ඉරාජ්ට පිළිතුරු #1

zen

Member
Apr 21, 2007
55
10
0
Sri Lanka
මචං ඉරාජ්

IRAJ.jpg
[/url][/IMG]

මචං ඉරාජ්(ඉරාජ්ට පිළිතුරු #1)

(ලියන්නට නොහිතුවත්, අහම්බෙන් දැකපු උඹේ අළුත් ස්ටේටස් එකක් නිසා ලියා තියන වග නම්)

පළමුවෙන්; උඹ දන්නා “උඹේ ආදරණීය ලංකා මාතාව” හා අපි දන්නා “ආදරණීය ලංකා මාතාව” යනු දෙකකි. ඒ අනුව බැලූ කළ උඹ ඔය විශ්වාස කරන දේ වල වරදක් ඇත්තේ නැත. වරද ඇත්තේ උඹ ඒවා විශ්වාස කිරීම තුළ ය.

උඹ දන්නා “උඹේ ආදරණීය ලංකා මාතාව” උඹේ “නීතීඥ” යහළුවාගේ (ගැත්තාට සමාව අවසර මල් කුමාරයාණෙනි) තනියෙන්ම අවුරුදු තිහක යුද්දයක් නිමා කළ, රටක් සංවර්ධනය කර, පාරවල් හැදූ, “ජනාධිපති” පියා විසින් පාලනය කෙරෙනු ලැබෙයි. රටවැසියෝ දරාගත නොහැකි ආතල් එකේ (යුද්දේ දින්නා) උඹේ උම්මා උම්මා සින්දුවක් අසා අයි.ටී.එන්. එකේ රාත්‍රියට යන නිව්ස් හා නාට්‍ය බලා බෝම්බ වලට නොබියව (යුද්දේ දින්නා), විදේශීය කුමන්ත්‍රණ හා විජාතික බලවේග වලට අම්බානක නෙළන අයුරු සිහිනෙන් දකිමින් සුවසේ නිදති. රුපියල් දෙදාස් පන්සීයක් වැනි සුවිසල් මුදලකින් මාසයක් රජ බොජුන් වළඳා (දැවැන්ත සංවර්ධනයක් වෙනවා) අළුත්ම වාහනයකින් (සුදු වෑන් එකකින් හෙම නොවේ) හයිවේ එකේ ඉක්මණින් වැඩට ගොස් ඉක්මණින් ආපසු ගෙදර එති (පාරවල් හැදෙනවා). පොලිසිය තරාතිරම් නොබලා නීතිය අකුරටම ඉටු කරති. රටේ හිටපු දූෂිත දේශපාලනඥයන් සියල්ලෝම අවුරුදු ගණන් වලට සිරබත් කති (තිබ්බ ෆයිල් එළියට ඇදලා). නීතියේ ආධිපත්‍යය රජයන බැවින් සමාජයේ වැරදි ශීඝ්‍රයෙන් අඩුවී ඇත (ඇයි යුද්දේ දින්නා). යමෙක් ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක් ගැන සිතූ පමණින්ම, එම අපරාධකාරී සිතුවිල්ල ආ පුද්ගලයා වටා සිර කූඩුවක් මැවෙනවා ය. එතරම්ම සමාජය දියුණු වී ඇත (පාරවල් හැදෙනවා). දේශපාලනඥයන් කවදාවත් වැරදි කරන්නේ නැත (අමතක වීම් ද නැත). පාර්ලිමේන්තුවේ සිටින සීමිත සංඛ්‍යාව ද ඉතාම ඉහළට ඉගෙන ගත් මනා විනයකින් හෙබි පුද්ගලයන් ය. සිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් බස බස ගා ලැබේ. ඔවුන්ට පාරට බහින්නට වන්නේම නැත. ඒ වෙලාව ඔවුන් ඉගෙනීමට යොමු කර ගනියි. (තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගුරුවරුන්ට දණගහන් ඉන්න වෙන්නේ ද නැත) තව ගොඩක් කතා ඇත, ඒ ඔක්කොම ලියන්න ගියෝතින් මට ඉතිරිය ලියන්න හිතෙන්නේ නැති නිසා “උඹේ ආදරණීය ලංකා මාතාව” ආසියාවේ ආශ්චර්යය වී ඇති ආකාරය (දැවැන්ත සංවර්ධනයක් වෙනවා) එතෙකින් නිමා කරන්නෙමි.

