ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදේ තහනම් කටය
අපගේ මෙම සංචාරය සිදුකරන ලද දිනයේ ඉන්දීය ට්‍රොaලර් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදු කලාපය ආසන්නයේ විය. ඉන් කොටසක්, එනම් බෝට්ටු 50 කට වැඩි ගණනක් තිබුණේ යාපනය මුහුදු කලාපයේය. ඩෙල්ට්, ඉරණතිව් පලෙයිතිව්, කකරතිව්, පුංකුඩතිව්, ප්‍රදේශය දක්වා මෙසේ පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත කොල්ලකා පලා ගියද ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන ඒ ගැන කතා නොකරන්නේත් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මේ නිසා පළුදු කර ගැනීමට නොහැකි නිසාය.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීමත්, වැරදි, තහනම් මසුන් මැරීමේ ක්‍රම භාවිතයත් ඔඩු දුවන ලද තුවාලයක් බවට පත් වී තිබේ. ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝනය නොකරන්නේ යෑයි ඉන් නොකියෑවේ. එනමුත් ඉන්දියානු ධීවරයා සැලසුම් සහගත ලෙස බලහත්කාරයෙන් හා අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකානු මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන අතර, ඔවුන් විසින් සිදු කරනු ලබන සාගරික අපරාධ පිළිබඳවද පසුගිය සතියේ අප කතා කරන ලද්දේ උතුරු මුහුදේ සංචාරයක් ඇසුරෙන් ලද අත්දැකීම්ද සමගිනි. මන්නාරම් කච්චතිව් හා ඩෙල්ට් කලාපයේ අප කරන ලද සංචාරයේදී දකුණු ඉන්දියානු ධීවරයින් සාගරික දේශසීමාව පැන උතුරේ දූපත් ආසන්නයේම මසුන් තොගපිටින් "ගොඩ දාගන්නා" අයුරු අපගේ දෑස් ඉදිරිපිටම තහවුරු කරගන්නට අපට හැකිවිය. එමෙන්ම කරෙයිනගර් නාවික කඳවුර හා කයිට්ස් දූපත් ආසන්නයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දිරාපත් වෙන ඉන්දියානු ට්‍රොaලර් යාත්‍රා සමූහයක්ද අප නෙත ගැටිණි. කවුරුන් කෙසේ කීවද උතුරේ මේ මහා සාගර සම්පත් කොල්ලයේදී උතුරේ දමිළ ධීවරයින්ටද මහත් අසාධාරණයක් සිදුවේ. මේ අහිමිව යන්නේ උතුරේ (නොහොත් ශ්‍රී ලංකානු) ධීවරයින්ට අයත් මත්ස්‍ය සම්පත හා අනෙකුත් මුහුදු සම්පත්ය. ඔවුන්ගේ ආර්ථිකය සරිකරලන්නට ඇති ධීවර සම්පත අනිකකු විසින් ඩැහැගෙන යද්දී උතුරේ ධීවරයාට සිදුව ඇත්තේ මුහුදට දත නියවාගෙන බලාගෙන සිටින්නටය. මන්ද දකුණු ඉන්දීය ධීවරයා තම ට්‍රොaලර් යාත්‍රා සමූහයද රැගෙන සඳුදා, බදාදා, සෙනසුරාදා වැනි සතියට දින තුනක් උතුරේ මුහුදේ හරඹ කරද්දී ඒ දිනවලට මුහුදු යැමට උතුරේ ධීවරයින්ට අවස්ථාවක් නැත. අයිතියක් ඇතත්, ඒ මහා බලගතු හස්තයට එරෙහිව ක්රියාකරන්නට උතුරේ ධීවරයා ශක්තිවන්තයකු නොවේ.
