“ඉනි අවන්” ගැන තවත් මතයක්

obama2

Member
Apr 18, 2012
424
30
0
“ඉනි අවන්” ගැන තවත් මතයක්

“ඉනි අවන්” ගැන තවත් මතයක්

Posted on 23 January 2013.
යළි අප හමුවට සපැමිණෙයි. සිය අභිනව සිනමා කෘතිය ”ඉනිඅවන්”අප ඇසුරට පත් වෙයි. හඳගම යළි පැමිණීම යනු සිනමාශ්‍රයට යළි අවස්ථා විවර වීමකැයි සිතද්දී ඇති වන්නේ සතුටකි. මන්ද යත් මෙතෙක් අප විඳ දරා ගත්තේ සිනමාව නාමයෙන් වෙළඳෙපලට ආ සුමධුර බණ කතා සහ රාජ පාක්ෂික ප්‍රශස්ත කාව්‍ය වන නිසයි. හුදු නරඹන්නකුම වී සිටි අප පළමුව විඳින්නන් බවට පත් කරන අනුබල සහිත “ඉනිඅවන්” සුවිශේෂ සිනමා කෘතියකැයි අප සිතන්නේ නූතන මිනිසාගේ පැවැත්ම සහ පුනර්ජන්මය පිළිබඳ නව සංවාදයකට මෙය මග පාදන නිසා ද වේ.
චිරස්ථායිතාව හෙවත් චිරස්ථීතිය යනු බොහෝ කාලයක් පවත්නා යන අර්ථයයි. චිර ජීවි යනු බොහෝ කල් ජීවත් වීමයි. චිත්‍රපටයක හෝ පොදුවේ නිර්මාණ කෘතියක චිරස්ථ ගුණය යනු නොකඩවා පවතින කල්පවතින, ස්ථීර නිත්‍ය යන අරුත් ගනී. (quality of lasting long)ස්ථායිතාව, කල්පවත්නා බව, කල්ගතවන බව සහ තහවුරු බව යනු යමක හෝ යමකුගේ චිරස්ථ ගුණය තහවුරු කරන්නා වූ පරිවාර අර්ථයෝය.


යම් නිර්මාණයක දිගුකල් පවත්නා ස්ථායි බව හා අඛණ්ඩව පවත්නා සජීවි බව සමග ගැනෙන අනෙක් සුවිශේෂම ගුණය වන්නේ සදාකාලික බවයි. එනම් කාලසීමා ඉක්මවා එය ආශ්වාදනය කළ හැකි අර්ථවත් හා වින්දනීය ගුණයකින් යුක්ත වීමයි. යම් නිර්මාණයක් සාර්වත්‍රික ව භාවිතයට ගැනීම යනු පොදුවේ සමස්තයට ම භුක්ති විඳිය හැකි වීම ද වේ.

නිර්මාණයක සාර්වත්‍රිකත්වය (universality) හා චිරස්ථායිතාවය අතර පවත්නා අනොන්‍ය සමීපතාව විසින් නිර්මාණකරුවාට ද චිරස්ථායි බලයක් ගෙන දෙයි. පවත්නා දේශපාලන හැඩරුව මත තම ආත්ම ප්‍රකාශන ස්වරූපය තීන්දු කරන නිර්මාණකරුවකු යම් තීරණාත්මක අවස්ථාවක තම ස්වෛරි ආත්ම ප්‍රකාශන ස්වරූපය අභිබවා නිර්මාණකරුවකු ලෙස තම පැවැත්ම සහ චිර ජීවි බව ගැනම සිතන්නට පෙළැඹෙයි. සිනමා කෘතියක පැවැත්ම සහ සිනමාකරුවාගේ පැවැත්ම අතර ඇත්තේ කෙටි දුරකි. සිනමා කරුවා චිරකාලිකයකු විය යුතුය.චිරකාලිකයා සහ චිරකාල භටයා හැඳින්වීම සඳහා යෙදෙන “veteran” නම් යෙදුමට අදාල තවත් අර්ථ වනුයේ “පරිණත වැඩිහිටියා, ප්‍රවීනයා, අත්දැකීම් බහුල වයසැත්තා” ආදී වශයෙනි. දැන් තමා ජීවත් වනුයේ තම අතීත සිනමා කෘති බිහි වූ සමාජ ව්‍යුහය තුළ නොවේයැයි හඳගම මෑතකදී පවසා ඇත.

පැවැත්ම සහ පැවතීම හඳගමගේ අභිනව සිනමා කටයුත්ත වන “ඉනිඅවන්” සමග සසඳා විමසීම සඳහා රෙනේ ඩෙකාට් නමැති දාර්ශනිකයා උපුටා දක්වන්නට සිත් වේ.

“මම සිතමි. එම නිසා මම පවතිමි. දිගුකල් පවතිනු පිණිස මම දිගුකල් සිතමි. මම සත්‍ය වස්තුවක් වන්නේ මම සිතන විට පමණකැයි දනිමි. මම සියල්ල අවිශ්වාස කරමි. එනම් මම සියල්ල සිතමි. එමනිසා මම පවතිමි.” ඩෙකාට් කීවේ එපරිදිය.

read more: http://www.samabima.com/?p=4546