ඉනි අවන් සිනමා සම්මන්ත්‍රණය

obama2

Member
Apr 18, 2012
424
30
0
ඉනි අවන් සිනමා සම්මන්ත්‍රණය

ඉනි අවන් සිනමා සම්මන්ත්‍රණය 02 -ඉනි අවන් මගින් යථාර්ථය නිරූපණය වේද?
Posted on 17 January 2013.

ඉනි අවන් ච්ත්‍රපටිය මගින් යථාර්ථය නිරූපණය වේද? මෙය මෙම ච්ත්‍රපටිය නැරඹු බොහෝ විචාරකයන් අසන ලද ප්‍රශ්ණයයි. ඔවුනට අනුව හදගම විසින් උතුරේ දෙමළ සමාජය නිරූපණය කර නැත. ඒ නිසා ඉනි අවන් යනු දෙමළ සමාජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය ගැන හඳගමගේ මනස්ගාතයකි.

මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කිරීමට නියමිත වන්නේ සෑම සමාජ යථාර්ථයකම ආධාරකය වන ‛ෆැන්ටසිය’ ගැන ලංකාවේ විචාරකයන්ට අවබෝධයක් නැති බවයි. ප්‍රථම වරට අප මෙම සිනමා කෘතියේ යථාර්ථය සහ එහි අතිරික්තය (එනම් ෆැන්ටසිය) ගැන න්‍යායිකව විවරණය කරණු ලැබේ.

මෙම සම්මන්ත්‍රණයේ දී
සමන් පුෂ්ප කුමාර විසින් යථාර්ථය දාර්ශනික ගැටලුවක් ලෙස දේශණයක් කරන අතර
දීප්ති කුමාර ගුණරත්න විසින් පහත තේමා යටතේ දේශණයක් කරණු ලැබේ.

01-ක්‍රිස්ටෝෆ් කිසලෝවිස්කි නම් පෝලන්ත ජාතික සිනමාකරුවා සමාජවාදය නම් සර්වබලධාරී දේශපාලන සමස්ථය තුළ සිනමා මාධ්‍යයේ විජයග්‍රහණය ‛යථාර්ථය ප්‍රබන්ධයක්’ ලෙසින් නිරූපණය කලේය යන්න,සර්වත්‍රික න්‍යායක් බවට පරිවර්තනය කරන ලදි.

02-වෙනත් මානයකින් කියන්නේ නම් කිසලෝවිස්කි සැබෑ කදුළු වලට බියෙන් ප්‍රබන්ධ කදුළු වලට විස්ථාපනය වූයේය. වාර්ථා ච්ත්‍රපටි කරමින් සිටි ඔහු ප්‍රබන්ධ චිත්‍රපටි වලට මාරු විය.

03-අශෝක හඳගම නම් ශ්‍රී ලාංකික සිනමාකරුවා ෆැසිස්ට්වාදය නම් සර්වාධිකාරී දේශාලන සමස්ථය තුළ සිනමා මාධ්‍යයේ මෙතෙක් පිළිගත් විජයග්‍රහණය වූ ‛යථාර්ථය ප්‍රබන්ධයක් යන්න සර්වත්‍රික නොව සුවිශේෂ න්‍යායක් බව අපට පසක් කරවයි. හඳගමගේ සිනමාවට අනුව ‛ප්‍රබන්ධය යථාර්ථයකි’ ( මාක්ස්ට අනුව රාජ්‍ය සර්වත්‍රිකයක් නොව ධනවාදී සුවිශේෂයකි)

04-වෙනත් මානයකින් කියන්නේ නම් හඳගම ග්ලිසරින් කඳුලු වලට බියෙන් සැබෑ කදුලු දකින්නට විපරිතව ආශා කරයි. ඔහු නිළියන්ට වඩා සැබෑ ස්ත්‍රියට ආශක්තය. ප්‍රබන්ධ චරිත කුළියට රඟන නිළියන් ඉදිරියේ ඔහු තිගැස්සෙයි. ඔහු වැළද ගන්නේ යථාර්ථවත් ස්ත්‍රියයි. එබැවින් ඔහු ප්‍රබන්ධ සිනමාවෙන් සමුගෙන ‛වාර්ථා ච්ත්‍රපටි’ කරා මාරු වී ඇත. ගෝලීයකරණය විසින් අපේ කළාපයේ සිනමාවට ප්‍රබන්ධමය ආකාරයකට පැවතීම තහනම් කර ඇත.

මෙම සම්මන්ත්‍රණය
2013 ජනවාර් මස 22 වන අගහරුවාදා
සවස 3.00 ට
කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී පවත්වනු ලැබේ.

න්‍යායේ දී අපි කාවවත් තල්ලු කරන් නෑ. ගහනවා. ජීවමාන න්‍යාය භාවිතාවේ යොදවන ආකාරය නැරඹීමට (තේරුම් ගැනීමට නොව) ඔබත් එකතු වන්න
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,