එබැවින් ධීවර කර්මාන්තයේ ආධිපත්‍ය උතුරු මුහුදේ දරා සිටින්නේ මේ ඉන්දීය ධීවරයාය. අද උතුරේ ධීවරයින් බොහෝ විට කළපු ධීවර රස්සාවෙන් තම ජීවනෝපාය ගැට ගසා ගනිති. එසේම දියඹ ධීවරයා මුහුදට ඇදෙන්නේ තමන්ට මුහුදේ බාධකයන් නැති දිනවලට පමණෙකි. ඒ කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයා සමග කිට්ටු සබඳතා පවත්වන බෝට්ටුකරුවන්ද උතුරේ නැත්තේ නොවේ. එකල උතුරේ ත්‍රස්තවාදය පෝෂණය කරන්නට මෙන්ම, හොරබඩු, හොර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මෙම බෝට්ටුකරුවෝ දකුණු ඉන්දීය ධීවර යාත්‍රාකරුවන් හා සමග සම්බන්ධව වර්තමානයේදී හොර බඩු ජාවාරම්වල නිරතව සිටිති. යුද්ධය නිමාවීමෙන් පසු උතුරේ බෝට්ටුකරුවන්ට ලැබී ඇති නිදහස ඒ වෙනුවෙන්ද භාවිතයට ගන්නා පිරිස් උතුරේ අඩු නොවේ. වයඹ මුහුදු කලාපයේ තොඩුවාව, කල්පිටිය, බත්තලංගුණඩුව දූපත්, තලෙයිමන්නාරම, මන්නාරම, ඩෙල්µaට්, කන්කසන්තුරේ, වැල්වැටිතුරේ යන ප්‍රදේශවල මොවුහු වරින් වර ස්ථානගත වෙති. පසුගියදා තොඩුවාව මුහුදු ප්‍රදේශයෙන් අල්ලාගන්නා ලද හෙරොයින් ජාවාරම මේ සඳහා කදිම නිදසුනකි. එසේම කේරළ ගංජා ජාවාරම හා ඖෂධ, දුර්ලභ ආරක්ෂිත මුහුදු ජීවීන් වෙළෙඳාම, රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ වර්ග නීති විරෝධීව හා රේගු බදුවලින් තොරව ඉන්දියානු හා ශ්‍රී ලංකා බෝට්ටුකරුවන් අතර හුවමාරු වේ.
මෙම හොර ජාවාරම් සහ අනවසර නීති විරෝධී ධීවර සූරාකෑම් මැඩ පැවැත්වීම අද ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද මහත් පරිශ්‍රමයක් දැරිය යුතු අසීරු කටයුත්තක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙම තහනම් කටයුතු මැඬ පැවැත්වීම සඳහා උපරිම උත්සාහයකින් කටයුතු කළද, බෝට්ටුකරුවෝ මෙවැනි ආරක්ෂක දැල්වලින් රිංගා තම අභිමාර්ථ ඉෂ්ට කරගනිති. මෙසේ අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන බෝට්ටුකරුවන් නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වීමේද කෙළවරක් නැත. එසේ අල්ලා ගන්නා ලද බෝට්ටුකරුවන් පොලිසියට භාරදීමෙන් පසු අධිකරණයට පැමිණවීමද සිදු කෙරෙතත්, බොහොමයක් දෙනා රාජ්‍ය තාන්ත්‍රික සමාව යටතේ අවස්ථා ගණනාවකදීම නිදහස්ව යළිත් තම ගම් බිම් බලා ගියහ. ඔවුන් නැවතත් සුපුරුදු ජීවිතයට අනුගත වීම ඉන්පසුව සිදුවේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන පරිදි පසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී මුහුදු අත්අඩංගුවට පත් වූ ධීවරයින් හා ධීවර බෝට්ටු ප්‍රමාණය අති විශාලය.
ශ්‍රී ලංකා නාවික හමුදාව කියන පරිදි 2015 වසරේ ගෙවී ගිය මාස පහ තුළ මෙසේ ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ට්‍රොaලර් යාත්‍රා ප්‍රමාණය 25 කි. පුද්ගලයන් 177 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර තවදුරටත් මොවුන්ගෙන් 37 දෙනකු රැඳවුම් භාරයේ පසුවේ. 2014 ගෙවී ගිය වසරේ දී බෝට්ටු 86 ක් අත්අඩංගුවට පත්ව තිබේ. එනමුත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් මෙම බෝට්ටුකරුවන් සඳහා විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නිදහසක් ලබාදෙන ලදී. ඒ අනුව වරින් වර අදාළ ට්‍රොaලර් යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මෙරටට පැමිණෙන ඉන්දීය නියෝජිතයන් හමුවේ භාරදීම සිදුකර ඇත.
මෙවන් තත්ත්වයක් මත වරින් වර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහජන උද්ඝෝෂණ ඇතිවූ අයුරුද වාර්තා වූ බව අපි දනිමු. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන්ට පහරදෙන බවට හා අඩන්තේට්ටම් කරන බවට ප්‍රකාශ කරමිනි. ඔවුන්ගේ චෝදනාව වන්නේ ඉන්දියානු මුහුදු කලාපයේ දී මෙම පහරදීම් සිදුවන බවය. එවන් අවස්ථාවලදී "කච්චතිව්" දූපත යළිත් ඉන්දියාව පවරා ගැනීම පිළිබඳ උනන්දුවෙන් උද්ඝෝෂකයන් ක්‍රියා කරනුද පෙනේ.
