ඉරවල් හතක් පායා ලෝකය දැවී යයි

sameera15852

Member
Sep 4, 2008
1,504
132
0
Godagama, Homagama
ඉරවල් හතක් පායා ලෝකය දැවී යයි

470047_334767969933138_1503460083_o%255B1%255D.jpg



සත්තසුරියුග්ගමන සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.


මහණෙනි, මේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.


දුර්භික්ෂ සමයක්




මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්ෂාව නොවසියි. මහණෙනි, වර්ෂාව නොවස්නා කල්හි යමි ඇට වර්ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.


දෙවන හිරැ පහල වෙයි

මහණෙනි, කවර කලෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍යයයෙකුගේ පහළ විම සිදුවෙයි. දෙවෙනි සුය්ර්‍යයා පහළ වීමෙන් කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සි‍ඳෙත්. වියලී යත්. නොවෙත්.

තෙවන හිරැ පහල වෙයි

කවර කාලයෙක හෝ දීඝෟ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍යයෙකු පහළ වෙයි, තුන්වෙනි සුර්‍යයා පහළ වීමෙන් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගා වෙද්ද, මේ ගංගාවෝ වියලී යත්. සි‍ඳෙත්. නොවෙත්.

සිවිවන හිරැ පහල වෙයි


මහණෙනි, කවර කාලයෙක හෝ දිර්ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍යයා පහළ වෙද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍යයාගේ පහළ වීමෙන් යමි තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නමි, ඊට හේතු වන මහා විල් වෙද්ද, එනමි, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡුද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සි‍ඳෙත්. නොවෙත්.


පස්වන හිරැ පහල වෙයි


මහණෙනි, කවර කාලයෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍යයා පහළ වෙද, එබදු කාලයක් ද වෙමය. පස්වෙනි සුර්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. සත්තලක් (තල් ගස් සතක උසට) හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයේහි සප්ත පුරුෂ ප්‍රමාණ (පුරැෂයන් සතකගේ උසට) ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යමි සේ ලොකු වැහි බින්දු ඇති වර්ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොන් කුරයන්හි පමණ ජලය සිටියේ වුවද, මහනෙනි, පස්වෙනි සූර්‍යාගේ පහළවීමෙන් ඇගිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයේහි ජලය නොවෙයි.


සවන හිරැ පහල වෙයි

ඒ දීර්ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබදු කාලයක් වෙමය. මහණෙනි, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථුවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්. මනාකොට දුමි නගත්. මහණෙනි, යමි සේ කුඹල්කරුවාගේ වලං ඇසුරූ පෝරණුව මැටි ආලේප කළ පසුව පළමු පළමුව දිමි දමාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්..

සත්වැනි හිරැ පහල වෙයි


මහණෙනි, කිසියමි දීර්ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබඳු දීර්ඝ කාලයක් වෙමය. සත්වෙනි සූර්‍යයා පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මෙ මහා පෘථුවියේද, මෙරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මෙරු පර්වතයේද, මෙ මහා පෘථුවියේද, දවනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කදින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුඵ බිදි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුඵ බිඳි විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුඵ බිඳි විනාශ වෙත්. දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙරු පර්වතයෙහිද, මෙ මහා පෘථිවියෙහිද අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දවනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අඵ නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දවනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙ මහා පෘථිවියේද, මෙරු පර්වතයේද, අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීමි රහිතයහ. මහණෙනි, යමි බඳුවූ මෙ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය. මහණෙනි, මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද, ගින්නෙන් ඩැහැ ගන්නේයයි, විනාශ වන්නේයයි දැක්කවුන් හැර (සංස්කාරයාන් මනා කොට දැක්කවුන්| ආර්‍යයන් හැර) කවරෙක් සිතාද, කවරෙක් අදහාද.


මහණෙනි, පෙර වනාහි කාමයන්හි දුරු කළ ආශා ඇති තීර්ථක නායකවූ සුනෙත්‍ර නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර නම් ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘවරයා බඹලොව ගමන පිණිස සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. මහණෙනි, බඹලොව ගමන පිණිස ධර්මය දේශනා කරන්නාවූ සුනෙත්‍ර ශාස්තෘවරයාගේ සියඵ ශාසනය ඔවුහු සර්වප්‍රකාරයෙන් දත්තෝ. කායයාගේ බිදීමෙන් මරණින් මතු සුගතිය නමිවු බඹලොව උපන්හ.


