ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර හදන පාලම ගැන
උපුටා ගැනීම ඉරිදා DIVAINA
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පවතින්නේ අතිශය කිට්ටු සම්බන්ධතාවයකි. මෙය විටින්විට දෙරටේ යහපතටත් ඇතැම්විට අයහපතටත් හේතුවිය. ඇතැම් පුරාවෘත්ත වලට අනුව ඈත අතීතයේ මේ රටවල් දෙක වෙන්ව පැවතියේ කුඩා ජල පහරකින් බව පැවසේ. කෙසේ වෙතත් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ සමාජ, ආගමික, සංස්කෘතික හා ආර්ථික ආදී සියලු අංශවලට ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම සුළුපටු නැත. එම සම්බන්ධතා තවත් සමීප කරමින් ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර ඉදිරියේදී මහා මාර්ගයක් හා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සිදුකිරීමට නියමිතය.
මෙසේ මහාමාර්ගය හා දුම්රිය මාර්ගය ඉදිකරනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහාය. රාමේශ්වරම් හා දනුස්කොඩි හරහා තලෙයිමන්නාරමට මහමුහුදේ ඉදිකෙරෙන සුවිසල් පාලමක් සහ මුහුද යටින් ඉදිකෙරෙන උමගක් ඔස්සේ ඉදිවන මේ මහා මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 23 කි. කෙටියෙන් කිවහොත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව කිලෝමීටර 23 ක දුරකින් යුත් මහා මාර්ගයකින් එක්වීම මෙයින් සිදුවේ. තලෙයිමන්නාරම ඉන්දියාවට ආසන්නතම ශ්‍රීs ලංකාවේ නගරය වන අතර එහි සිට ඉන්දියාවේ දනුස්කොඩි නගරයට ඇති මුළු දුර කිලෝමීටර් 29 කි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ගය ඉදිවූ විට කොළඹ සිට ඉන්දියාවේ ඕනෑම නගරයක් වෙත ශ්‍රී ලංකාවේ සිට ළඟාවිය හැකිවනු ඇත. උදාහරණයක් ලෙස නව මහා මාර්ගය ඉදිවූ පසු මාතර සිට ඉන්දියාවේ ටඡ්මහල පිහිටි අග්‍රා නගරයට දුර කිලෝමීටර් 3024 කි. එවිට මාතර සිට ගාල්ල, කොළඹ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, මන්නාරම, තලෙයිමන්නාරම, රමේස්වරම්, මදුරෙයි, බැංගලෝර්, හයිද්‍රdබාද්, නාග්පූර්, ග්වාලියර් යන නගර ඔස්සේ අග්‍රා බලා ගමන් කළ හැක.
මෙම මහා මාර්ගය ඉදිකිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 23,000 ක් පමණ වැය වෙතැයි ගණන් බලා තිබේ.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබාගැනීමට නියමිත ය.
ඉන්දියාව යනු ලෙහෙසි පහසු රටක් නොවේ. එය භුමිය වශයෙන් ගත් කල ලොව හත්වන විශාලතම රටයි. ජනගහනය වශයෙන් ගත්කල ලොව දෙවන විශාලතම රටය. එසේම එහි විරැකියාව ද අතිවිශාලය. රටේ විවිධ ජන කොට්ඨාස සිය ගණනකට අයත් භාෂා දහස් ගණනක් කතා කරන ජනතාවක් ජීවත්වෙති. ඉන්දියාවේ නවදිල්ලි නගරය ගත්විට එහි සියලු ආකාරවල, විවිධ වර්ණවල, විවිධ භාෂා කතා කරන ජනතාව ජීවත්වෙති. ඒ බොහෝදෙනකුට හරිහැටි අනන්‍යතාවය තහවුරු කළ හැකි ලියකියවිල්ලක් පවා නැත. උතුරු ඉන්දියානුවකු බොහෝ විට දකුණු ඉන්දියානු භාෂා කතා නොකරන අතර විවිධ ප්‍රාන්තවලින් පැමිණි ජනතාව කවුරුන් කොතනින් පැමිණියා දැයි හඳුනාගත නොහැකි තරමට එය සංකීර්ණය. මහා මාර්ගයක්, දුම්රිය මාර්ගයක් සෑදුන විට ඉන්දියානුවන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇත. ගුවනින් පැමිණෙද්දී මෙන් මහාමාර්ග දුම්රිය මාර්ග හරහා ඔවුන් පැමිණීම පාලනය කිරීම අපහසුය. අතර මැද දේශසීමා පිහිටුවුවද එය පාලනය කිරීම පහසු නොවනු ඇත.
දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත.
මේ සියල්ල අතරේ ඉන්දියාව සීපා ගිවිසුම කෙසේ හෝ ශ්‍රීලංකාව සමඟ අත්සන් තැබීම සඳහා බලපෑම් කරමින් සිටී. දැනට ඇති ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමේ ද විවිධ ප්‍රශ්න තිබේ. සීපා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ විවිධ රැකියා හා කර්මාන්ත කළ හැක. මේ සියලු කරුණු සැලකීමේදී මේ මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ලත් සකස් කළ විට තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇත. එවිට පාලනයකින් තොරව බොහෝ දේ සිදුවනු ඇත.
මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස් ඉන්දියාවේ තිස්වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය.
කෙසේ වෙතත් මේ මහාමාර්ගය ඉදිවීමත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු මහාමාර්ග පද්ධතිය හා සම්බන්ධ වනු ඇත. ඒ අනුව රටවල් 32 ක් පුරා කිලෝමීටර් 140479 ක් එනම් සැතපුම්87290 ක් පුරාමේ මහාමාර්ග පද්ධතිය විහිදී යයි. මේ මහාමාර්ග පද්ධතිය හැකිතාක් දුරට ඒ ඒ රටවල දැනට පවතින අධිවේගී මාර්ග භාවිත කෙරෙන අතර ඒ මගින් නව මාර්ග ඉදිකිරීම අවශ්‍ය නොවනු ඇත. එසේම ඒ මගින් වියදම සෑහෙන දුරට අඩුකරන්නට හැකිවනු ඇත. මේ මහාමාර්ග පද්ධතිය මගින් ආසියාව හා යුරෝපයද සම්බන්ධ කෙරෙනු ඇත. ආසියානු මහාමාර්ග පද්ධතිය මුලින්ම සංකල්පයක් ලෙස ගොඩනැගුනේ 1959 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙනි. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය සඳහා මුදල් හිඟවීම ඇතුළු විවිධ හේතු නිසා වරින්වර ප්‍රමාදයන් ඇතිවිය. කෙසේ වෙතත් මේ වන විට මේ මහාමාර්ග බොහොමයක් ඉදිකර අවසන්ය. ආසියානු අධිවේගී මාර්ගයේ ඒ ඒ රටවලට හිමි කොටස් මෙසේය.
මම නං ඉන්දියාවේ 2පාරක් ගිහින් තියෙනවා. දිල්ලි චන්දිගර් වගේ නගර නං තනිකර යුරෝපේ නගර වගේ උනාට සමස්තයක් වශයෙන් ගත්තාම රට ගූ හැලියක්. ඉතින් ලංකාවට මොනවගේ බලපෑමක් වෙඉද? කැමති කට්ටිය තමන්ගේ අදහස් දක්වන්න. පවුද්ගලිකව නං මම නං කැමති නෑ අපේ ලස්සන රට ගූ මුට්ටියක් යටින් එල්ලනවට.
සිංහල ජාතියට ජයවේවා!!!