එහෙත් ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය පසුගියදා වැදගත් ප්‍රකාශයක් මදුරාසි අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඔවුන්ට ඒ සඳහා ඉඩකඩ සැලසුණේ මෙවන් උද්ඝෝෂකයන් අනුව යමින් මදුරාසි අධිකරණය මගින් නිකුත් කළ නියෝගයකට පිළිතුරු ලබාදීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමිනි. එනම් මදුරාසි මහාධිකරණය ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට නියෝගයක් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියානු ධීවරයන්ගේ ආරක්ෂාව පිළිබඳව අධිකරණයට කරුණු දැක්විය යුතුය යන්නය.
එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වන ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කේ. ආර්. නවුෂල් (භ්මඑස්ක) මහතා ප්‍රකාශ කරන්නේ ඉන්දියානු ධීවරයා ශ්‍රී ලංකා මුහුදු කලාපයේ සිදු කරන වැරැදි මසුන් මැරීමේ ක්‍රම සහ විවිධ හොරබඩු ජාවාරම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගන්නා ක්‍රියා මාර්ගවලට නතුවන බවයි.
ඉන්දීය ධීවරයන් තවදුරටත් වෙරළාරක්ෂක බළකායේ අණ නොතකා ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුල් වන්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට වගකීම භාරගත නොහැකි බවද වෙරළාරක්ෂක බළකාය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
එසේම ඉන්දියානු මුහුදු කලාපයේ දී කිසි විටෙකත් ඉන්දියානු ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ප්‍රහාරයට ලක් නොවන බවත්, ඉන්දියානු මුහුදු සීමාවට ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවන්ට පැමිණීමට වෙරළාරක්ෂක බළකාය කිසි විටෙකත් ඉඩ ලබාදී නොමැති බවද වෙරළාරක්ෂක බළකා නියෝජ්‍ය අධ්යක්ෂවරයා මදුරාසි මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත.
යුද්ධයෙන් පසු ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා බෝට්ටුකරුවන් සමග සබඳතා පවත්වමින් ඖෂධ ඇතුළු තහනම් බඩු ජාවාරමේ නිරතව සිටින බවට වාර්තා ඇති බවට මෙන්ම තහනම් ධීවර ක්‍රමවේද සහ අධිබල බෝට්ටු එන්ජින් යොදා ගනිමින් ශ්‍රී ලංකා මුහුදු කලාපය උල්ලංඝණය කරන බවද එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ගවලට ලක්වන බවද බළකාය කියයි. මෙහිදී 2014 වසරේ දී සහ 2015 මාර්තු දක්වා බෝට්ටු 185 ක් සහ බෝට්ටුකරුවන් 937 ක් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත්ව ඇති බවද අවස්ථා 36,865 කදී ඉන්දියානුවන් විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කර ඇති බවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවද වෙරළාරක්ෂක මෙහිදී අනාවරණය කර ඇත. මෙය වැදගත් සංසිද්ධියකි. ශ්‍රී ලංකා මුහුදු කලාපය උල්ලංඝණය පිළිබඳ ඉන්දියානු බෝට්ටුකරුවන්ගේ පැටිකිරිය ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය මගින්ම මදුරාසි අධිකරණයට ප්‍රකාශ කිරීම මගින් ධීවරයන්ගේ අත්තනෝමතික ක්‍රියාවලිය හොඳින් පැහැදිලි වේ. එපමණක් නොව ඔවුන් විසින් සිදු කරනු ලබන විවිධ හොරබඩු ජාවාරම් ගැනද මෙහිදී කදිම සාක්ෂි හෙළිදරව් වේ.
ඉදින්, ආකාර කිහිපයකින් නීති විරෝධීව කටයුතු කරන ඉන්දියානු ධීවරයාට වැටපැනීම තහනම් කරනු හැර වෙන කළ යුත්තේ කුමක්ද? දෙරටේ එකඟතාව විය යුත්තේද ඒ සඳහා ක්‍රියා කිරීමයි.
newsofcolombo.com/features/item/3408-2015-05-18-20-21-34