දෙවනුව; අපි දන්නා “ආදරණීය ලංකා මාතාව” ගේ කතාව දිග හැරෙන්නේ ද උඹේ එකෙ දිග හැරුණු ආකාරයටම ය. හැබැයි ඒ යම් යම් වෙනස් කම් වලින් යුතුව ය.

කලින් කිව්වා සේම මේ රට ද, උඹේ “නීතීඥ” යහළුවාගේ (ගැත්තාට සමාව අවසර මල් කුමාරයාණෙනි) තනියෙන්ම අවුරුදු තිහක යුද්දයක් නිමා කළ, රටක් සංවර්ධනය කර, පාරවල් හැදූ, “ජනාධිපති” පියා විසින් පාලනය කෙරෙනු ලැබෙයි. හැබැයි මේ රටේ සාමාන්‍ය මිනිස්සු නම් එච්චර ආතල් එකකින් ඉන්න පාටක් පේන්න නැත. හැමෝම යමක් කියාගන්නට නොහැකිව හිර කරගෙන ඉන්න පාටක් මූණු වල පේන්නට තිබේ. යුද්දේ දින්නාට කට්ටිය ඒ දවස් වල යුද්දේ දිනාගන්නට තද කරගත් පටි දැන් රෝල් වෙලා ඇඟේ කෑලි බවට පත් වෙලා තිබේ. යුද්දේ ගැන කතා විසිහතර පැයේම අසා ඔවුන්ගේ කණ් කූං කූං ගානවා ය. යුද්දේ ඉවර වුණාට, සාමය ලැබුණාට, ඔවුන්ට ලැබුණු නිදහසක් නම් නැත.

පෑන කඩුවට වඩා බලවත් නිසා ද කොහෙද ඒක ඉස්සුවොත් සුදු වෑන් ඇවිත් පෑන් පිටින් ඉස්සෙනවා ය. ලසන්තලා එක්නැළිගොඩලා අතුරුදන් වුණේ ද එහෙම බව කාටත් මතක තිබේ. බොන්නට වතුර ටිකක් නැති නිසා කවුරුත් පැත්ත පළාත බලන්නේ නැති නිසා වතුර ඉල්ලන් පාරට බැස්සාම රට රැකපු රජතුමාගේ පස්සෙන් යුද්දෙට ගියපු “රණවිරුවෝ” දම්මලා වෙඩි තියනවා ය. තෙල් නිසා උද්ඝෝෂණය කරපු මීගමුවේ ඇන්ටනීටත් ඒ විදිහටම වෙඩි තිබ්බා මතක ය. එතෙකින් නොනැවතී ඒ රණවිරුවෝම ලව්වා උඹේ යාළුවාට රේස් පදින්නට වැලි ගෝනි ඇද්දවූ හැටි ද මේ රටේ මිනිස්සු මතක තියාගෙන සිටිති. මිනිස්සුන්ට, විශේෂයෙන්ම උඹේ රසිකයන්ට අමතක යැයි උඹ හිතාගෙන හිටියාට පොළවේ පයගහලා ජීවත් වෙන, ජීවත් වෙන්න නොවිඳිනා දුක් විඳින කට්ටියට ඔව්වා හොඳට මතක ය. උඹේ පේජ් එකේ අර කොමෙන්ට් කරන්නේ ද එහෙම අය බව මතක තියාගන්න තරමට හොඳ ය.

අද ලංකාවේ සිංහල, මුස්ලිම්, දෙමළ අපි හැමෝම කොළඹදී එකට ජීවත් වෙන අයුරු ගැන උඹ ලියා තිබුණේ මොළේ උඩ ඉඳගෙන ද කියලා අහන්නට හිතෙන්නේ දැන් උඹේ යාළුවාගේ තාත්තාට එළිපිට කඩේ යන (අපි දන්න කාලේ ඉඳන් ඕකා කඩේ ගියේ හොරෙන් හොරෙන්) නානසාර අංකල් අළුත්ගමදී කියූ “අබ සරණ” කතාව මතක් වුණ නිසා ය. උඹට ඔව්වා මතක නැත්තේ උඹ ජීවත් වුණේ වෙන රටක නිසා වෙන්න ඇති බං. අවුලක් නෑ යුද්දේ දින්නනේ කියන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි ඉතිං.

