ඉපැරණි ලෝක පුදුම -රෝඩ්ස් හි සුවිසල් ප‍්‍ර&#350

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ඉපැරණි ලෝක පුදුම -රෝඩ්ස් හි සුවිසල් ප‍්‍ර&#350


රෝඩ්ස් හි සුවිසල් ප‍්‍රතිමාව (Colossus of Rhodes)
ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙය පුරාණ ග්‍රීක ටයිටන් දෙවියෙකු වූ "හිලියස් " ගේ මීටර 30 (අඩි 98) ක් වූ දැවැන්ත හිටි පිළිමයකි. මෙය ඉදිකර තිබුනා යයි සැලකෙන්නේ ග්‍රීක රෝඩ්ස් දුපතේ,රෝඩ්ස් නගරයේය. ක්‍රි.පු 292 දී පමණ ඉදිකිරීම් ආරම්භ කල මෙම ප්‍රතිමාව ක්‍රි.පු 280 දී වැඩ නිමවන විට එකල ලොව තිබු උසින් වැඩිම ප්‍රතිමාව බවට පත්ව තිබුණි. නමුත් ක්‍රි.පු 226 දී පමණ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශ වීම නිසා අද වන විට දක්නට නොලැබේ.

මෙය ඉදිකිරීමට මුලිකම හේතුව වී ඇත්තේ ක්‍රි.පු 305 දී පමණ රෝඩ්ස් දූපත ආක්‍රමණය කල සයිප්‍රස් පාලකයා පරාජය කිරීම සමරනුවස්ය. පරාජය වී පළාගිය සයිප්‍රස් ආක්‍රමණිකයන් අත්හැර දමාගිය උපකරණ සම්භාරය විකුණා ලැබූ අදායමින් සහ ඉතිරි වූ ලෝහමය ද්‍රව්‍ය උපයෝගී කර ගෙන ප්‍රතිමාව ඉදිකිරිම පැවරුනේ මිට පෙර විශාල ප්‍රතිමා නිමවා අත්දැකීම ඇති Lindos හි Chares නැමැත්තාටය.



යකඩ රාමුව මත පිත්තල/තඹ තහඩු ආවරණය කර ප්‍රතිමාව නිර්මාණය කර තිබු බව පැවසේ. අඩි 98 ක් උස ප්‍රතිමාව අඩි 50ක් පමණ වන පාදමක් මත ඉදිකර අතර නිම කිරීමට වසර 12ක් ගත විය.

වසර 50 කට අධික කාලයක් රෝඩ්ස් හි වරාය පිවිසුම තුල පැවති මෙම දැවැන්ත පිළිමය ක්‍රි.පු 226 දී ඇතිවූ භුකම්පනයක් හේතුවෙන් විනාශයට පත් විය. එකල ඊජිප්තු පාලකයා වූ Ptolemy III නැවත ප්‍රතිමාව ඉදිකිරීමට ආධාර දීමට ඉදිරිපත් වුවද, ප්‍රතිමාව විනාශ වීම හිලියස් දෙවියන්ගේ කෝපවිමක් නිසා සිදුවුවක් ලෙස සැලකු රෝඩ්ස් වැසියන් එය ප්‍රතික්ෂේප කළහ.

වසර දහසකට අධික කාලයක් විනාශ වූ ප්‍රතිමාවේ සුන්බුන් කොටස් ඒ අවට විසිරි තිබු බව සඳහන් වන අතර ක්‍රි,ව 654 දී රෝඩ්ස් ආක්‍රමණය කල අරාබි ජාතිකයන් මෙම ලෝහ කොටස් කැබලි කොට විකිනු බව පැවසේ.

උපුටා ගත්තේ මෙතනින් : http://www.nawalowadenuma.com/2016/02/colossus-of-rhodes.html
 
Last edited: