ඉන්ධන කෝටාව අහෝසි කිරීම...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

    ඒ අනුව කිසිදු ආකාරයකට ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ. මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසීමට චීනයේ සිනොපෙක් සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගතවීම මැයි මස 22 වැනිදා සිදු කෙරුණා.

    ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු සහ නව ඉන්ධනහල් 50ක් මෙරට තුළ ඉදිකිරීමට සිනොපෙක් සමාගමට අවසර හිමි වනවා.

    මේ අතර ඉන්ධන කෝටාව යත්තේ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමට රජය පසුගිය 30 වනදා සිට තීරණය කරනු ලැබුවා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    මිනිස්සුන්ට නිදහසේ තෙල් ටික ගහගන්න ලැබෙන එකනම් හොඳයි. හැබැයි ඒ එක්කම සැපයුම හරියට තියෙන්න ඕනේ නැත්තම් ත්‍රි විල් බවුසර් ටික වැඩේට බහීවි