ඉමේජ් හැකිං..Image Hacking..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉමේජ් හැකිං..Image Hacking..

    කට්ටියට ටිකක් අහල නුපුරුදු දෙයක්.හැබැයි මෙහෙම දේවල් පවා අන්තර්ජාලය තුල සිද්දවෙනව කියල ඕගොල්ලෝ නොදන්නව ඇති.හැබැයි මේ ෆොටෝශොප් නම් නෙමි.ඇත්තටම ෆෝටෝ ෂොප් වලින් මේ වගේ දෙයක් කරනව කියන එක ලේසි නැහැ.සමහර පින්තූර වල වෝටර්මාක් තියෙනව.ඒව ඉවත් කරන්ඩ හරිම අමාරුයි.අමාරුයි කිව්වට කරන්ඩ බැරිම නෑ.හබැයි සෑහෙන වෙලා යන වඩක්.ඒත් ඒ සඳහා විශේෂ ටූල්ස් අන්තර්ජාලය තුලදී හොයාගන්ඩ හම්බෙනව .ටිකක් මහන්සි වුනොත් හොයා ගන්ඩ බැරි වෙන එකක් නෑ.හැබැයි පරිස්සමෙන් තියෙන ඒවගෙන් 99.9%ක්ම වයිරස් ඇටැච් කරල තියෙන්නෙ.

    මම හැබැයි ඉමේජ් හැක් කරන හැටි කියන්නේ නෑ.ඊට හේතු තියෙනව ගොඩක්.වඳුරන්ට දැලිපිහි හම්බුනාම වෙන දේ දන්නවනෙ.අනිත් එක දැනට අන්තර්ජාලය තුල තියෙන තමාගේ එකවුන්ට් වල රූප දක්වා ඇති පේපෑල් , ජීමේල් ,එකවුන්ට් වලටත් දරුණු තර්ජනයක් මේ හරහා එල්ල වෙන්ඩ පුලුවන්.මොකද කියනව නම් සමහර අය තමාගේ එකවුන්ට් එක පෙන්නනව මම මෙච්චර හම්බ කරා අච්චර හම්බ කරා කියල.ඒකෙදි කරන්නේ තමාගේ ඊමේල් එකවුන්ට් එක පෙන්ට් ටූල් එකක් භාවිතා කරල උඩින් මකන එක. කිසිම තේරුමක් නැති දෙයක්.මේ වගේ හැකින් ටූල් එකක් භාවිතා කරල ලෙහෙසියෙන්ම උඩින් අතුල්ලල තියෙන පේන්ට් තට්ටුව ඉවත් කරන්ඩ පුලුවන්.

    ඒ හින්දා ප්‍රවේසමෙන්.

    ආරක්ෂාවට උපදෙස්

    කිසිම විටක් පේන්ට් ටූල් එකකින් තමාගේ රහසිගත ඊමේල් ලිපිනයක් හෝ වැදගත් කෙතනයක් උඩින් පේන්ට් කර රූප වශයෙන් අන්තර්ජාලය තුල පෝස්ට් කිරීමන් වලකින්න.

    අවශ්‍ය නම් කට් කර ඩිලීට් කර දමන්න.

    ඡායාරූපයක වෝටර්මාක් දමන්නේ නම් තරමක් ලොකුවට පින්තූරය හරහා වෝටර්මාක් දමන්න උදාහරණයක් විදිහට ලංකාදීප වෙබ්සයිට් එකේ අය කරන්නේ පින්තුරය හරහා ලොකුවට ඕක දාන්ඩ ඕනෙ.(ලොකුවට දැම්මහම ටිකක් අමාරුයි අයින් කරන්ඩ.හබැයි බැරිනෑ).

    සමහර කරුණු කරානා වසන් කිරීමට සිද්දවෙනව.ඒව නොකියන්නේ ඕගොල්ලන්ගේ ආරක්ෂාවටමයි.මොකද මේව ඉතාමත්ම සූක්ෂම උපක්‍රම.

    උදාහරණයකට විතරක් මම උදේ පොස්ට් කරල තිබ්බ ත්‍රෙඩ් එකේ ෆොටෝ දෙකක් තුනක් හැක් කරල පෙන්නනම්.හබැයි මම අවසර ගත්තෙ නෑ.ඒකට සමාව ඉල්ලනව.

    මේ ටික කරල තියෙන්නෙ නම් මම සෝස්කෝඩ් එක ඉන්ටනෙට් එකෙන් අරගෙන මට ඕනෙ විදිහට හදාගත්ත පොඩි ටූල් එකකින්.එත් මේක පොඩ්ඩක් වින්ඩෝස්7 වල වඩ කරනව හොරයි.සිංහලෙන් කිව්වොත් කම්පටිබල් මදි.ඒ හින්ද සමහර තැන් ටිකක් බොඳවෙන ගතියක් තියෙනව.හබැයි මීට වඩා අති සූක්ශම ටූල්ස් ඕනෙ තරම් තියෙනව.දශමයක් බොඳ නොවෙන්ඩ වෝටර්මාක්ස් ,ඊමෙල් උඩින් වහල තියෙන පේන්ට් පාරවල් ඉවත් කරන්ඩ ඒවට පුලුවන්.
    Original

    dsc00512g.jpg


    after

    20122938.png





    Original

    dsc00512g.jpg



    after

    58758428.png



    Original

    dsc00514w.jpg



    after

    30243259.png


    Original
    dsc00509j.jpg



    After

    32098455.png




    Original


    picture165q.jpg


    after

    11493839.png



    Original

    picture176t.jpg


    after

    38742241.png



    Original


    picture206v.jpg




    after

    41612653.png