ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර හදන පාලම ගැන

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර හදන පාලම ගැන

    උපුටා ගැනීම ඉරිදා DIVAINA

    road1.jpg


    ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පවතින්නේ අතිශය කිට්‌ටු සම්බන්ධතාවයකි. මෙය විටින්විට දෙරටේ යහපතටත් ඇතැම්විට අයහපතටත් හේතුවිය. ඇතැම් පුරාවෘත්ත වලට අනුව ඈත අතීතයේ මේ රටවල් දෙක වෙන්ව පැවතියේ කුඩා ජල පහරකින් බව පැවසේ. කෙසේ වෙතත් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ සමාජ, ආගමික, සංස්‌කෘතික හා ආර්ථික ආදී සියලු අංශවලට ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම සුළුපටු නැත. එම සම්බන්ධතා තවත් සමීප කරමින් ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර ඉදිරියේදී මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීම සිදුකිරීමට නියමිතය.

    මෙසේ මහාමාර්ගය හා දුම්රිය මාර්ගය ඉදිකරනු ලබන්නේ පෝක්‌ සමුද්‍ර සන්ධිය හරහාය. රාමේශ්වරම් හා දනුස්‌කොඩි හරහා තලෙයිමන්නාරමට මහමුහුදේ ඉදිකෙරෙන සුවිසල් පාලමක්‌ සහ මුහුද යටින් ඉදිකෙරෙන උමගක්‌ ඔස්‌සේ ඉදිවන මේ මහා මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 23 කි. කෙටියෙන් කිවහොත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව කිලෝමීටර 23 ක දුරකින් යුත් මහා මාර්ගයකින් එක්‌වීම මෙයින් සිදුවේ. තලෙයිමන්නාරම ඉන්දියාවට ආසන්නතම ශ්‍රීs ලංකාවේ නගරය වන අතර එහි සිට ඉන්දියාවේ දනුස්‌කොඩි නගරයට ඇති මුළු දුර කිලෝමීටර් 29 කි.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ගය ඉදිවූ විට කොළඹ සිට ඉන්දියාවේ ඕනෑම නගරයක්‌ වෙත ශ්‍රී ලංකාවේ සිට ළඟාවිය හැකිවනු ඇත. උදාහරණයක්‌ ලෙස නව මහා මාර්ගය ඉදිවූ පසු මාතර සිට ඉන්දියාවේ ටඡ්මහල පිහිටි අග්‍රා නගරයට දුර කිලෝමීටර් 3024 කි. එවිට මාතර සිට ගාල්ල, කොළඹ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, මන්නාරම, තලෙයිමන්නාරම, රමේස්‌වරම්, මදුරෙයි, බැංගලෝර්, හයිද්‍රdබාද්, නාග්පූර්, ග්වාලියර් යන නගර ඔස්‌සේ අග්‍රා බලා ගමන් කළ හැක.

    මෙම මහා මාර්ගය ඉදිකිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 23,000 ක්‌ පමණ වැය වෙතැයි ගණන් බලා තිබේ.

    මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබාගැනීමට නියමිත ය.

    ඉන්දියාව යනු ලෙහෙසි පහසු රටක්‌ නොවේ. එය භුමිය වශයෙන් ගත් කල ලොව හත්වන විශාලතම රටයි. ජනගහනය වශයෙන් ගත්කල ලොව දෙවන විශාලතම රටය. එසේම එහි විරැකියාව ද අතිවිශාලය. රටේ විවිධ ජන කොට්‌ඨාස සිය ගණනකට අයත් භාෂා දහස්‌ ගණනක්‌ කතා කරන ජනතාවක්‌ ජීවත්වෙති. ඉන්දියාවේ නවදිල්ලි නගරය ගත්විට එහි සියලු ආකාරවල, විවිධ වර්ණවල, විවිධ භාෂා කතා කරන ජනතාව ජීවත්වෙති. ඒ බොහෝදෙනකුට හරිහැටි අනන්‍යතාවය තහවුරු කළ හැකි ලියකියවිල්ලක්‌ පවා නැත. උතුරු ඉන්දියානුවකු බොහෝ විට දකුණු ඉන්දියානු භාෂා කතා නොකරන අතර විවිධ ප්‍රාන්තවලින් පැමිණි ජනතාව කවුරුන් කොතනින් පැමිණියා දැයි හඳුනාගත නොහැකි තරමට එය සංකීර්ණය. මහා මාර්ගයක්‌, දුම්රිය මාර්ගයක්‌ සෑදුන විට ඉන්දියානුවන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇත. ගුවනින් පැමිණෙද්දී මෙන් මහාමාර්ග දුම්රිය මාර්ග හරහා ඔවුන් පැමිණීම පාලනය කිරීම අපහසුය. අතර මැද දේශසීමා පිහිටුවුවද එය පාලනය කිරීම පහසු නොවනු ඇත.

    දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්‌සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්‌තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත.

    මේ සියල්ල අතරේ ඉන්දියාව සීපා ගිවිසුම කෙසේ හෝ ශ්‍රීලංකාව සමඟ අත්සන් තැබීම සඳහා බලපෑම් කරමින් සිටී. දැනට ඇති ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමේ ද විවිධ ප්‍රශ්න තිබේ. සීපා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ විවිධ රැකියා හා කර්මාන්ත කළ හැක. මේ සියලු කරුණු සැලකීමේදී මේ මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ලත් සකස්‌ කළ විට තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇත. එවිට පාලනයකින් තොරව බොහෝ දේ සිදුවනු ඇත.

    මේ සම්බන්ධයෙන් විරෝධය දක්‌වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස්‌ ඉන්දියාවේ තිස්‌වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය.

    කෙසේ වෙතත් මේ මහාමාර්ගය ඉදිවීමත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු මහාමාර්ග පද්ධතිය හා සම්බන්ධ වනු ඇත. ඒ අනුව රටවල් 32 ක්‌ පුරා කිලෝමීටර් 140479 ක්‌ එනම් සැතපුම්87290 ක්‌ පුරාමේ මහාමාර්ග පද්ධතිය විහිදී යයි. මේ මහාමාර්ග පද්ධතිය හැකිතාක්‌ දුරට ඒ ඒ රටවල දැනට පවතින අධිවේගී මාර්ග භාවිත කෙරෙන අතර ඒ මගින් නව මාර්ග ඉදිකිරීම අවශ්‍ය නොවනු ඇත. එසේම ඒ මගින් වියදම සෑහෙන දුරට අඩුකරන්නට හැකිවනු ඇත. මේ මහාමාර්ග පද්ධතිය මගින් ආසියාව හා යුරෝපයද සම්බන්ධ කෙරෙනු ඇත. ආසියානු මහාමාර්ග පද්ධතිය මුලින්ම සංකල්පයක්‌ ලෙස ගොඩනැගුනේ 1959 වසරේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙනි. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය සඳහා මුදල් හිඟවීම ඇතුළු විවිධ හේතු නිසා වරින්වර ප්‍රමාදයන් ඇතිවිය. කෙසේ වෙතත් මේ වන විට මේ මහාමාර්ග බොහොමයක්‌ ඉදිකර අවසන්ය. ආසියානු අධිවේගී මාර්ගයේ ඒ ඒ රටවලට හිමි කොටස්‌ මෙසේය.


    road3.jpg


    මම නං ඉන්දියාවේ 2පාරක් ගිහින් තියෙනවා. දිල්ලි චන්දිගර් වගේ නගර නං තනිකර යුරෝපේ නගර වගේ උනාට සමස්තයක් වශයෙන් ගත්තාම රට ගූ හැලියක්. ඉතින් ලංකාවට මොනවගේ බලපෑමක් වෙඉද? කැමති කට්ටිය තමන්ගේ අදහස් දක්වන්න. පවුද්ගලිකව නං මම නං කැමති නෑ අපේ ලස්සන රට ගූ මුට්ටියක් යටින් එල්ලනවට.