ඊළඟට – “මේ මොහොතේ මෙම අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙකු පරාජය කිරිම සඳහා, අන්තවාදී මුස්ලිම් බලවේගත්,අන්තවාදී දෙමළ බලවේගත්, බටහිර රටවල්, තානාපති කාර්යාල,විවිධ රාජ්‍ය නොවන සංවිධාන,විවිධ දේශපාලන පක්ෂ එකතු වී ක්‍රියා කිරීමෙන් මට දැනෙන දේ නම් එම අපේක්ෂකයා ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයෙකු බවයි. ඔහු දුර්වලයෙකු නම් මේතරම් වෙහෙසක් දරා ඔහුව පරාජය කිරීමට අවශ්‍ය වන්නේ නැති” – වග උඹ ලියා තිබුණි.

කාරණාව ඇත්ත ය. ඔහු දුර්වලයෙකු නොව, ක්‍රමයෙන් ඒකාධිපතීත්වයට පිය තබනා, අවස්ථාවාදී කට්ට කෛරාටිකයෙකි. ඔහුව පරදන්නට මෙවන් ව්‍යායාමයක් කරන්නට සිදුව ඇත්තේ අන් කිසිවක් නිසා නොව ලොව අනෙක් ඒකාධිපතියන් කළ සියල්ලම ඔහු ද අකුරටම ඉටු කර ඇති නිසා බව උඹට මතක් කර දිය යුතු ව තිබේ. තමන්ගේ නෑදෑයන් සියල්ලම රටේ අස්සක් මුල්ලක් නෑර බලය රැක ගැනීම උදෙසා තනතුරු වලට පත් කර ඇත. විසුරවා නොහළ හමුදාව කාටත් නොදැනෙන අන්දමින් මහජනයා අතරේ ස්ථාන ගත කර අති සූක්ෂම හමුදා ආධිපත්‍යයක් යටතට ඔවුන් රැගෙන ඇත. සියළුම මාධ්‍ය පාහේ ආණ්ඩුවේ අතකොළු බවට පත් කර සාමාන්‍ය මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතීන් උල්ලංඝණය කර ඇත. අන්තර්ජාලය නවතන්නට හැකියාවක් නැති කම නිසා නොවන්නට එයට ද ඔය සෙතේම අත් වන්නට තිබුණි. ඉනුදු නොනැවතී, තමන් අසළින් සිටින සියල්ලන්ටම හොරකම් ගසා කෑම් සියල්ලම සිතු සේ කරගැනීමට ඉඩ හැර තමන් අත හැර යන්නේ නම් “ෆයිල් තිබෙන” බව මතක් කරයි.

මිනිස් අයිතිවාසිකම් බල්ලට දමා ඇත. ඒ වෙනුවෙන් කතා කරන ඕනම එකෙක්ට විජාතික බලවේග, අන්තවාදියෝ, විදේශීය කුමන්ත්‍රණ කරුවන් යැයි අහගන්නට සිදුවන අතර ඊටත් එහා ගියොත් වෑන් වල නොමිලේ වටවන්දනාවේ ගොස් නිවන් දැකීමට සළස්වයි. බෝ දුබල සේනාවට පින් සිදු වන්නට ඔය නම් අහගන්න සෙල්ලම අපි පාස් කළේ මීට අවුරුද්දකට කලින් ය. කොටියෝ කොටියෝ කියා කෑ ගැහුවාට එල්ටීටීඊ එකේ බර අතු ටික කස්ටිය පිටින්ම වළ බැස ඉන්නේ කොහේද කියා අපට හොඳට පෙනෙන්නට තිබේ.

