ඉරිදා දිවයින පාඨකයෝ එන්න !

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය හැම තැනකම තිබෙනවා. ගැස්‌ට්‍රයිටිස්‌ ගැන හැමෝම කතා කරනවා. වෛද්‍යවරුන් විවිධ ප්‍රතිකාර මෙයට සොයනවා. මෙයට සති කිහිපයකට පෙරත් අපි ගැස්‌ට්‍රයිටිස්‌ ගැන "ඉරිදා දිවයිනෙන්" කතා කළා. අපි නැවතත් අද මේ රෝගය ගැන ඔබ සමඟ කතා කරන්න කල්පනා කළා. එයට හේතුව තමයි මේ රෝගය පිළිබඳ දැනට තියෙන මතවාදයට වඩා වෙනස්‌ අර්ථකථනයක්‌ ඔබට තිබීම.

    ෙෙව්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - හුඟාක්‌ දෙනකු කියන්නේ නිසි වේලාවට ආහාර නොගැනීමෙන් ගැස්‌ට්‍රයිටිස්‌ වැළඳෙන බවයි. එහෙත් මට තිබෙන අත්දැකීම වන්නේ එයට හේතුව ආහාර නොව මානසික ආතතිය බවයි. මා සහ මා පැවැතෙන වෙද පරම්පරාව උදරය සම්බන්ධයෙන් දිගු කාලීන පර්යේෂණ කරපු අය. ගොරක මිශ්‍රණයක්‌ මගින් උදරය සහ බර අඩු කර ගැනීම සඳහා නිපද වූ ඖෂධයක්‌ සඳහා ලංකාවේ මුල් වරට පේටන්ට්‌ අයිතිය ලැබුණෙත් මට.

    මම අදටත් මාසෙකට ගැස්‌ට්‍රයිටිස්‌ ලෙඩුන් දෙතුන් සියයකට ප්‍රතිකාර කරනවා. ඔවුන් සමග සාකච්ඡා කරනවා. එයින් මට වැටහෙනවා ලංකාව තුළ මේ රෝගයට ප්‍රමුඛ හේතුව මානසික ආතතිය කියලා. වෙලාවට ආහාර ගැනීම ගත්තත් සමහරුන්ට අත ළඟ ආහාර තිබුණත්, ආතතිය නිසා කන්න බැහැ. ප්‍රශ්න නිසා බඩගිනි නැහැ. බැංකුවෙ ඕ. ඩී. එක පියවන්න බැරි නිසා බත් ගිලෙන්නෙ නැහැ. කන්තෝරුවෙ ලොක්‌කා පාට්‌ දමන නිසා කෑම අප්පිරියයි. අවසාන පලයේදී මේ ඔක්‌කොටම හේතුව ආතතිය නොවෙයිද? අම්මට ආතතිය දරුව ශිෂ්‍යත්වයෙන් ෆේල් වෙයි කියලා. තාත්තාට ආතතිය ළමයව ශිෂ්‍යත්ව පන්ති යවන්න සල්ලි නැති හින්ද. අක්‌කට ආතතිය ෆේස්‌ බුක්‌ එකේ එයා ගැන මඩක්‌ යන හින්ද. අයියට ආතතිය පැහැදිලි අනාගතයක්‌ නොපෙනෙන හින්ද.

    ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌වලින් සිදු වෙන්නේ මොනවාද?

    වෛද්‍ය මුහන්දිරම් - උදරයේ බඩවැල්වල සහ ආමාශයේ තිබෙන අභ්‍යන්තර පටක ඉදිමීම, ඛාදනය වීම, පුපුරා යැම තමයි මෙයින් වෙන්නේ. මෙය ක්‍ෂණිකව තාවකාලික රෝග තත්ත්වයක්‌ විදියට ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් නිදන්ගත රෝගයක්‌ විදියට දිගටම තියෙන්නත් පුළුවන්.

    ප්‍රශ්නය - ආතතියට අමතරව ගැස්‌ට්‍රයිටිස්‌ හටගන්නේ කොහොමද?

    වෛද්‍ය මුහන්දිරම් - ප්‍රමාණය ඉක්‌මවා මත්පැන් පානය කිරීම, බරපතළ ලෙස වමනය වීම, ඇස්‌පිරින් වැනි බෙහෙත් බහුලව පාවිච්චි කිරීම තමයි මෙයට මූලික වන සෙසු හේතු. ඊටත් අමතරව පහත සඳහන් හේතු නිසාත් මෙය හට ගන්නවා.

    1. Helicobacter pylori නමැති බැක්‌ටීරියාව බඩවැලේ සෙම සහිත කොටස්‌වල ඉන්නවා. මේ බැක්‌ටීරියාව බඩවැල කා දමනවා. එවිට ගෙඩි හට ගන්නවා. එයට ප්‍රතිකාර නොකළහොත් බඩවැලේ පිළිකා හටගන්නවා.

