ඉන්දියාව_lockdown

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අද මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්දියාව දින 21කට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් ! - මෝදි ජාතිය අමතමින් නිවේදනය කරයි



    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ ඉදිරි දින 21 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන බවයි.

    කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කරයි. පිටතට යාම පිළිබඳ අමතක කරන ලෙස එහිදී පවසන ඔහු, අවධාරණය කරන්නේ දින 21කට ලොක්ඩවුන් නොකළහොත්, ඉන්දියාව වසර 21කින් ආපස්සට යනු ඇති බවයි.

    image_21a2bb7c61.jpg



    ‘‘ඔබේ නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම්‘‘ යැයි ඔහු රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසුවේ සෞඛ්‍ය සේවාවන් සඳහා ඉන්දීය රුපියල් කෝටි 15,000 ක හදිසි මූල්‍යාධාර පැකේජයක් ද වෙන් කළ බව පවසමිනි.

    ඉන්දියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් හමු වී ඇති අතර, 10 දෙනෙකු මියගොස් තිබේ.

    1.3 Bn මිනිසුන්ට අගුලු දමා පෝෂණය කිරීම විශාල අභියෝගයක් වනු ඇත!

    නමුත් බලන්න - ජාතිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට මෙය කිරීමට ධෛර්යයක් ඇත


    එමෙන්ම , ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඉදිරි දින 21දී නොලබි යාමෙන් ලංකාවේ ඇතිවන තත්ත්වය විසඳාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමු
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එමෙන්ම , ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඉදිරි දින 21දී නොලබි යාමෙන් ලංකාවේ ඇතිවන තත්ත්වය විසඳාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමු

    Governments need to negotiate
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1.3 Bn මිනිසුන්ට අගුලු දමා පෝෂණය කිරීම විශාල අභියෝගයක් වනු ඇත!

    මේක නම් මහලොකු දෙයක් වෙන්නෙ නෑ..උන් පරිප්පුයි චපාතියිනේ‍ වැඩිපුර කන්නෙ..:lol::P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එමෙන්ම , ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඉදිරි දින 21දී නොලබි යාමෙන් ලංකාවේ ඇතිවන තත්ත්වය විසඳාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමු

    Governments need to negotiate

    :yes: :yes: :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    එමෙන්ම , ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඉදිරි දින 21දී නොලබි යාමෙන් ලංකාවේ ඇතිවන තත්ත්වය විසඳාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමු

    Governments need to negotiate


    අපේ තත්වේ කොහොම හරි මේ ලෙවල් එකෙන් ගෙනිච්චොත් ලොකු අවුලක් වෙන එකක් නෑ... හැබැයි මෙහෙත් පාලනයක් නැති ගානට අවොත්නම් රජයන් මට්ටමෙන්වත් ගොඩ දාගන්න වෙන එකක් නෑ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    FB..

    ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න.

    රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න.

    ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව.

    ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න.

    මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.


    අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

    "Be at Home, Be not allowed to come in visitors"

    ඔය Basic rule එක හැකි තරම් රකින්න.