ඉබ්බෝ, හාවෝ මස් කනවා.

CARMN

Member
Jan 25, 2019
105
8
0
ඉබ්බෝ, හාවෝ මස් කනවා.

ශාඛභක්ෂක මාංශභක්ෂකයන්
==========================

ඇතැම් සත්ව විශේෂ අප විසින් මාංශභක්ෂක , ශාඛ භක්ෂක ලෙස වර්ගීකරණය සිදු කලාට සත්ව ලෝකය තුලදි මේ දැඩි අර්ථනිරූපනය අතික්‍රමණය කරමින් හැසිරීම් රටා පෙන්වනවා. මනුශ්‍යාගෙ භාවිතය සහ පහසුව සඳහා මේ බෙදීම් යොදාගෙන තිබුනාට ඒවා හුදෙක් කෘතිම බෙදීම් බව සනාථ වන අවස්ථා සත්ව ලෝකය තුල දකින්න පුළුවන්.

මේ ඡායාරූපයේ තිබෙන්නෙත් පොදුවේ ශාඛභක්ෂක ලෙස හඳුන්වන ඉබ්බන් විශේෂයක් මාංශ අනුභව කරන ආකාරය. මේ විදිහේ ආහාර රටාවන් opportunistic feeding ලෙස හඳුන්වනවා. එනම් සරලව අවස්ථාව ලද විට ආහාරයට ගැනීම. මේ ඉබ්බන් විශේෂ කෘමීන් , දළඹුවන් ආදියත් ආහාරයට ගන්න අවස්ථා තිබෙනවා.
MRC31_zps22285988.jpg

ඉබ්බන් පමණක් නොව මුවන් විශේෂ මස් ආහාරයට ගන්න අවස්ථාව නිරන්තරයෙන්ම වාර්තා වෙනවා. ගවයන් විසින් පිටේ ලගින කුරුල්ලන් ආහාරය ගැනීම තවත් එවැනි සුලබ සිදුවීමක්. ඇතැම් අවස්ථාවල පක්ශි විද්‍යාඤයන් ගවයන් ලඟින තෘණබිම් ආසන්නයේ පක්ශින් දැල් දමා අල්වා ගත් විට ගවයන් දැල වෙත පැමිණ පක්ශින් ආහාරයට ගත් අවස්ථා වාර්තා වී තිබෙනවා. ඉත්තෑවන් විටමින් සහ ඛණිඩ අවශ්‍යතා සඳහා මිය ගිය සතුන්ගෙ අස්ථි කොටස් දත් ගෑම, ආහාරයට ගැනීම සිදුකරනවා. ශිත සෘතුවේදි උතුරු අර්ධගෝලයේ හාවුන් මාංශ අනුභව කිරීම තවත් සුලභ සිදුවීමක්.

මේ වගේම තමයි දැඩි මාංශභක්ෂකයන් ලෙස අප හඳුනාගෙන තිබෙන සත්ව විශේෂත් ශාඛමය ආහාර ගැනීම. 'තණකොළ නුබුදිති සිංහ පැටව්" කියලා ගීත වල රචනා වුනාට සිංහයන් වගේම බිළාල කුළයේ ඇතැම් සතුන් තණකොල ආහාරයට ගන්න අවස්ථා තියෙනවා. කේමන් කිඹුලන් මාංශභක්ෂක වුනාට පළතුරු ආහාරයට ගන්නවා ඇතැම් අවස්ථාවලදි.

ඉහත උදාහරණ වලින් ඔබට පේනවා ඇති මාංශභක්ෂක, ශාඛභක්ෂක, සර්වභක්ෂක යන යෙදුම් ස්වාභාවික ලෝකය තුල ඇතැම්විට භාවිතය නිරර්ථක බව. මේ සියල්ල මනුශ්‍යාගෙ පහසුව තකා ඇතිකරගත් අර්ථනිරූපන පමණයි. නමුත් ස්වාභාවික ලෝකය තුල මේ අර්ථනිරූපනය අතික්‍රමණය කරන සංසිද්ධීන් හුදෙකලා සිද්ධීන් හෝ ව්‍යතිරේකයන් නෙවෙයි. අවස්ථාව පැමිණි විට සිදුවෙන සංසිද්ධීන්. මේ හැසිරීම් රටා සියල්ලක්ම පසුපස පැහැදිලි කිරීමක් තිබෙනවා. අධ්‍යනය කිරීම පමණයි අවශ්‍ය වන්නෙ එකී පැහැදිලි කිරීම ලබා ගැනීමට.

බුකියෙන් උස්සපු එකකි
 
  • Like
Reactions: BINGU_PUTHA

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    sattunge katee dath sakasma un kana kaama prabeedayata, ewa langaakara ganna widiya anuwa sakasila thiyanawa...unge aahara geerna paddathith un bahulawa kana ekata anuwa hadila thiyanawa....eekanisa mul warga kireeme waradak nm peenne na mata nm...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලේන්නු වේයන්ව කනවා මම දැකල තියෙනව
     
    Last edited:

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    sattunge katee dath sakasma un kana kaama prabeedayata, ewa langaakara ganna widiya anuwa sakasila thiyanawa...unge aahara geerna paddathith un bahulawa kana ekata anuwa hadila thiyanawa....eekanisa mul warga kireeme waradak nm peenne na mata nm...

    :yes::yes: