ඉන්ධන මිල පහළ දමයි
ඉන්ධන මිල පහළ දමයි
2010 ඔක්තෝබර් 21 වෙනි බ්රහස්පතින්දා, 11:21

ගල්ෆ් කලාපයේ බොර තෙල් මිල අඩුවීමට සමගාමීව පකිස්ථානයේ තෙල් හා ගෑස් නියාමක මණ්ඩලය (OGRA) විසින් පසුගිය සඳුදා (18) සිට පෙට්රෝලියම් නිෂ්පාදනවල මිල අඩු කර ඇත.
ඒ අනුව ඉන්ධන අලෙවි කරන සමාගම් ද ඒවායේ මිල ගණන් අඩු කර ඇත. 'හයි ස්පීඩ් ඩීසල්' (HSD) රුපියල් 1.08 කින් අඩු කර ඇති අතර ඩීසල් ලීටරය රුපියල් 75. 72 වේ. HSD වඩාත් වැඩියෙන් පරිභෝජනය කරන පෙට්රෝලියම් නිෂ්පාදනයක් වන අතර එහි මිල ගණන් වරින්වර වෙනස් වෙයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.12 සිට ඩොලර් 70.74 දක්වා අඩු වී ඇති බව පවසන OGRA මැයි මාසයේ අරාබියානු සැහැල්ලු බොර තෙල් බැරලයක් ඩොලර් 77.73 ක්ව පැවති බව පවසයි.
පෙට්රල් රුපියල් 6.04කින් අඩු වී ඇති අතර ලීටරයක් රුපියල් 69.04 කි. E-10 පෙට්රල් ලීටරයක් රුපියල් 66.54 කි. HOBC මිල රුපියල් 7.15 කින් අඩු කර ඇති අතර එහි ලීටරයක් 82.04කි. භූමිතෙල් රුපියල් 3.40කින් අඩු වී ඇති අතර ලීටරයක් රුපියල් 65.49 කි. සැහැල්ලු ඩීසල් තෙල් (LDO) රුපියල් 3.15කින් අඩු වී ඇති අතර ලීටරයක් රුපියල් 62.61ක් වේ
LDO විශාල වශයෙන් ග්රාමීය ප්රදේශවල මෝටර් රථ හා පොම්ප ක්රියාත්මක කිරීමට යොදා ගනී. JP-1 හි මිල රුපියල් 3.10කින් අඩු වී ඇති අතර ලීටරයක් රුපියල් 55.36කි. යුධ ගුවන්යානා හා හෙලිකොප්ටර් සඳහා භාවිතා කරන ජෙට් ඉන්ධනවලද මිල පහල දමා ඇත. අලුත් මිල ගණන් වලට අනුව JP-4 ලීටරයක් රුපියල් 52.63ක් වන අතර එය රුපියල් 2.91 ක අඩු වීමක් වේ. JP-8 මිල රුපියල් 3.11 කින් අඩු වී ඇති අතර ලීටරයක් රුපියල් 55.08 ක් වේ.