ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි
ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි
උතුරේ ආරක්ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක්වූ ඉරණමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර ඉවත්කරගැනීමට හමුදාවට සිදුවිය 2009 ජනවාරි 1 දා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ මෙහෙයවීම යටතේ ඉදිරියට ගිය බලඇණියක් ඉරනමඩු මංසන්ධියද ඉන්පසු ඉරනමඩු නගරයද අල්ලාගනු ලැබීය. ඉරනමඩු ජලාශය පවා කොටි පාලනය යටතේ පැවැතුනි. එහෙත් වසර අටකට පසු ඉරනමඩු හමුදා කඳවුර ඉවත්කරගැනීම යනු එම ප්‍රදේශය මුදාගැනීමට දිවි පිදූ ගෞරවනීය හමුදා භටයන්ට කළ අවමානයකි.
පසුගිය කාලය තුළ ඉරනමඩු ජලාශයට ආරක්ෂාව සපයන ලද්දේද මෙම හමුදා කඳවුරෙනි. මේ අතිශයින්ම වැදගත් ඉරනමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර රජය ලවා ඉවත්කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය හා එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් දියත්කළ සැලසුම සාර්ථක වූයේ පසුගිය බදාදා මුළු හමුදා කඳවුරට ඉවත්කර ගැනීමෙනි.
2012 සැප්තැම්බර් මස උතුරේ එන්. ජී. ඕ. ක්‍රියාකාරියකුවූ නඩරාජා කුරුපරන් නැමැත්තා ඉරනමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර උපාය මාර්ගික ස්ථානයක් බව සඳහන් කර තිබුණි.
එසේනම් ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මත ඉරණමඩු හමුදා කඳවුර ඉවත්කරගත්තේ මන්ද?
මෙයට අමතරව මේ වසරේ පෙබරවාරි මාසයේදී සමස්ත ලංකා හින්දු කොංග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානයද කොටි ගුවන් ධාවන පථය පිහිටි ඉරනමඩු ගුවන් හමුදා කඳවුර ඉවත්කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත. කොළඹ සිට ක්‍රියාත්මක වන සමස්ත ලංකා හින්දු කොන්ග්‍රසයේ සභාපති කන්දයියා නිලකන්දන් නැමැත්තා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතින් ඉල්ලීමක් කරමින් මුලතිව්හි ගුවන් හමුදා කඳවුර අහෝසි කරන ලෙස දක්වා තිබුණි.
කොටි සංවිධානය ඉරනමඩු ගුවන් බාධක පථය පවත්වාගෙන යමින් කොළඹට බෝම්බ දමද්දී මේ නිලනන්දලා ඒ ගැන වචනයක්වත් පැවසුවේ නැත. එහෙත් පසුව හෙලිවූයේ මුලතිව් ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩමේ කොටසක් රජය නිදහස් කළ බවයි.
2009 ජනවාරි මස වනවිට සිංහ රෙජිමේන්තුවේ නව වැනි බළඇණිය ඉරනමඩුහි පිහිටි කොටි ගුවන්ධාවන පථය දින දෙකක් සටනකින් පසු අල්ලාගනු ලැබීය. ඉන්පසු ගුවන් හමුදාව 2009 මැයි මස ඉරනමඩුහි කඳවුරක් ස්ථාපිත කරනු ලැබීය.
මෙලෙස වසර අටකට පසු ඉරනමඩු හමුදා කඳවුර ඉවත්කරගැනීමෙන් පසු ද්‍රවිඩ සන්ධානයේ ඊළඟ ඉලක්කය ඉරනමඩු ගුවන් හමුදා කඳවුරයි.
එසේම ද්‍රවිඩ සන්ධානයේ අබිරහස් ඉලක්කය වූ සියළුම හමුදා උපාය මාර්ගික කේන්ද්‍රස්ථාන රජයේ පාලනයෙන් මුදාගැනීමේ මෙහෙයුම ඉදිරියටත් ව්‍යාප්ත කර ඇත.
එය නාවික හමුදාවේ උතුරු උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය වූ කරෙයිනගර්හි මඩක්කුවලාවු දක්වා ක්‍රියාත්මක වී තිබේ.
read full