ඉපදුනේ 80 දශකයේද?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉපදුනේ 80 දශකයේද?
    එහෙනම් මේවා ඇත්තද බලන්න...


    2D ඩොස්ගේම් ආසාවෙන් ක‍්‍රීඩාකල එකම පරම්පරාව අපයි.
    රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.
    මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
    මොබයිල් එකෙන් මල් කැඞීම ලොවට හඳුන්වා දුන්නේ අපයි.
    කැටපෝල, රේසර් කරත්ත අවසන් වරට හැදුවේ අපයි.
    රේසර් කරත්තවල ගොස් දත් කඩාගත්තේද අප පමණයි.
    උණබට තුවක්කු හදපු අවසන් පරම්පරාවද අප වෙමු.
    5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.
    ළමා කාලය සතුටින් ගත කළ අවසන් පරම්පරාවද අපයි. (දැන් ඉන්නේ ලොකු පොඞ්ඩොන්*
    පණින බයිසිකල් චේන් දැමීමේ විෂාරදයන් අප වෙමු.
    බෑග් වලින් බෝල හදාගෙන ක‍්‍රිකට් ගැහුවේද අප පමණි.
    එල්ඊඞී බල්බ් වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.
    අවුරුද්දට අවසන් වරට පන්ච දැමුවේද අපයි..

    80 දශකයේද ඉපදුන අයගේ තවත් වැඩ තියෙනවා. ඒවා මතක් වෙන අය රෙප් එකක් දමන මෙන් ඉල්ලා සිටිනවා.

    මෙන්න හැටේ අග සහ හැත්තෑවෙ දශකයේ ඒවා......

    සත 10ට අන්තිමට බස් එකේ ඉස්කෝලේ ගියෙත් අපියි.
    සත 72ට සීනී රාත්තල අන්තිමට කෑවෙත් අපියි.
    සත 2ට නාරම් බිකක් අන්තිමට කෑවෙත් අපියි.
    සත 25ට මිහිර පත්තරේ බැලුවෙත් අපියි.
    මුලින්ම සිලිසිලි (ෂොපින්) මල්ල පාවිච්චි කලෙත් අපියි.
    6වන පන්තියට යනකම්ම ටීවී එකක් බලලා නැති අයත් අපියි.
    රේඩියෝ එකෙන් විතරක් ඡන්දෙ ඇහුවෙත් අපියි.
    පාන් ගෙඩිය සත 25ට කෑවෙත් අපියි.
    සමූපකාර පෝලිමේ කූපන් බඩු ගන්න හිටියෙත් අපියි.
    කාඩ් එකට පාන් කෑවෙත් අපියි.
    මාසෙකට දවසක්වත් කුකුල්මස් කාලා තිබුණෙ නැත්තෙත් අපියි.
    සොසේජස් ඇහැට දැකලා තිබුනෙ නැත්තෙත් අපියි.

    තව මෙකී නොකී ‍බොහෝ සුන්දර මතකයන් වෙත්...!!!!


     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.

    අපි 5 වසරේ ඉන්නකොට මැඩම් කිව්වා පරණ කාසි තියෙන අය ගේන්ඩ කියලා. ඉතින් කට්ටිය එක එක එව්වා ගෙනල්ල තිබුනා. මමයි තව එකෙක්කුයි සත 10 කාසි 10 හොයාගෙන කැන්ටිමට ගියා උඳු වඩේ එකක් ganda කියලා. කන්ටිමා කියපි සත 10 එව්වා දැන් ගන්නේ නෑ කියලා. මේ මීට අවුරුදු 17 කට විතර කලින්.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඇනලොග් සහ ඩිගිටල් ෆෝන් දෙවර්ගයම පාවිච්චි කරේ අපි ..
    Windows 95 වල ඉදල දැනට Win 8 වෙනකම් පාවිච්චි කරන්නේ අපි ...
    VHS රහ කර කර බැලුවේ අපි ...
    අවුරුදු 18 වෙන්න කලින් ෆිල්ම හෝල් වලට හොරෙන් රිංගුවේ අපි...
    කොල්ලොන්ට ADRESS දුන්න අවසන් පරන්පරව අපි.....
    විනිවිද පෙනෙන පාසල් බෑග් පාවිච්චි කරේ අපි (බෝම්බ තියන කලේ )


    තව කොච්චර තියනවද නේද ?
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇනලොග් සහ ඩිගිටල් ෆෝන් දෙවර්ගයම පාවිච්චි කරේ අපි ..
    Windows 95 වල ඉදල දැනට Win 8 වෙනකම් පාවිච්චි කරන්නේ අපි ...
    VHS රහ කර කර බැලුවේ අපි ...
    අවුරුදු 18 වෙන්න කලින් ෆිල්ම හෝල් වලට හොරෙන් රිංගුවේ අපි...
    කොල්ලොන්ට ADRESS දුන්න අවසන් පරන්පරව අපි.....
    විනිවිද පෙනෙන පාසල් බෑග් පාවිච්චි කරේ අපි (බෝම්බ තියන කලේ )


    තව කොච්චර තියනවද නේද ?

    අපි 6 වසෙරේ ඉන්නකොට පරිඝනක පන්තියක් මාසෙකට සැරයක් අනිවාර්ය කළේය. අපි ඉගෙන ගත්තේ DOS හා LOTUS වගේ දේවල් .ඒ කාලේ ඉස්ස්කොලේටම තිබ්බේ computer 3 යි. මේ 1996 දී .වින්ඩෝස් තිබ්බදවත් අපි නොදැන සිටියෙමු .අපිට පරිඝනක අප්‍රිය විය.:D
     
    • Like
    Reactions: rombo

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ක්‍රිකට් ස්ටිකර් කිව්වමයි මතක් උනේ යාලුවා.. අපි ක්‍රිකට් ස්ටිකර් විතරක් නෙවෙයි එඩ්නා චොක්ලට් වල කවර ඇතුලේ තිබුන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රූපත් කපාගෙන එකතු කරා නේද..
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ado mama 90 dasakaye eth mamath owa okkoma karala tiyanava. menna meka hara
    මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.

    OL waladi nam 4n thibbe na. ekek ta dennekta 1100 ekk harenna
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    samahara pathi wela taamath podi ewun owa kerenawa ban,colombo wela witarai nette...

    mewa karanna ba habai

    2D ඩොස්ගේම් ආසාවෙන් ක‍්‍රීඩාකල එකම පරම්පරාව අපයි.
    රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.