යමි කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් ශාසනය නොදත්තෝද, ඔවුහු කායයාගේ බිඳිමෙන් මරණින් මතු ඇතැමි කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් නිර්මාණරතී දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් තුසිත දෙවියන් සමග උපන්හ. ඇතැමිහු යාම දෙවියන් සමග උපන්හ. ඇතැමි කෙනෙක් තවිතිසා දෙවියන් සමග උපන්හ. තවත් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන් සමග උපන්හ. ඇතැමිහු ක්‍ෂත්‍රිය මහාසාර කුලයන් හා එක්ව උපන්හ. තවත් අයෙක් බ්‍රාහ්මණ මහාසාර කුලයන් හා එක්ව උපන්හ. ඇතැමි කෙනෙක් ගෘහපති මහාසාර කුලයන් හා එක්ව උපන්හ.


මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘවරයාට මෙ අදහස විය. ශ්‍රාවකයන් හා පරලොව සම සම ගතීහු වන්නාහුද, මෙය වනාහි නුසුදුසුය. මම මත්තෙහි මෛත්‍රීය වඩන්නේ නමි ඉතා යෙහෙක කියායි. මහණෙනි, ඉක්බිති, සුනෙත්‍ර ශාස්තෘ තෙම සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙය. සත් වසක් මෙත් සිත වඩා, ලෝකය නැති වෙමින් හා ඇති වෙමින් පවත්නා කල්ප සතක් මෙ ලෝකයට නැවත නොආයේය.


මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි. මහණෙනි, එහි බ්‍රහ්මයා වෙයි. මඩින්නන් විසින් නොමැඩිය හැකි, ඒකාන්තයෙන් යටතට ගත්, අධිපතිවූ මහා බ්‍රහ්මයා වෙයි. මහණෙනි, සතිස් වාරයක් වනාහි දෙවියන්ට අධිපතිවු ශක්‍රයා විය.


නොයෙක් සිය ගණන් වාරවල සත් රුවනින් යුතු ජනපදයන්ගෙන් සෑදුන සිවු දිවයිනක් දිනනසුඵ ධාර්මිකවූ, දැහැමි රජවූ සක්විති රජ විය. ඔහුට සූරවූ, විරවූ, අන්‍ය සේනා පරදවන මනා අග පසග ඇති පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ චක්‍රවර්ති රජ තෙම සාගරය කෙළවරකොට ඇති මෙ පෘථිවිය, දඩුවමින් තොරව, ආයුධ ආදියෙන් කරණ යුදවලින් තොරව, ධර්මයෙන් දිනා වාසය කළේය. මහණෙනි, ඒ සුනෙත්‍ර ශාස්තෘ තෙම වනාහි මෙසේ දීර්ඝායුෂ්කවූවත්, චිරස්ථායිවුවත්, නොමිදුනේ විය. ඉපදීමෙන්ද, ජරා, මරණ, ශෝක, පරිදේව වැළැපීම, දුඛ, දොමනස්ස, උපායාස සිත් තැවුල් දුක්වලින් නොමිදුනේය, දුකින් යුක්තවූයේයයි කියමි.



මහණෙනි, එයට හේතු කවරේද? සතර ධර්මයන්ගේ අවබෝධ නොකිරීමෙනි, ප්‍රතිවෙධ නොකිරීමෙනි. කවර සතර ධර්මයන්ගේද යත්? ආර්‍ය ශීලය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය සමාධිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය ප්‍රඥාව අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්, ආර්‍ය විමුක්තිය අවබෝධ නොකිරීමෙන්, ප්‍රතිවෙධ නොකිරීමෙන්ද යනුයි.


"මහණෙනි, යුෂ්මතුන් විසින් ආර්ය ශීලය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී ...ආර්ය සමාධිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී.ආර්ය ප්‍රඥාව අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...ආර්ය වූ විමුක්තිය අවබෝධ කරන ලදී .ප්‍රතිවේධ කරණ ලදී...භව තෘෂ්ණාව උපුටා දමන ලදී ...භවයෙන් භවයට ගෙන යන තෘෂ්ණාව ක්‍ෂය විය ...දැන් නැවත ඉපදීමක් නැත ..." භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක...දේශනාකොට සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉන්පසු මෙය දේශනා කළ සේක...


"ශීලයද,සමාධියද ,ප්‍රඥාවද ,ලෝකෝත්තර මිදීමයයි කියන ලද අරහත් ඵලයද යන ධර්මයෝ යශස් ඇත්තාවූ ගෞතමයන් විසින් අවබෝධ කරණ ලද්දාහුය ...

