ඉරානෙ ආගමික නායකයෙක් පත් කරන් ඔය ඉස්ලාම් නීති වලට යට වෙන්නත් උන් කරා කියන්නෙ Revolution එකක්ලු. ඊට කලින් ඉරාන් ගෑණු ඇමරිකන් ස්ටයිල් එකට ඉඳලා තියෙන්නෙ....
මම නම් ට්විටර් දකිනව ලංකාවෙ මුස්ලිම් කෙල්ලො මේක අගය කරනව. පිරිමි ටිකක් මුනිවත රකිනව හැබැයි. ඕක ගැන ලොකුවට ලංකාවෙ කතා නොවෙන හේතුවක් මෙහෙ සුන්නි අය බහුල වීම- ශියයිට්ස් ලාගෙ වැඩ ගැන කොමෙන්ට් කරන්න යන්නෑ එයාල.
සුන්නි මුස්ලිම් උනාට විශේෂයෙන් ලංකාවෙ නාගරික මිඩ්ල් ක්ලාස් මුස්ලිම් අයගෙ එහෙමට පේට්‍රියාකි එකක් නෑ. මම ආශ්‍රය කරන මුස්ලිම් යාලුවො එහෙම ඇඳුම ගැන විශේෂ තැකීමක් නැති තරම්. ක්ලබින්ග් වලට පවා පර්මිෂන් තියෙනව ගොඩක් අයට ගෙවල් වලින්.
කෙසේ වෙතත් කොහෙ උනත් මොන ජාතියක උනත් එඩියුකේටඩ් කෙල්ලො ගේමට බහිනව කියන්නෙ වැඩේ නවත්තන්න අමාරුයි. උන් අතරෙ යුනිටි එක වැඩියි. අපේ රටත් ඇතුලුව නැගෙනහිර කලාපයෙ රටවල් වලට ෆෙමිනිස්ම් ප්‍රායෝගික අවශ්‍යතාවයක් වෙන්න තරමට සමාජ පීඩනයකුත් තියෙනව.