ඉපැරණි ඛනිජ බුමුතුරුණු

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉපැරණි ඛනිජ බුමුතුරුණු


    පෘථිවිය මත ජීවිය ඇති වූ දිනයේ පටන් ම සත්ත්ව ලෝකයේ වැඩකරුවන් තම නිර්මාණකරණ කටයුතු සිදු කර ඇති බවට පවතින හොඳම සාක්ෂියක් වන්නේ ‘ස්ට්‍රෝමෙටලයිස්’ ස්වරූපයෙන් ඇති ඉපැරණි ෆොසිල යි. සයනොබැක්ටීරියා ලෙස හඳුන්වනු ලබන ජලයේ වාසය කරන ප්‍රභාසංස්ලේෂක ක්ෂුද්‍ර ජීවී ජනපද විසින් නිර්මාණය කරන ස්තර කිහිපයකින් යුතු ව්‍යුහයන් ‘ස්ට්‍රෝමෙටලයිස්’ ලෙස සැලකෙනවා. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් කැල්සයිට් නිෂ්පාදනය සඳහා පදනම සපයන අතර එසේ නිම වූ කැල්සයිට්, ක්ෂුද්‍ර ජීවීන්ගේ ඇලෙන සුලු බාහිර සූත්‍රිකා මත තැන්පත් වීම සිදු වෙනවා. ඉන් අනතුරු ව වසර මිලියන ගණනාවක් ගත වී යන්නේ කැල්සයිට් තැන්පත් වූ ක්ෂුද්‍ර ජීවී ෆොසිල, ඝනකම් ඛනිජ බුමුතුරුණක් (mineral mat) බවට පත් කරමින්.

    මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ දැනට සොයාගෙන ඇති පැරණි ම ‘ස්ට්‍රෝමෙටලයිස්’ අදින් වසර බිලියන 3.48 – 3.7 කට පමණ පෙර නිර්මාණය වූ ඒවා බව යි. එසේ ම බටහිර ඕස්ට්‍රේලියාවේ මෝර බොක්ක ආශ්‍රිත ව තවමත් ජීවී තත්ත්වයේ පවතින විශේෂ අටකට පමණ අයත් ‘ස්ට්‍රෝමෙටලයිස්’ දැක ගැනීමට හැකියාව පවතිනවා.