ඉන්ධන මිල වෙනස් වෙයි පෙට්‍රල් 355 ඩීසල් 317 භූමිතෙල් 202

monson

Well-known member
  • May 7, 2007
    25,805
    29,000
    113
    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

    මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420කි.

    සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317කි.

    එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377කි.

    භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202ක් වෙයි.

    - https://sinhala.adaderana.lk/news/197223

    :lol:

    UBuz0IF.jpeg

    Y48TX8U.jpeg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,805
    29,000
    113
    Sinopec තවත් අඩු කරලා 😍

    සයිනොපෙක් මිලත් වෙනස් වෙයි​

    May 31, 2024 11:02 pm


    හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් කර තිබේ.
    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි.
    ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 19කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 314කි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    වෙළදපොල තරගකාරිත්වය නිසා තෙල් මිල අඩුවීම සතුටට කරුණක්.
    තව වැදගත් දෙයක් තමයි තෙල් මිල වැඩි වුනාම එකට නරක දෙයක් ලෙස දකින එක.

    ලෝක වෙළද පොලේ තෙල් මිල අඩු වැඩි වෙනවා. ලෝක වෙලපොලේ මිල වැඩිව තියෙද්දී ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තෙල් සම්බන්ද රාජ්‍ය ආයතන හරහා ජනතවට සහන සලසන්න සහන මිලකට අලෙවි කිරීම නොකළ යුතු දෙයක්. හැම දේම සහන මිලකට අලෙවි කිරීමත් ආර්ථිකය කඩාවැටෙන්න එක හේතුවක්.

    තරගකාරිත්වය ඇතිකරන්න තව company ගෙන්න ඕනේ. තරගකාරිත්වය තියෙනවද කියල ආණ්ඩුව විපරමෙන් ඉන්න ඕනේ. private company වලින් වැඩේ කෙරෙනවනම් ආණ්ඩුවේ ආයතන තියගේන පරිප්පු කන්නේ මොකටද ?
     
    • Like
    Reactions: tin tin

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    ලොල්.. 300යෙන් පහලටවත් එන්න ඕනේ... බැරි කමක් නෑ. අඩු කරලා බොරුවට වැඩි කරපු ගානවත් ආයේ අඩු කරන්න බැරි නම් රනිල කොහොමත් පරාදයි. :ROFLMAO: :ROFLMAO: