Navin Dissanayake ඇමතිතුමා වෙත ලියමි...
මුලින්ම කියන්න ඕනේ ඔබගේ පියාට සහ ඔබතුමාට මම ගොඩක් ගෞරව කරන කෙනෙක්...
ඇමතිතුමනි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක දැක්කා වගේ රටේ වෙන විනාශය පේන්නේ නැද්ද ?
විල්පත්තු විනාශයට මට මේ බනිනවා වගේ රිෂාද් බදුර්ඩීන්ට බනින්න බැරිද ? මම විල්පත්තුව ගැන Music Video එකක් Youtube එකට කරොත් ඔබ ඒ විනාශය ගැන දකීද ? කතා කරයිද ?
රණවිරැ දඩයම සහ රණවිරැවන්ට වෙන අසාධාරන ගැන මම Music Video එකක් කරා ඔබතුමා ඒක ගැන කතා කරාද ? රට බේරලා දුන්න අපේ කොල්ලන් වෙනුවෙන් වචනයක්වත් කතා කරාද ?
රටේ මිනිස්සුන්ට කන්න වතුර ලයිට් නෑ හැබැයි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක ගැනනම් කතා කරන්න පුලුවන්.ඇමතිතුමනේ මීට වඩා රටේ විශාල කරදර ගනනාවක් තියනවා කතා කරන්න සහ පිලියම් සොයන්න.
ඔබතුමාලාවා අපේ පුංචි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැව්වේ රටට සේවයක් කරලා අපිව රැක ගන්න මිසක්
Range Rover වාහන පැදගෙන රට රටවල් වලට ගිහිල්ලා Ranjan Ramanayake ඇමතිතුමා කියනවා වගේ කොකේන් ගහලා අපේ සල්ලි නාස්ති කරලා ආතල් ගන්න නොවේ !!!
තවත් දෙයක් ඔබතුමාලා අපේ සේවකයෝ ...
සේවකයාගෙන් හරි වැඩක් නැත්නම් මොකද කරන්නේ ?
ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු
-------------------------------------------------------------------------------------
Navin Dissanayake ඇමතිතුමනේ වැඩි පිරිසකට තේරෙන සිංහලෙන්ම ලියන්නම් මම...
රාජපක්ෂවරුන්ගෙ වැරදි තියෙනවයි කියලා ලක්ෂ 62 ක් ජනතාව ඔවුන්ව ගෙදර යැව්වානේ. ඒ වැරදි හදනවා කියලනේ ඔබලා ආවේ... දැන් ඔබලා කරන විනාශය මොකද්ද ?
දැන් එමු මගේ Youtube Video එකට...
ඔබතුමා බුද්ධිමත් කෙනෙක් හැටියට ජනමාධ්‍ය සහ
YouTube පටලවා ගත්ත එක ගැන මට හරි පුදුමයි. ඔබගේ ළමයින්ට මගේ Video වලින් වෙන හානියට වඩා ඔබතුමාලා පාර්ලිමේන්තුවේ කුණුහරුපෙන් බැන ගන්න / මිරිස් කුඩු ගහගන්න Video වලින් පරිස්සම් කරගන්න.
සුභ දවසක් ඔබට
Thank you - Iraj
P.S. ලඟදි වයසක UNP ඇමතිකෙනෙක්ගේ Video එකක් ලීක් වෙලා Youtube එකේ තියනවාලු. ඒක ළමයි දැක්කොත් සසර කල කිරෙයි පරිස්සම්කර ගන්න ළමයින්ව.
>>>>>>>link<<<<<<<<
Last edited:




E moko?