මෝඩ ගෝඨාගේ විපත්මග වාරකන් ගොඩහේවාගේ නැව් වන්දි කෙරුවාවල්

monson

Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113

    එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගෙවීම වළක්වා ගන්න නැව් සමාගමෙන් අල්ලස් ගත් අයෙකුගේ තොරතුරු අධිකරණ ඇමති හෙළි කරයි!


    x-press-perl



    එක්ස්ප්‍රස් පර්ලි නෞකාවෙන් සිදුවූ දැවැන්ත සමුද්‍ර දූෂණය වෙනුවෙන් වන්දි අය කරගැනීම සඳහා දියත් වී ඇති නඩු කටයුතු වළක්වා ගැනීම සඳහා එම නාවික රක්ෂණ සමාගම ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දුන්නේ යැයි කියන පුද්ගලයෙක් සම්බන්ධව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

    මේ තැනැත්තා චාමර ගුණසේකර නැමැත්තෙක් බවත් නට්වෙස්ට් කොට්(natwest cot), 50000 ලිපිනයේ සිටින ඔහුගේ අන්තර්ජාතික ගිනුම් අංකය (IBAN International Bank Account Number) 154793334 බවත් ඇමතිවරයා ක නම්බර් එකක් තියෙනවා. මෙම ගිනුමට GB 53 N W B K 50000015479234. BIC N W B K G 2L කේතය ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වැටී ඇති බව තමන්ට තොරතුරු ලැබුනේ යැයි ඇමතිවරයා කීවේය.
    ” මට අභියෝග කරලා තියනවා පුලුවන්නම් මේ සිද්ධියට සම්බන්ධ අයගේ නම් හෙළිදරව් කරන්න කියලා. අධිකරණ ඇමතිවරයා ලෙස නීතියට ගරු කරමින් මා කටයුතු කළේ. එය හෙළි දරවු වෙන්න ඕන පොලිසිය විසින්. ”


    “මට සාක්ෂියක් ලැබුණෙ නෑ. මට තොරතුරක් ලැබුණා. මේ හෙළිදරව් කිරීමේ මා වගකීම භාරගන්නේ නෑ. මේක තොරතුරක්. මේක සාක්ෂියක් ද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒක සාක්ෂියක් ද නැද්ද කියලා තේරුම් ගන්න ඕන පොලිසිය පරීක්ෂණය කරලා අවසන් නිගමනය දුන්නම.”
    “මේ තොරතුර පිළිබදව පරීක්ෂණයක් පවත්වනවා පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින්.” ඇමතිවරයා කිවේය.

    - https://lankasara.com/si/පුවත්/එක්ස්ප්රස්-පර්ලල්-වන්දි/

    ගෝඨාගේ කණෙන් රිංගා වියත්මගේ ගොඩහේවා ගැසූ “නිව් ඩයමන්ඩ්” නැවේ වන්දි වංගුව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…


    MT-New-Diomend


    පසුගිය 2020 වසරේ සැප්තැම්බර් මස 03 දින නැගෙනහිර ශ්‍රී ලංකා මුහුදේ ගිනි ගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක පාරිසරික හානි වන්දි මුදල ලබා ගත නොහැකිවන සේ එම නෞකාව ලංකා මුහුදු සීමාවෙන් පිටතට යැවීම සඳහා කටයුතු කර ඇත්තේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් මෙන්ම වියත් මග නියෝජනය කළ රජයේ ප්‍රබල දේශපාලකයෙක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා බවත්, හිටපු ජනාධිපතිවරයාගේ නියෝග අවභාවිතා කරමින් නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග කඩ කර කුමණ හෝ හේතුවක් මත ඔහු මෙම අශිලාචාර ගනුදෙනුව පසුපස සිටි ආකාරය පෙනෙන බවත් අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

    නිවු ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ අයුරු
    අමාත්‍යවරයා පැවසුවේ මෙම නෞකාව මුදා හරින ලෙස නාලක ගොඩහේවා විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබුණ නමුත් ඒ සඳහා ජනාධිපතිවරයා අවසර දී නැති බවය. නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව සහ අදාල සියලුම වන්දි මුදල් ලබා ගන්නා තුරු නෞකාව මුදා නොහරින ලෙස හිටපු ජනාධිපතිවරයා නාලක ගොඩහේවාට උපදෙස් ලබා දී තිබුණු අයුරු හෙළි වූ බව අධිකරණ ඇමතිවරයා කීවේය.
    එසේ තිබිය දී හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ විසින් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත බව පවසා නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත් කර හැර ඇති බව අධිකරණ ඇමතිවරයා විසින් හෙළි කළේය.
    අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙසේද පැවසුවේය.

    “නඩුව පැවරුවේ ශ්‍රී ලංකා මහාධිකරණයෙ. ඒකෙ සිතාසි භාර දී තියනවා. ඒත් මේ විත්තිකාර සමාගම එන්නෙත් නෑ. දැන් නඩු පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියනවා.”

    “අපිට නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ලැබිය යුතු වන්දි ප්‍රමාණය ලබා ගන්න මෙහෙම නඩු තුනක් පවර පවර විත්තිකාරයෝ හොය හොය යන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ. මොකද මේ නැව තිබුණෙ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ. නැව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණෙ නෑ ඒ අවස්ථාවේ.”