වැඩිය කියන්නට ඕනා නැත මූලික මිනිස් අයිතිවාසිකමක් උදෙසා පාරට බට තරුණයෙක් පොලිස් දඩ බල්ලන් යොදා නිර්වස්ත්‍ර කර පාර දිගේ ඇදගෙන යනු ඊයේ පෙරේදා අපි දුටිමු. උපාධිය ඉල්ලා පාරට බට තරුණ තරුණියන්ට බැටන් පොල්ලේ “අවම බලය” යොදා අත දිග හැර පහර දෙනු අපි දුටිමු. මේවා උඹට නොපෙනෙනවා ද එසේත් නැත්නම් දැක දැකත් යහළුවා නිසා නිහඬව සිටිනවා ද යන්න අපි නොදනිමු. ළඟ ඉන්නේ, දිනන්නට ඕනෑ නම් හම්බන්තොටින් ගෙනත් පදිංචි කරන්නට පුළුවන් යැයි ද ඡන්දේ දුන්නේ නැත්නම් ගෙවල් වලින් ඇද දැමිය යුතු යැයි ද කියූ යාළුවෙක් නිසා උඹට ඉතින් මෙව්වා කියා වැඩක් නැති නමුත් මේ ටික ලියා තබන්නට හිතුණේ අඩුම තරමේ කියවන වෙන එකෙක්ට හරි මොකක්ම හරි හිතෙන්නට ඉඩ ඇති නිසා ය.

අවසානයට; සුනිල් ආරියරත්න මහතා, නන්දා මාලනී මහත්මිය, කපුගේ මහතා වැනි අභීත කලාකරැවන් දේශපාලන ”ගොං වැඩ” මැරකම්,දුෂණය විවේචනය කළ ආකාරය සමඟ උඹේ නම ගාවගන්නට නම් හිතන්නට වත් එපා ය. මොකද ඒ “මිනිස්සු” දූෂණ සීයක් කරපු අවලම්මු හංගන් ඉන්න, මිනී මරපු විදිහ අමතක වුණාට කුඩු විකුණන්න මතක මිනිස්සු ආරක්ෂා කරන, ෆයිල් තිබ්බට පියවර නොගන්න, නීතිය බල්ලට දාපු, ආඩම්බරකාර තාත්තලා වෙනුවෙන් කතා කළේ නැති නිසා ය.

ලංකාවේ අවංක මිනිස්සුන්ට තාම මේ රටේ වුණ දේවල් හොඳින් මතක ය. අර දූෂණය වූ සියයක් අක්කලා නංගිලා අතරේ, වතුර ඉල්ලලා වෙඩි කාපු තුවාල කරගත්තු අසරණයන් අස්සේ, නානසාරගේ වචන වලට නොමග ගිහින් ගෙවල් ගිනි තිබ්බ කොල්ලෝ අතරේ, ඒ ගිනිගත්ත ගෙවල් අයිති මිනිස්සු අතරේ, රාජපක්ෂ රෙජීමයේ මරු විකල් හැසිරීමෙන් පීඩාවට පත් මිනිසුන් අතරේ, උඹගේ රසිකයන්ද ඉන්නට ඇති කියා උඹට නොහිතෙන්නේ උඹේ අවාසනාවකටද එහෙමත් නැත්නම් උන්ගේ අවාසනාවකටද කියා මට නොතේරේ. උඹේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ලොවෙත් නැත. ඒක දිගටම පාවිච්චි කරපන්. අපිත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන්නම්. සත්‍යයට ජය!

~ පමුදිත

පසුව ලියමි:

පට්ට සීන් එකක් තියෙනවා, පොඩි ප්‍රශ්න ටිකක් අහන්න හිටියා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මේ ඔය උඹ කියන “ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයා” ඔය කියන තරමට තමන් ශක්තිමත් බව දන්නවා නම්, ප්‍රචාරණ කටයුතු වලට මෙච්චර වියදමක් ඇයි..? කණුවක් කණුවක් ගාණේ හිනාවෙන්නේ ඇයි..? පත්තරේ පළවෙනි පිටුව පුරෝලා ඇඩ් දාන්නේ ඇයි..? බස් දම්මලා රැස්වීම් වලට සෙනඟ අදින්නේ ඇයි..? මැතිවරණ වේදිකා සරසන්න හිරකාරයෝ දාන්නේ ඇයි..? යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™ කිය කිය විසි හතර පැයේ මතක් කරන්න වෙලා තියෙන්නේ ඇයි..? උඹලා වගේ උන්ගේ සහයත් ඕන වෙලා තියෙන්නේ ඇයි..? ඈස්චර්ය තව අවුරුදු අටකට දික් කරන්න එච්චරම දුක් විඳින්න වෙලා තියෙන්නේ ඇයි..?

