fattaඅනාගත වටිනාකම
නිවාස තැනීමේ නව ව්‍යාපෘතියක මූලික කටයුතු සඳහා වෙහෙසෙමින් සිටි ව්‍යාපාරික ලලිත් තම සුඛෝපභෝගී වාහනයෙන් හදිසි ගමනක් යද්දී කුඩා වහු පැටියෙක් ඔහුගේ වාහනයට හසුවී මියගියේය. අනතුර දැක කෑගසමින් එතැනට දුව ආ වසුපැටවාගේ අයිතිකරු වෙත ගිය ලලිත් තම වරද පිළිගනිමින් වහුපැටවා වෙනුවෙන් තමා ගෙවිය යුතු වන්දිය කොපමණදැයි කාරුණිකව විමසීය.
’දැනට නං ඌ රුපියල් දාහක් හමාරක් වටියි මහත්තයො. ඒත් තව අවුරුදු පහකින් ඌ ස්ථිරේටම රුපියල් පහළොස් දාහක් වටිනවා.’ වහු පැටියාගේ අයිතිකරු කීවේය.
වහා වාහනය වෙත ගිය ලලිත්, තම චෙක්පොත ගෙන ඉන් චෙක්පතක් ලියා, සතාගේ අයිතිකරු අත තබමින් මෙසේ කීවේය.
’ලොකු උන්නැහේ මෙතන රුපියල් පහළොස්දාහක චෙක් එකක් තියෙනවා. තව අවුරුදු පහකින්, මේක බැංකුවෙන් මාරු කරගන්ඩ. මම දිනේ දාල තියෙන්නෙ.’
සිළුමිණ
බැලුවා නම් අඩුම තරමින් Bump එකක්
හරි දිලා යන්න






