ඉන්දුනීසියාවේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දුනීසියාවේ

    මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණැයි බි‍්‍රතාන්‍ය ජාතික මිත්තණියකට ඉන්දුනීසියාවේදී මරණ දඬුවම






    159055062-1-522x293.jpg



    ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට චෝදනා ලද බි‍්‍රතාන්‍ය ජාතික මිත්තණියකට එරට අධිකරණයක් ඊයේ (22) මරණ දඬුවම නියම කළේය.
    ඉන්දුනීසියාවට අයත් සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන බාලි දූපතේ පිහිටි අවන්හලකට කොකේන් නැමති මත්ද්‍රව්‍ය සැපයීම පනස්හය හැවිරිදි ලින්ඞ්සේ සැන්ඩිෆෝඞ්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
    චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී කරුණු දක්වමින් සැන්ඩිෆෝඞ් කියා සිටියේ සිය දරුවන්ට හිරිහැර කරන බවට අපරාධ කල්ලියක් කළ බලපෑම් සහ තර්ජන නිසා ඉන්දුනීසියාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට තමාට සිදුවූ බවයි. බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ විසින් ගමන් මල්ලේ තිබී ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක් වටිනා කොකේන් තොගයක් සොයා ගනු ලැබිණි.
    නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ඇය බන්ධනාගාරය වෙත රැුගෙන ගිය අතර ඇයගේ නීතිඥයන් කියා සිටියේ අධිකරණය ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් තමන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.





    evs-xtaccess-2013-01-22-cam-c-06h10m46s24-1-522x293.jpg
     

    Similar threads