මොළ දෙකේ ජූරි සභිකයා

obama2

Member
Apr 18, 2012
424
30
0
මොළ දෙකේ ජූරි සභිකයා

මොළ දෙකේ ජූරි සභිකයා

Posted on 17 September 2012.
Rating: 0.0/7 (0 votes cast)


පසුගිය දා ප්‍රථම වතාවට දෙරණ රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කරණූ ලැබූ ලක්ස් දෙරණ සිනමා සමිමාන උලෙළ තුළ අප විශේෂ කාරණා දෙකක් අප දුටිමු.

01-මොළ දෙකේ ජූරි සභිකයා- මෙම සම්මාන උළෙලෙහි ජූරි සභාවේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරණු ලැබූ බුද්ධදාස ගලප්පත්ති නම් වන ප්‍රවීණ සිනමා විචාරකයා සම්බන්ධයෙන් අපට අලුතින් යමක් හිතන්නට මේ සම්මාන උළෙලත් සමගම සිදුව තිබේ. මීට පෙර අප විසින් චීනයේ මොල දෙකේ ළමයෙකු ඉපිද ඇති බව ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ඒ අනුව චීනයේ ඉපදුන මොළ දෙකේ ළමයාට පසුව එක ඔලු කටුවක් තුළ මොළ දෙකක් ඇති පුද්ගලයෙකු වශයෙන් අපට බුද්ධදාස ගල්පත්ති ප්‍රවීණ ච්ත්‍රපටි විචාරකයා හදුන්වා දෙන්නට පුලුවන. පසුගිය ඕ.සී අයි.සී ච්ත්‍රපටි සම්මාන උළෙලහි ජූරි සභිකයෙකු වශයෙන් කටයුතු කළ බුද්ධදාස ගලප්පත්ති මහතා දෙරණ-ලක්ස් සිනමා සම්මාන උළෙලහි ද ජූරි සභිකයෙකු වශයෙන් කටයුතු කරණු ලැබීය. ඕ.සී.අයි.සී සම්මාන උළෙලහිදී හොදම නලුවාට හිමි සම්මානය ලබා දෙනු ලැබුවේ බිමල් ජයකොඩිට වන අතර මෙම සම්මාන උළෙලහිදී හොදම නලුවාට හිමි සම්මානය ලබා දෙනු ලැබුවේ පුබුදු චතුරංගටයි. මේ සම්මාන උළෙලවල් දෙකෙහිම ජූරි සභාවේ සිටි බුද්ධදාස ගල්පත්ති එකම ච්ත්‍රපට සම්බන්ධයෙන් සම්මාන උළෙලවල් දෙකක දී හොදම නලුවන් දෙදෙනෙකු තෝරා ගන්නේ කොහොමද? මේ නිසා අපට හිතන්නට වන්නේ ඔහුගේ ඔලු කටුව තුළ මොළ දෙකක් තිබිය යුතු බවයි. නැතිනම් මෙවැනි දෙයක් සිදු වන්නට විදිහක් නැත. මෙවැනි ජූරි සභිකයන් කාන්ස් වැනි සිනමා සම්මාන උළෙලවල් වල තීරකයන් වන්නේ නම් එවැනි සම්මාන උළෙලවල් පවා ඉදිරියේ දී වඩාත් වෙනස් මුහුණුවරක් ගන්නට පුලුවන.

02-නලු නිළියන් ගේ විරුද්ධාභාෂයන්- පසුගිය වසර දහයක පමණ කාලයක් තුළ අශෝක හඳගම විසින් සිංහල බෞද්ධ අධිපති මතවාදයට එරෙහිව සිය භාෂා මාධ්‍ය වූ සිනමාව හරහා දැඩි පහර දීමක් කරණු ලැබීය. මේ මගේ සඳයි,නැගෙනහිර වෙරළෙන් එන්න වැනි සිනමා පට හරහා ඔහු විසින් සිංහල බෞද්ධ අධිපති මතවාදයට එරෙහිව ප්‍රබල ලෙස පහර ගසනු ලැබීය. ඒ සදහා ඔහු විසින් සිය සිනමා පට සදහා යොදාගත් නලු නිලි කැළ පෙනී සිටියේ ඔහුගේ මතවාදය සමාජගත කිරීම වෙනුවෙනි. හඳගමගේ නූතනවාදී මාකස්වාදී සිනමා භාවිතාව හරහා ඔහු විසින් ලංකාවේ ජාතිවාදයට එහෙිව ගොඩ නගන්නට උත්සහා කළ මතවාදී අරගලයට සම්පත් දායකයන් ලෙස එක් වූ ඩබි. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, දිල්හානී අශෝක මාලා වැනි නළු නිලියන් දෙබස් උච්චාරණය කරමින් පෙනී සිටියේ අධිපති සිංහල බෞද්ධ මතවාදයට එරෙහිවයි. මේ නිසා සාමාන්‍ය වානිජ චිත්‍රපටියක පෙනී සිටිමින් ලැබෙන ඕනෑම චරිතයක් නිරූපණය කර ඉන් පසුව හැසිරෙන අකාරයට මේ නලු නිළියන්ට හැසිරෙන්නට නොහැකි වන්නේ අශෝක හඳගම තමන්ගේ ච්ත්‍රපටි නිර්මාණය කරණු ලැබුවේ මතවාදී වෙනසක් උදෙසා බව මේ අයත් දැන සිටි බැවිනි.
හදිසියේම අශෝක හඳගම විසින් සිංහල බෞද්ධ අධිපති මතවාදයට එරෙහිව භාවිතා කළ සංඝටකයන් භාවිතා කර සිංහල බෞද්ධ මතවාදය උත්කර්ශයට නංවන්නට හිටපු රියර් අද්මිරාල් වරයෙකුට හැකියාව ලැබී තිබෙනවා. යුද්ධයෙන් පසු කතිකා න්‍යාය සමබන්ධයෙන් මනා අවබෝධයක් ඇති මේ හිටපු රියර් අද්මිරාල්වරයා නවක ච්ත්‍රපටි අධ්‍යක්ෂක සරත් වීරසේකරයි. ඔහු කලේ අශෝක හඳම භාවිතා කළ සංඝටකයන්ම භාවිතා කරමින් සිංහල බෞද්ධ මතවාදය සාධනීය දෙයක් බව පෙන්වීමයි. අර්නස්ටෝ ලැක්ලාව් කතිකා න්‍යය හෙජමොනිය කියන එක ඇතුලේ පැහැදිලි කළ ආකාරයට රියර් අද්මිරාල් සරත් වීරසේකරත් සිංහල බෞද්ධ මතවාදය සාධනීය දෙයක් බව පෙන්වන්නට මේ කතිකා න්‍යාය භාවිතා කරණු ලැබ තිබේ. එය අපට දැක ගත හැකි කදිම නිදර්ශණය වන්නේ ඩබ්. ජයසිරිගේ ගාමණී ච්ත්‍රපටියේ හාමුදුරුවන්ගේ චරිතයයි.
මේ නිසා අශෝක හඳගමට අද වන විට බලා ඉන්නට සිදුව ඇත්තේ වික්ෂිප්තවයි. තම ආදාරනීය නලු නිලියන් තමන් විසින් ගොඩ නැගූ මතවාදයට සපුරා වෙනස් මතයක් වෙනුවෙන් පෙනී සිටිමින් තමන් විසින් ගොඩනැගූ දෙබස් වලට සපුරා පටහැනි දෙබස් උච්චාරණය කරණ ආකාරය දෙස හඳගමට බලාගෙන ඉන්නවාට හැර වෙනත් දෙයක් කරන්නට නැත.

පසුගිය කාලයේ පශ්චාත් මාක්ස්වාදී ලැක්ලාව් නිසා මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වූ මොඩයන්ට වඩා රියර් අද්මිරාල් සරත් වීරසේකර සිංහල බෞද්ධ ලැක්ලාව් වශයෙන් තමාගේ අනන්‍යතාවය මේ වන විටත් හිමිකරගෙන තිබෙනවා. මින් ඉදිරියට අපට විශ්‍රාමික රියර් අද්මිරාල්වරයෙකු සහ ආධුනික ච්ත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු වන සරත් වීරසේකර සිංහල බෞද්ධ ලැක්ලාව් වශයෙන් නම් කරන්නට පලුවන.

මින් ඉදිරියට සිය ච්ත්‍රපටි වලට නලු නිලියන් සොයා ගැනීම දුෂ්කර වන නිසා ඔබත් අශෝක හඳගමගේ මීලග ච්ත්‍රපට සදහා දායක වන්නට කැමති නම් අදම අයදුම් කරන්න. ඉදිරියේ දී හඳගමට නවක නලු නිළියන් පමණක් සිය ච්ත්‍රපටි සදහා යොදා ගන්නට සිදුවීම අනිවාර්ය දෙයක් වන නිසා නවක ඔබට අවස්ථාවක් ලැබෙනු ඇති බව අපට විශ්වාසය.

ඉහත අප විසින් දක්වන ලද කරුණු කාරණා සමගින් ප්‍රථම ලක්ස්-දෙරණ සිනමා සම්මාන උළෙල තවත් එක් සම්මාන උළෙලක් වශායන් මේ ආකාරයෙන් නිමා විය.



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,