    2. පිත්තාශය සහ අක්‌මාව අතර පිත ප්‍රවාහනය කරන නාලය මගින් බඩවැල තුළ ඉහිරෙන පිත මගිනුත් ගැස්‌ට්‍රයිටිස්‌ හටගන්නවා.

    3. බැක්‌ටීරියා සහ වෛරස්‌ මගින් හටගන්නා ආසාදිත තත්ත්වයන් නිසාත් මේ රෝගය ඇතිවෙනවා.

    ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ ඇති බව දැනගන්නේ කවර රෝග ලක්‍ෂණ මගින්ද?

    වෛද්‍ය මුහන්දිරම් - 1. නිතර බඩ බුරුල් වීම සහ ආහාර අප්‍රියජනක වීම.

    2. බඩ පිපීම

    3. බඩ රිදීම

    4. වමනය

    5. ආහාර නොදිරවීම

    6. ආහාර වේල් අතර කාලවලදී හෝ රාත්‍රි කාලයේදී බඩේ දැවිල්ල හට ගැනීම.

    7. ඉක්‌කාව

    8. කුසගින්න නැති වීම

    9. ලේ වමනය හෝ කළු පැහැති දියරයක්‌ වමනය කිරීම.

    10. මල, අව පැහැ ගැනීම.

    ප්‍රශ්නය - මේ රෝගය ජාන උරුමයෙන් එනවද?

    වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්‌ට්‍රයිටිස්‌ අලුත් ලෙඩක්‌. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්‌ට්‍රයිටිස්‌ හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්‌ක. යටත් විජිත වාදීන් අපේ රටට පාන් පිටි පුරුදු කළා. ඒ එක්‌කම අපේ පාරම්පරික අමු මිරිස්‌, කොච්චි මිරිස්‌ සහ ගම්මිරිස්‌ වෙනුවට රතු පැහැති වියළි මිරිස්‌ ආදේශ කළා. රතු පැහැති වියළි මිරිස්‌ එන්නේ මෙයට වසර 200 කට ඉස්‌සර ඉන්දියාවෙන්. අධිරාජ්‍යවාදීන් එක්‌කම අපේ ජනයා ක්‍රමයෙන් මානසික ආතතියෙන් පෙළෙන්න පටන් ගත්තා. එහි අවසානය තමයි ගැස්‌ට්‍රයිටිස්‌.

    ප්‍රශ්නය - මෙයට ප්‍රතිකාර තිබෙනවාද?

    වෛද්‍ය මුහන්දිරම් - මුලින්ම මනස හදා ගන්න. ඒ සඳහා තමන් අදහන ආගමක්‌ මූලික කරගෙන භාවනා කරන්න. ඊළඟට මේ බෙහෙත ගන්න. සොයා ගන්න අමුකැහිපිත්ත කොළ මිටක්‌. ඊට පසු එය බ්ලෙන්ඩරයක දමා වතුර කෝප්ප 2 ක්‌ මිශ්‍ර කර හොඳින් ගසාගෙන ඒ ද්‍රවණය බඳුනකට වත් කර ගන්න. ඊට කලින් එයට ලුනු සහ සීනි ටිකකුත් දමා ගත යුතුයි. පැය කිහිපයක්‌ එසේම තිබෙන්නට හැරියාම මෙය ජෙලි මිශ්‍රණයක්‌ වගේ හයි වෙනවා. මෙයින් බාගයක්‌ උදේට හිස්‌බඩ, (වතුර වීදුරුවක්‌වත් බොන්න එපා) කන්න. ඉතිරිය රෑ කෑමට පෙර කන්න. මේ විදියට සති 2 ක්‌ නොකඩවා කරන්න. දැන් ඔබට ගැස්‌ට්‍රයිටිස්‌ නැහැ. එතැන් සිට ඔබේ ආහාරය සහ මනස නිසි ලෙස සංවිධානය කර ගන්න
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉදිරියේ රාළ;20783706 said:
    මෙන්න මේ ලිපියේ http://www.divaina.com/2016/10/09/feature03.html සාමාන්‍ය resolution ෆොටෝ එකක් ගහල එවන්න පුළුවන් නම් ගොඩක් පි. :yes:

    zvgW9ki.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉදිරියේ රාළ;20783766 said:
    මට ඕනා hardcopy එකේ (ඒ කියන්නෙ මුද්‍රිත පත්තරේ) ඒ ලිපියේ Photo එකක් මිසක් online එවගේ screenshot/screen capture නෙවෙයි. :D

    :rolleyes:
     
    මම ලඟ පත්තරේ නