ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක්..☣️🚨

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,363
    113
    Westනාහිර
    PaLANN6.jpeg



    ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
    ඔහු ප්‍රකාශ කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් එම රෝගීන් හඳුනාගෙන ඇති බව ය.

    ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවෙස්වල රැඳී සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

    "ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෛරසයක් නිසා ඇති වෙන එකක්. ඒ නිසා ඒක ගොඩක් බෝවෙන තත්ත්වයක් තියෙනවා. එවැනි රෝගීන් වෙනත් අයගෙන් ඈත්ව සිටීම වැදගත්. ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙනුත් ඵලක් නැහැ. මේ රෝගය සුව වෙන්න සතියක පමණ කාලයක් ගත වෙනවා," වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.

    ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මොනවා ද?
    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කිහිපයක් පවතී.
    *උණ
    *කැස්ස
    *උගුරේ ආබාධ‍
    *නාසයේ සොටු ගැලීම
    *මස් පිඩු වේදනාව
    *හිසරදය
    *තෙහෙට්ටුව‍
    *වමනය

    රෝගය වැළඳීම සහ සුවවීම
    පළමු දින 1 සිට 3 දක්වා - උණ, හිසරදය, මස්පිඩු වේදනාව, උගුරේ අපහසුතා, වියළි කැස්ස සහ ඇතැම් විට නාසයේ බර ස්වභාවක් ඇති විය හැකි ය.

    4 වන දිනය - උණ සහ මස්පිඩු වේදනාව තරමක් අඩුවෙයි. එහෙත්, උගුරේ වේදනාව, කැස්ස සහ හෘදයේ සුළු වේදනාවක් ඇති විය හැකි ය.

    8 වන දිනය - රෝග ලක්ෂණ පහව යන නමුත්, කැස්ස සහ තෙහෙට්ටුව සති දෙකක පමණ කාලයක් පැවතිය හැකි ය.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,257
    194,389
    113
    Colombo, Sri Lanka
    ඔව් මේක දැන් ගොඩක් අයට හැදිලා. වමනේ ගිහින් තමයි පටන් ගන්නේ. හැබැයි දවස් 3කින් වගේ හරි යනවා. කැරකවිල්ල ගතියක් තියනවලු ටික දවසක් යනකන්
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,116
    2,390
    113
    Kandakadu
    හිසරදය වමනය තිබ්බ මම හිතුවෙ ඒක ජරාවක් කාලා දිරවගන්න බරුව කියලා. Anyway thanks for your information
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,949
    43,971
    113
    සේදවත්ත
    අපිට අර මාරාන්තික එක ආවනම් ,

    ජන්දය කල් දාගන්න පුලුවන්
    උබලව ගෙවල් වලට ගාල් කරන්න පුලුවන්
    නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්
    පැනි කල්ක ගුලි නිශ්පාදනයට යොමු වෙන්න පුලුවන්
    රමේශෙට පලවෙනි ආසාදිතයව කිස් කරන්න පුලුවන්
    මුට්ටි ගහට දාල කිලි වහන්න පුලුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,387
    28,771
    113
    අපිට අර මාරාන්තික එක ආවනම් ,

    ජන්දය කල් දාගන්න පුලුවන්
    උබලව ගෙවල් වලට ගාල් කරන්න පුලුවන්
    නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්
    පැනි කල්ක ගුලි නිශ්පාදනයට යොමු වෙන්න පුලුවන්
    රමේශෙට පලවෙනි ආසාදිතයව කිස් කරන්න පුලුවන්
    මුට්ටි ගහට දාල කිලි වහන්න පුලුවන්
    Hmmmm 1987, 1212 hotu line balapanko rate pawathina ayahapath kalagunika thathwaya gagena recoding ekak danawa Lol
    Ohoma ekak awoth ekath unta athal, ice lanthe
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,433
    28,479
    113
    සිංහලුන්ගේ ශරීරවල ප්‍රතිශක්තිය හොඳටම බැහැලා බං. ප්‍රෝටීන් ඌණතාවය.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,379
    3,336
    113
    මටත් ඊයේ ඉදන් ඔලුව රිදෙනවා,ඇගට පන නෑ. කැරකැවිල්ල වගේ. පැනඩෝල් බිව්වත් හරියන්නෙ නෑ. මම හිතුවෙත් ගෑස්ට්‍රික් කියලා. TFS මචන් !
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,466
    8
    34,126
    113
    Why influenza outbreaks were almost eliminated in 2020 and 2021? The answer lies in there rather than believing in false statements. (y)
     
    • Like
    Reactions: NRTG