ඉන්ධන_මිල_සූත්‍රය මෙන්න

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉන්ධන_මිල_සූත්‍රය මෙන්න

    ඉන්ධන මිල සූත්‍රය මෙන්න


    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනෙක පොරොන්දු වී පරිදි අද (18) දින මුල් වරට ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී.

    ඉන්ධන මිල සූත්‍රය ගණනය කිරීම පහත පරිදි සිදුවේ.

    රථවාහන ඉන්ධන සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී පදනම් කරගන්නා සමීකරණය පිළිබඳ හැඳින්වීමක්

    2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි රථවාහන ඉන්ධන සඳහා පිරිවැය අනුව මිල තීරණය කිරීමේ මිල සූත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණි.


    මිල සූත්‍රය හඳුන්වා දෙන ලද්දේ රථවාහන ඉන්ධන මිලට ගැනීමේ දී සිදු වන පහත ක්‍රියාවලියන් සැලකිල්ලට ගනිමිනි. ඒ සඳහා තාක්ෂණික කමිටුවක් එක් වී මිල සූත්‍රය හඳුන්වා දෙන ලදි.


    මිල සූත්‍රය සඳහා පදනම් කරගන්නා දර්ශක


    මිල සූත්‍රය

    MRP = V i + V ii + V iii + V iv

    උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii)

    + පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv)


    (V i) වරායේ ගොඩබාන පිරිවැය



    මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

    (V ii)සැකසීමේ පිරිවැය

    සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය.

    (V iii) පරිපාලන පිරිවැය

    මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ.


    (V iv)බදු පිරිවැය

    මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.

    ඉහත දර්ශක 4 එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වේ.

    ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ. අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.


    Image-202.jpg


    Image-203.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ 95 octane petrol ලීටර් 1 ට රුපියල් 61 ක Tax එකක් තියනවනෙ.. අපි මෙච්චර කල් පෙට්‍රල් ගහල නැ, Tax එකක්නෙ ගෙවල තියෙන්නෙ බන්.. මුන් ඒකෙනුත් ජරා විදිහට හූරගෙන කනව:shocked: