උන්ගේ මිසයිල් වල ඇකියුරසි එකේ අවුල් තියෙනවා තමයි.CEP එක ඉම්පෘව් වෙන්නේ කාලයත් එක්ක..මම නම් හිතන්නේ මුන් පරණම ජෙන් වල බැලස්ටික් මිසයිල එක්ක තමයි අලුත් හයිපර්සොනික්(Fattah-1) ඒවා ගහන්නේ.අනිත් එක බැලස්ටික් මිසයිලවලින්, කෲස් මිසයිල වගේ හොඳම ගයිඩන් සිස්ටම් තියෙන මිසයිලයකින් බලාපොරොත්තු වෙන ඇකියුරසි එක බලාපොරොත්තු වෙන්න එපා.
මේ වීඩියෝ එක බලපන්..මෙතන ඊශ්‍රායෙල් AD බැටරි එකක් ෆයර් කරන්නේ.ඒ කියන්නේ ලග පාතම ඇති උන්ගේ මර්මස්ථානයක්..ඉරාන් මිසයිල් එක පත බෑවෙන්නෙත් ඒ කිට්ටුවට.
සාමාන්‍යයෙන් බැලස්ටික් මිසයිල පාවිච්චි වෙන්නේ ආර්ථික හෝ යුදමය මර්මස්ථාන ටාගට් කරන්න.ඒකත් ප්‍රමාණයෙන් විශාල ඒවාට ගහන්න.මොකද හුගක් බැලස්ටික් මිසයිලවල CEP මදි පොඩි ටාගට් එකක් ඉලක්ක කරන්න.එහෙම කරනවා නම් CEP ඉම්පෘ කරන්න ඕනේ..නැත්නම් වෝහෙඩ් එකේ විනාශකාරී බව වැඩි කරන්න ඕනේ.ඒකෙන් පිපිරීම නිරාවරණය වෙන ප්‍රදේශය වැඩි කරගන්න පුලුවන්.CEP එක අංක දෙකේ ගානකට ගන්න එක ලේසිත් නෑ.
වීඩියෝ එකට අනුව AD බැටරි ෆයර් කරන තැනට මීටර් 300 නොඅඩු දුරකින් උන්ගේ
MODඑක තියෙනවා ගූගල් මැප් එකට අනුව.හැබැයි මිසයිල එක වදින්නේ වීඩියෝ එක රෙකෝඩ් කරන එකා ඉන්න බිල්ඩින් එක පාමුලට වගේ පෙන්නේ නම්.උන් MOD බිල්ඩින් එක ටාගට් කලා නම් මිසයිල් එකේ CEP 300mටත් වැඩි කියලායි අනුමාන කරන්න වෙන්නේ.හැබැයි මිසයිල එකේ ටාගට් එක AD සිස්ටම් එක කියලත් කෙනෙකුට කියන්න පුලුවන්.
මිසයිල් එම්පැක්ට් සයිට් එකයි ලෝන්චර් එකයි අතර දුර මීටර් 100 වඩා අඩු නෑ.
ඒ හිට් එක AD සිස්ටම් එක ඩැමේජ් එකක් කරන්න තරම් ප්‍රමාණවත් කියන එක නම් සැකයි.කොහොමත් AD සිස්ටම් කියන්නේ සොෆ්ට් ටාගට්/සෙන්සිටිව් .රේඩාර් එකට පොඩි ඩැමේජ් එකක් වුනත් ඇති එහෙම බැලුවොත්.හැබැයි ලෝන්චර් එක ලගම රේඩාර් තියෙන්න ඕනේ කියලා නියමයක් නෑ.දෙක අතර ඩිස්ටන් එක මීටර් ගානක් හෝ කි.මීටර් ගානක් වුනත් වෙන්න පුලුවන්.එහෙම බැලුවොත් ලෝන්චර් එකක් විනාශ කිරීම/හානි කිරීම ලොකු ඩැමේජ් එකක් කියලා කියන්නත් බෑ(ලෝන්චර් එක ඉක්මණින් රිප්ලේස් කරන්න පුලුවන් නම්)
හැබැයි Fattah-1 වගේ හයිපර් සොනික් මිසයිල ඩිසයින් කරලා තියෙන්නේ රේඩාර් වගේ හයි වැලියු ටාගට් වලට ගහන්න.එහෙම බැලුවොත් MOD එක ටාගට් කලා කියන අදහස වැරදි වෙන්නත් පුලුවන්.මේ වීඩියෝ එකෙන් සම්හර විට මගේ අදහස වැරදි කියන එක ඔප්පු වෙන්නත් පුලුවන්.
ඔය තියෙන්නේ එකම ඇටෑක් එක කෝණ දෙකකින් රෙකෝඩ් කරලා කියලා අනුමාන කරලා මම split screen දාලා හදපු ක්ලිප් එකක්.ටයිම් sync කරපු එකේ පොඩි අඩුපාඩු ඇති ඉතින්.ඒවා වැඩිය හිතන්න එපා.
කෙනෙකුට තර්ක කරන්න පුලුවන් රේඩාර් සිස්ට්ම් එකත් ඔතනම තියෙන්න ඇති කියලා.අර්බන් ඒරියාස් වල රේඩාර් ස්ථාන ගත කිරීම කරනවා අඩුයි.මොකද ගොඩනැගිලි වගේ බාධක නිසා කවරේජ් එකට අවුල් එනවා.
මේකත් ඔය වගේම සිද්ධියක්..මේ තියෙන්නේ
හයිෆා වල ඔයිල් රිෆයිනරි සයිට් එක.මේක ගාසා වලට වඩා හුගක් ලග ලෙබනනයට.අහලා තියෙන විදියට උන්ගේ රටේ තෙල් අවශ්‍යතාවලින් 60% වත් දෙන්නේ මේකෙන්ලු.එයාර් ෆෝස් එකට ඕන ජෙට් ඉන්ධන දෙන්නෙත් මෙතනින් කියනවා.
ආරංචි විදියට ඔය රිෆයිනරි එක ගාව Iron Dome සිස්ටම් එකක් ස්ථානගත කරලා තියෙනවා.වීඩියෝ එකේ පේන්නේ බොහෝදුරට ඒ සිස්ටම් එක ඇක්ටිවේට් වීම.හැබැයි ඉතින් බැලස්ටික් මිසයිල් ඩිෆේන්ස් එකට නෙමෙයි උන් Iron Dome එක හදලා තියෙන්නේ.ඔතන ස්ට්‍රීට් වීව් එහෙම ගියාට උඹලට Iron Dome එක නම් බලන්න වෙන්නේ නෑ.පේනවිදියට උන් ඔතන ස්ට්‍රීට් වීව් අප්ඩේට් කරලා නෑ 2011 අවුරුද්දෙන් පස්සේ.මැප් එකේ බලන්න පුලුවන් මොකක් හරි වෙනස් කමක් ඒ කියන තැන පස්සේ කාලෙක කරලා තියෙනවා කියලා.
වීඩියෝ එකේ පේන විදියට නම් ලෝන්චර් එක කිට්ටුවටම මිසයිල් එකක් වැටෙනවා.
මේ සිස්ට්ම් තියෙන තැන් ගැන උන් කාලයක ඉදලා ඉන්ටෙල් එකතු කරන්න ඇති.හොඳම උදාහරණය 2024 හිස්බුල්ලා එක එලියට දාපු හයිෆා නගරයේ ඩ්‍රෝන් ෆුටේජ් එක.
ඔය ඉම්පැක්ට් ෆුටේජ් එකින් එක අරන් බැලුවොත් ඔය විදියේ ඩිරෙක්ට් හිට්ස්,මිස් වුන ඒවා හොයාගන්න බැරි නෑ.ඒ ඔක්කොම මෙතන දාන්නත් බෑ.එකින් එක බලන්න වෙලාවකුත් නෑ.
ඔය අහස් කූරු යවන කතාවට උත්තරයක් මේ දුන්නේ.උඹ එහෙම කියන්නේ උන් ගහන මිසයිල සිවිල් එවුන් ටාගට් වෙන නිසා නම් ,වැඩියක්ම සිවිල් එවුන් මරලා තියෙන්නේ ඊශ්‍රායෙල්කාරයෝ නේ එහෙම බැලුවම.ගාසා වල කොටසක් ප්ලැට් කරලා තියෙන්නේ.ඒ ටාගට් වලට ගහලද? නෑනේ.ඕක ඇවිල්ලා psychological warfare එකේ කොටසක්.. දෙවන ලෝක යුද්ධය කාලෙත් ජර්මනියට ඔහොම ගැහුවා.සිවිල් එවුන් ටාගට් කරලා..
ඊශ්‍රායල් සයිඩ් එකෙන් ඉරානයේ රෝහල්,මීඩියා එහෙම ටාගට් කරලා ගහපු ඒවා තියෙන්නේ.ඒවා අහස් කූරු ඝනයට වැටෙන්න ඕනේ එහෙනම්.
ඉරානය පැත්තෙන් ඒ දේම නොකරයි කියන්න බෑනේ.උන් රහත් වෙලා නෑනේ. එහෙම බැලුවම හිතා මතා සිවිල් උන් මරන එකෙන් උඩින්ම ඉන්නේ ඊශ්‍රායලය.