ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණයට යයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    244417942_4662495850461760_8850186360362341935_n.jpg


    ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණයට යයි

    October 3, 2021 02:03 pm

    ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ වෙත පැමිණ තිබේ.
    පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇත.
    මේ අතර ලංකා IOC හි නව නිෂ්පාදනයක් වන 'Servo Pride ALT 15W- 40' එළිදැක්වීම ද අද සිදුවිය.
    ඊට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේ මෙම අවස්ථාවට එක්වීමට ලැබීම සිය සතුටට කරුණක් බවය.
    සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගය වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

    ඔහු හෙට (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
    අනතුරුව ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙනු ඇත.
    ඉන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා සහ මෙරට විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වේ.



    001.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    හොඳ වෙලාවට අමෙරිකන් පොල්පිත්තා ඌගේ රටේ ඉන්නෙ. නැත්නම් මූගෙ කකුල් දෙක ලඟත් දෙකට තුනට නැවිලා මොනා හරි රටේ වටින දේකට කෙලලා අරිනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳ වෙලාවට අමෙරිකන් පොල්පිත්තා ඌගේ රටේ ඉන්නෙ. නැත්නම් මූගෙ කකුල් දෙක ලඟත් දෙකට තුනට නැවිලා මොනා හරි රටේ වටින දේකට කෙලලා අරිනවා.
    ටැංකි ලපේ 🤭
     

    Similar threads