"මෙසේ බුද්ධ තෙම විශ්ෂ්ඨ ඥානයෙන් මනාකොට දන භික්ෂූන්ට ධර්මය දේශනා කළ සේක.සසර දුක් කෙළවර කළාවූ ,පසැස් ඇත්තා වූ ශාස්තෲ තෙම ක්ලේශ පරිනිර්වාණයෙන් නිවුන සේක .... "
(අඞගුත්තර නිකාය, සත්තක නිපාතය, දෙවැනි පණ්ණාසකය, මහා වග්ගය, සත්තසුරියුග්ගමන සූත්‍රය)

උපුටාගත්තේ මුහුණු පොතෙන්
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    good post machan.

    podi prashnayak thiyenawa danne nathi hinda ahanne (coz I'm not buddhist) oya 7ma paayanakal minissu innawada? naththam keeyak paayanakal innawa kiyalada kiyala thiyenne?
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් මෙහෙමයි මත ඔය ගැන කල්පනා කරා...අත්තටම අපගේ බුදහු රජාණන් වහන්සේ මෙලෙස ඉරවල් සතක් පිලිබදව දේශනා කර ඇත්තේ, ඉරවල් සතක රශ්නයක් ලබනව කියන එක වෙන්න පුළුවන්....මොකද දැනට විද්‍යාව අනුව සුර්යාගේ ශක්තිය නැතිවිමේදී (අදික දහනය නිසා) සුර්යාගේ ඇති හ්ය්ට්‍ර්ජන් (H2) වැඩි වීමක් සිදුවෙනවා.( මතක විදිහට බන්...අඩු වෙනවද දන්නේ නැ:P:P:P:P:P) එක නිසා සුර්යාගේ විෂ්කඹ ඉතා අදිකව වැඩි වෙනවා (ප්‍රසාරණය වෙනවා සුර්යය) .අපගේ පෘතුවිය ආසන්නයටම විශාල වෙනවා සුර්යයා..එක නිසා පෘතුවිය ගිනි ගන්න තරමටම රත්වෙලා තම විනාශ වෙන්නේ.. මොකද ඉර ඉතා ලගයි අපට...
    e කලේ හිටපු මිනිස්සුන්ට තිබුන දැනුම ප්‍රමානය බුදු රජාණන් වහන්සේ දන්නා නිසා ඔව්න්ට තේරුන් ගැනීමට ඇති අපහසු තත්වයත් නිසා ඔය ඉරවල් 7ක් ගැන විස්තර කල වෙන්න බැරිද....මට හිතන විදිහටනම් එහෙම තමා.
    අනික මචන් මන් හොයල බැලුව අනිත් ආගම් වල කොහමද ඕක කියල තියෙන්නේ කියල...මන් දන ගත්ත දෙයක් තමා ඉස්ලාම් ආගමේ කියනවා ලෝකේ විනාස වෙන්න කලින් ඉර ඔළුවට අඩියක් ඉහලින් පායනවා කියල....ඒ කියනෙත් ඔය කතාවට සමාන කතාවක්....(උබල දන්නවනේ ඉතින් අරාබි කාරයොන්ගේ මොලේ අග පුරාණේ )
    අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා (මගේ දැනුම හරිනම් ) මිනිස්සුන්ට තුත්තිරි ගහකට නගින්න පුළුවන් වෙනවා කියලා. ඒ කියන්නේ එට්ච්චර පොඩි වෙනවා.. ඔහම කතාවක් ඉස්ලාම් ආගමේත් කියනවා...ඒ කියන්නේ මිනිස්සු පොඩි වෙනවා කියලා..
    එකේ කියන විදි හට අදෙම් ඉතාමත් උසයි නේ....ඉතින් දැන් අපි ඊට වැඩ පොඩියි. ඒ කියන්නේ තව කාලයක් යද්දී අපිත් තව පොඩි වෙලා පොඩි වෙලා තුත්තිරි ගහකට නගින ගානකට පොඩි උනාට පස්සේ තමා ලෝකේ විනාස වෙන්නේ......(මන් අදම්ව ගත්තේ උදාහරණයක් විදිහටයි...) හිතපන්කෝ දැනටමත් පය පිලිපිනේ රටේ මිනිස්සු පුන්චිනේ බන්....අපටත් ඔය ටික වෙයි තව කල් යද්දී...?

    වෙලාවකට හිතෙනවා බන් මේ ආගම් වල මොකක් හරි සම්බන්දෙකුත් ඇති කියලා....

    උබල දැන් මෙතන ආගම් වාදය අදගෙන මට බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා හරිද....මම දන්නා විදිහටත් මන් තේරුන් ගත්ත විදිහට්ටත් මන් කිව්වේ....මේ කියපුව වැරදිනම් දන්නා කෙනෙක් මව නිවැරදි කරපන් ඉතින්....

    බුදු සරණයි......
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දඩබ්බරයා;13299414 said:
    මචන් මෙහෙමයි මත ඔය ගැන කල්පනා කරා...අත්තටම අපගේ බුදහු රජාණන් වහන්සේ මෙලෙස ඉරවල් සතක් පිලිබදව දේශනා කර ඇත්තේ, ඉරවල් සතක රශ්නයක් ලබනව කියන එක වෙන්න පුළුවන්....මොකද දැනට විද්‍යාව අනුව සුර්යාගේ ශක්තිය නැතිවිමේදී (අදික දහනය නිසා) සුර්යාගේ ඇති හ්ය්ට්‍ර්ජන් (H2) වැඩි වීමක් සිදුවෙනවා.( මතක විදිහට බන්...අඩු වෙනවද දන්නේ නැ:P:P:P:P:P) එක නිසා සුර්යාගේ විෂ්කඹ ඉතා අදිකව වැඩි වෙනවා (ප්‍රසාරණය වෙනවා සුර්යය) .අපගේ පෘතුවිය ආසන්නයටම විශාල වෙනවා සුර්යයා..එක නිසා පෘතුවිය ගිනි ගන්න තරමටම රත්වෙලා තම විනාශ වෙන්නේ.. මොකද ඉර ඉතා ලගයි අපට...
    e කලේ හිටපු මිනිස්සුන්ට තිබුන දැනුම ප්‍රමානය බුදු රජාණන් වහන්සේ දන්නා නිසා ඔව්න්ට තේරුන් ගැනීමට ඇති අපහසු තත්වයත් නිසා ඔය ඉරවල් 7ක් ගැන විස්තර කල වෙන්න බැරිද....මට හිතන විදිහටනම් එහෙම තමා.
    අනික මචන් මන් හොයල බැලුව අනිත් ආගම් වල කොහමද ඕක කියල තියෙන්නේ කියල...මන් දන ගත්ත දෙයක් තමා ඉස්ලාම් ආගමේ කියනවා ලෝකේ විනාස වෙන්න කලින් ඉර ඔළුවට අඩියක් ඉහලින් පායනවා කියල....ඒ කියනෙත් ඔය කතාවට සමාන කතාවක්....(උබල දන්නවනේ ඉතින් අරාබි කාරයොන්ගේ මොලේ අග පුරාණේ )
    අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා (මගේ දැනුම හරිනම් ) මිනිස්සුන්ට තුත්තිරි ගහකට නගින්න පුළුවන් වෙනවා කියලා. ඒ කියන්නේ එට්ච්චර පොඩි වෙනවා.. ඔහම කතාවක් ඉස්ලාම් ආගමේත් කියනවා...ඒ කියන්නේ මිනිස්සු පොඩි වෙනවා කියලා..
    එකේ කියන විදි හට අදෙම් ඉතාමත් උසයි නේ....ඉතින් දැන් අපි ඊට වැඩ පොඩියි. ඒ කියන්නේ තව කාලයක් යද්දී අපිත් තව පොඩි වෙලා පොඩි වෙලා තුත්තිරි ගහකට නගින ගානකට පොඩි උනාට පස්සේ තමා ලෝකේ විනාස වෙන්නේ......(මන් අදම්ව ගත්තේ උදාහරණයක් විදිහටයි...) හිතපන්කෝ දැනටමත් පය පිලිපිනේ රටේ මිනිස්සු පුන්චිනේ බන්....අපටත් ඔය ටික වෙයි තව කල් යද්දී...?

    වෙලාවකට හිතෙනවා බන් මේ ආගම් වල මොකක් හරි සම්බන්දෙකුත් ඇති කියලා....

    උබල දැන් මෙතන ආගම් වාදය අදගෙන මට බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා හරිද....මම දන්නා විදිහටත් මන් තේරුන් ගත්ත විදිහට්ටත් මන් කිව්වේ....මේ කියපුව වැරදිනම් දන්නා කෙනෙක් මව නිවැරදි කරපන් ඉතින්....

    බුදු සරණයි......

    මටත් හිතෙන්නේ කාලයත් තිස්සේ සිදුවන වෙනස්කම තමා මේ පෙන්නලා දීල තියෙන්නේ.
    මේ ඉතාම දිගු කාලයක් තිස්සේ වෙන ක්‍රියාවලියක් නේ.
     

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    Good post machoo..... othana punchi prashnayak thiyanawa tawa eka irak hari kumana akarayakin hari ape loke asannayata awoth eke guruthwakarshanayen Earth eka gaman karana margaye wenasak athi wenawa .wenasa gena pahadili karanna baha eka koi akarayata Earth kara langa wenawada kiyana bari nisa . irawal hathak kese wethath eka irak ho aluthen ek unoth loku prashnayak wenawaa...eka nisa may kathawa tikak hithanna wenawaaa
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ ඉරවල් 7ක් කතාකරනවා.. දැනට තියන එක..තියන තැනෙන් පොඩ්ඩක් පහතට ආවනම් අම්මා සෝරු තමයි..