    සිංහල ජාතියට ජයවේවා!!!
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මොනව කියන්නද ඉතින්. අපේ රටත් මහපාරෙ මලපහ කරන ඉන්දියාවෙ කොළනියක් කරල තමයි හිටං ගොයිය පස්ස බලන්නෙ. මෝදිගෙ ඇදුම ඇදගෙන ඒ කාලෙ ඉන්දියාවට පශ්චාත් භාගෙ දුන්නෙ ඕක තමයි හිටං. යහපාලනයට ජයවේවා.
     
    • Like
    Reactions: jonhrcm

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    අපේ රටට ඉන්දියාවෙන් එන බලපෑම් නැති කරගන්න තමයි මහින්ද චීනෙත් එක්ක කිට්ටු සබදතා පැවැත්තුවෙ. චීනෙන් අපේ රටේ සංවර්දනයට ගොඩක් සහයෝගය පවා දැක්වුවා. නමුත් මේ ආණ්ඩුවෙන් චීනය ඈත් කරල ඉන්දියාව ලං කර ගැනීමේ ප්‍රතිවිපාක තව ඉස්සරහට මේ රටේ අහිංසක ජනතාවට අත්විදින්න වෙයි:no::no:.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Golden Rule :- Central Bank eka (with SL Government) Econimy eka hari widiyata Control karanawa nam Lankawata goda yanna puluwan.. It should control by only Professionals without any wrong political influences...

    Itkak hithapan lankawata Puluwan unoth Atlas pens/Weerodara books India wala market karanna... Delhi town ekema lankawa wage degunayak innawa... Lankawata diyunu wenna tiyena hodama chance ekak..:yes::yes::yes:

    Or India wala Nuclear Power Plant ekakin eka supply ekak aragena lankawe okkoma Industries walata minimum rate ekakata electricity denna puluwannam....:yes::yes::yes:

    But SL has to protect Golden Rule.. Economy Should
    control only by Professionals,Otherwise indiyawe eaun lankawata enne nethuwama apita puke arinawa...:baffled::baffled::baffled:

    Habai itin Lankawe mechara kal Contracts gahuwe Po*na Politicians la without any
    Professionals advise ... Okun danne commission ganna witharai.. Professionals lawa ganan ganneweth nee...

    Don't forget there many world famous Sri Lankan Economic Professionals still in SL and some others willing to give support to SL free of any cost..
    But ape Po*nna Politicians la......
    :growl::growl::angry::angry::growl::growl:


     
    Last edited:

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ලංකාව අතර භාණ්ඩ ප්‍රවාහනය කඩිනම් සහ විධිමත් කිරීම සඳහාත්ඉන්දියාව සහ ලංකාව අතර දුම්රිය සේවාවක් ඇරඹීමේ යෝජනාව 1903 වසරේ දී පමණ ඉදිරිපත්වී ඇති අතර ඒ පිළිබඳව සිදුවූ අධ්‍යනයන් ආදිය සම්පූරණ වීමෙන් අනතුරුව 1908 සිට 1914 අතර කාලය තුලදී මන්නාරම් දුම්රිය මාර්ගය ඉදිකොට ඇත.

    ඒ වනවිටත් ඉදිවී තිබූ උතුරු දිග දුම්රිය මාර්ගයේ මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට මන්නාරම දක්වාත් එතැනින් මුහුද මත ඉදිවූ පාලමක් හරහා තලෛමන්නාරම දූපත වෙත ගොස් එහි උතුරු කෙළවර පිහිටි තලෛමන්නාරම් තොට දුම්රිය ස්ථානය දක්වාත් මේ දුම්රිය මාර්ගය ඉදිවුනි.මෙලෙසම දකුණු ඉන්දියාවේ ප්‍රධාන භුමිය හා ඒ ආසන්නයේ පිහිටි රාමේෂ්වරම් දූපත හා යාවන පරිදි අඩි 6,776 හෙවත් මීටර් 2,065 m දිගැති පාලමක් හරහා (පම්බන් පාලම) දුම්රිය මාර්ගයක් ඉදිවූ අතර රාමේෂ්වරම් දූපතේ කෙළවර පිහිටි ධනුෂ්කොඩි දක්වාත් දුම්රිය මාර්ගයක් ඉදිවුනි. http://www.elakiri.com/forum/showthread.php?t=1673469