරිසර හානිය තවත් බරපතළ වෙන්න තිබුණ එක වළක්වා ගන්න. ඉන්දීය නාවික හමුදාව දීපු දායකත්වය සම්බන්ධයෙන් මේ වනවිට ඒ අය අපෙන් මුදල් ඉල්ලලා තියෙනවා ඉන්දීය රුපියල් මිලියන 400ක්. ලංකාවේ මුදලින් නම් රු මි 1,400ක් වගේ. මේවා කටකතා නෙමෙයි. ලිපිගොනුවෙත් ඇති එවපු ලේඛනය. පහුවෙලා දෙන්නම්. එක්ස්ප්‍රස් පර්ල් එකට රු මි 490යි. නිව් ඩයමන්ඩ් එකට රු මි 400යි."

    https://sinhala.adaderana.lk/news/182062
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ගෝඨාභය රාජපක්ෂ තමා නැව release karanna අන දුන්නේ. කීයක් කොමිස් ගත්තා ද දන්නේ නෑ. අපි ඔක්කෝටම හිජුවා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපි අපේ අලුත්ම තාක්ෂණය යොදලා රාවණා නියුක් එක යවල දිල්ලියම අළු කරල දාමු!
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    නැව් සමාගමෙනුත් නඩු දැම්ම නන් තමා වැඩේ සම්පූර්ණ වෙන්නෙ උන්ගෙ නැව අපි බේරගත්තෙ නෑ කියල.


    කොහොමත් දැන් අර ගන්න පුලුවන් වෙලා තිබ්බ බිලියන 10ත් ගන්න බෑනෙ