ඉරානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක බව ට්‍රම්ප් කියයි!

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    මොකක් කිව්වා ?


    ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

    CNN පුවත් සේවයට අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඊශ්‍රායලයට සහාය දෙන බවය.

    ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව අමෙරිකාව සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස තමන් ඉරානයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ සඳහා අවධානය යොමු කළ යුතුව තිබුණු බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

    කෙසේ නමුත් ප්‍රමාද වීමට පෙර ඉරානය දැන් එකඟතාවට පැමිණිය යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදි පවසා තිබේ.

    ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින් මින් පෙර සඳහන් කර තිබුණේ ඉරානයට සිය න්‍යෂ්ටික ගිවිසුමට එළැඹීමට දෙවන අවස්ථාවක් ඇති බවය.

    "මාස දෙකකට පෙර මම ඉරානයට 'ගිවිසුමක් ඇති කර ගැනීමට' දින 60 ක අවසාන නිවේදනයක් දුන්නා. ඔවුන් එය කළ යුතුව තිබුණා! අද 61 වන දිනයයි. මම ඔවුන්ට කළ යුතු දේ කිව්වා, නමුත් ඔවුන්ට එතැනට යන්න බැරි වුණා. දැන් ඔවුන්ට සමහර විට දෙවන අවස්ථාවක් තියෙනවා!" අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහන් කර තිබුණි.


    https://sinhala.adaderana.lk/news/211100
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මේකෙ එවුන් කියනව ට්‍රම්ප් දන්නෙත් නෑලු
    නෙතන්යාහුට බලයේ ඉන්න ඕන හින්ද ඉරානෙට ගහනවලු 🤭