    “මේ නැව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් එළියට යවන්න එපා කියලා නීතිපතිතුමා උපදෙස් දුන්නා. ඒත් එම උපදෙස් දීලා දවස් කිහිපයකින් මේ නැව මුදා හැරියා. “

    “ඒ මුදා හැරීම ගැනත් මා කරුණු සොයලා බැලුවා. මුදා හැරීම සම්බන්ධව නීයෝගය දීලා තියෙන්නේ ජයන්ත කොළඹගේ මැතිතුමා. එතුමා එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඒ ඊමේල් පනිවිඩය මං ලඟ තියනවා.

    “ඒ ඊමේල් පණිවිඩය අනුව මේ නැව මුදා හරින්න නියෝග කළ බව කියන්නෙ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.”

    “මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න අපිටත් අවශ්‍යතාවය තියෙනවා. මම හිටපු සමුද්‍රීය අධිකාරියේ සභාපතිතුමියගෙනුත් මේ පිළිබඳව ඇහුවා. එතුමියත් මේ කාරණය හෙළිදරව් කළා.”

    NEW-DIOMEND
    නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය…
    “පසුව මා මේකෙ ඇත්ත නැත්ත හොයා ගන්න හිටපු ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කතා කළා. මොකද මේකෙ තියෙන්නෙ නෞකාව නිදහස් කළේ ජනාධිපතිතුමාගෙ නියෝගයක් මත කියලා.”

    ‘ජනාධිපතිතුමාගේ උත්තරය උනේ මේකයි. එතුමා පැහැදලි කරලා කිව්වා එතුමා කවදාවත් මේ නැව ලංකාවෙ මුහුදු සීමාවෙන් මේ ආකාරයට එළියට ගෙනියන්න කියලා නියෝගයක් දීලා නෑ කියලා. “

    “ඒත් නාලක ගොඩහේවා මැතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා හිටපු ගරු ජනාධිපතිතුමාගෙන් මේ නැව එළියට ගෙනියන්න දෙන්න කියලා. “

    “හිටපු ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා එහෙම ගෙනියනවා නම් නීතිපතිතුමාගේ නියෝගයක් මත පමණයි ඊට අවසර ලබා දිය යුත්තේ කියලා. එහෙම එලියට ගෙනියනවා නම් අපට වේච්චි හානිය සම්පූර්ණයෙන් තැන්පත් කරලා මිසක් එළියට ගන්න එපා කියලා හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව නියෝගයක් ලබා දීලා තියනවා. “

    ‘එතුමා ඊයේ රූත් මට ඒක තහවුරැ කළා. අද උදෙත් මම දෙවනුව තහවුරැ කර ගත්තා.”

    “අනික ජයන්ත කොළඹගේ මහත්තයා කියන්නේ විදේශීය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා නම් ජනාධිපති ලේකම්තුමා හරහා මිසක්, වැඩිම උනොත් ආරක්ෂක ලේකම්වරයා හරහා තමයි එවැනි නියෝගයක් දෙන්නේ.”

    ‘එතකොට මේ කාරණය හිටපු ජනාධිපතිතුමා දැනගෙන සිද්ධ වෙච්චි දෙයක් නෙමෙයි. “

    “පැහැදිලිවම මේ ඉල්ලීම දිගින් දිගටම කළා කියලා සඳහන් කළේ හැම පාර්ශවයෙන්ම ගරු නාලක ගොඩහේවා මන්ත්‍රිතුමා. “

    “එදා නැවට යන්න දුන්න නිසා අද අපි අධිකරණවල නඩු තුනක් දාගෙන විත්තිකාරයො හොයාගන්න බැරිව, සිතාසි ටික බෙදාගන්න බැරිව දුක් විඳිනවා. අපේ ආලාභය හෝ හානිය ලැබෙන්නෙත් නෑ. “


    “නව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාව ගිනි ගැනීම සිද්ධ වුනේ 2020 සැප්තැම්බර් 03දා… නැගෙනහිර වෙරළේ තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ.”
    “ඒ සම්බන්ධව අපි නඩු තුනක් පවරලා තියනවා. සමුද්‍රීය පරිසර හානිය සඳහා ඇමරිකානු ඩොල් මිලියන 22ක්. නාරා ආයතනය විසින් දරන ලද වියදම් ඇමරිකානු ඩොලර් 75640ක්, ධීවර ප්‍රජාවට සිදුවූ පාඩුව ලෙස ඇමරිකානු ඩොලර් 2,73,014ක් අය කරගැනීම වෙනුවෙන් එම නඩු තුන පවරා තියනවා. “

    “මින් ඉදිරියට හරි මේවා වළක්වන්න ඕන. මේවයෙ වගකිම් කවුරුහරි ගන්න ඕන. පාර්ලිමේන්තු තේරීම්කාරකසභාවක් හරි දාලා මේවා හොයන්න එකතු වෙන්න.”

    - https://lankasara.com/si/පුවත්/ගෝඨාගේ-කණෙන්-රිංගා-වියත්/
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ උද්දච්ච රාජපක්ක කැරි නාකියා. ගල් ගහලා මැරුවත් මදි කම්බ හොර සාටක වේසාවා :angry: .