::ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    ::ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව


    ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි. ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වලදී ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකුලතා වලට ලක්විය හැකිය.

    ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ පළමු මාතෘ මරණය පසුගිය සතියේ වාර්තා වූ අතර 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණී මවුවරු 40 කට පමණ ජිවිත අහිමි විය.

    උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මවුවරුනට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

    එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍යවරුනට, පුද්ගලික වෛද්‍යවරුන් ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇත.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    1ST DEATH REPORTED FOR THIS YEAR.

    giya awuruddeth me kaalemayi awe.pregnant ayata amatharawa nidhangathau swasana roga thiyena ayatath hadnama godak amaru wenawalu.
    ikmanata anith ayatath bo wena nisa leda hadunu wahama beheth ganna eka thamai hoda.