උත්තර දන්නේ නැත්නම් යාළුවගෙනුත් අහලා හොයාගෙන ස්ටේටස් එකක් දාපන්.
 
Last edited:

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනාධාරයටපත්
    තරුණ සංගීතකරුවන් අතර නව පෙරළියක මුලාරම්භය ඉරාජ් වීරරත්න
    පොඩි ලොකු කවුරුදු හඳුනන ආදරය කරන කෙනෙක්.ඔහුගේම ශල්‍යකට ලාංකීය සංගීත ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය ඔහු කවදත් රට වෙනුවෙන් සිය නිර්භයව ඉදිරියට ආ
    තරුණයෙක් ලෙස අවිවාධයෙන් සඳහන් කළ හැකිය.

    නිල් බලකාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වෙනුවෙන් ස්වේච්චාවෙන් අපේ සදාධාරණිය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එදත් අදත් හෙටත් ඉදිරිපත් වූ ඉරාජ් රටට ආදරේ කරන රට වෙනුවෙන් වැඩක් කරන කොල්ලෙක් කිව්වොත් නිවැරදි

    Iraj Production සමාගම සහ Social Media Production සමාගම් එක්ව සිය පෞද්ගලික වෙහෙස මහන්සියෙන් ධන පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය වෙනුවෙන් Shift Solutions Pvt Ltd සමාගම සහ 99X Technology සමාගම සහයෝගය දක්වයි.එම ධායකත්වයන් වෙනුවෙන් අපේ පුර්ණ හා ආදර අවංක ස්තුතිය ඔවුන්ට පුද කරමු.ඒ සඳහා සම්බන්ධීකරණය කරනු ලබන්නෙ ඉරාජ් වීරරත්න විසිනි.

    ඉරාජ් දින කිහිපයකට පෙර ඔහුගේ නිල Facebook පිටුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා යම් ලිපි පෙළක් පළ කිරීම තුලින් විපක්ෂ දේශපාලන මතධාරීන් ඔහුට නින්දිත ලෙස බැණ වදිමින් නොයෙකුත් අකාරයේ අසභ්‍ය දේවල් අදහස් ලෙස පළ කර තිබෙණු අපට දක්නට ලැබුණි එමෙන්ම යම් යම් පාර්ශවයන් විසින් අප සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාටද අපහාස වන ලෙස යම් යම් අදහස් පළ කර තිබෙන බවද අපට දැකගත හැකි විය ඒ පිලිබන්ධව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම පුද්ගලයින් හඳුනාගෙන අන්තර්ජාලය හරහා දේශ සහගත අපහාස කිරීම මත යම් ක්‍රියාමාර්ගයකට එලබීමට නියමිතය.

    ඉරාජ් විසින් ඔහුගේ නිල පිටුවේ පළ කරන ලද අදහස් ඔහුගේ පෞද්ගලික මතය අදහස වන අතර අප සංවිධානයේ හෝ වෙනත් කිසිඳු පාර්ශවයක මතයක් නොවන බව සියලු දෙනා දැනගතයුතු කරුණක් වන්නේය.ඔහුගේ මතය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය ඔහු සතුව ඇති අතර ඒ මතය ඉවසිය නොහැකි පිරිස් විසින් කරන දේශ සහගත ප්‍රකාශ අප හෙළා දකිමු ඉරාජ්ටද අනෙකුත් කලාකරුවන්ටද කුමන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය සහ නිදහස මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර තිබෙන බව අනිවාර්ය කරුණකි.
    නැවතත් අප සංවිධානයට මතක් කරදිය යුතු කරුණ නම් අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එය ඔහුගේ පෞද්ගලික මතය බවත්ය.
     
    :D:D:D:D:D:D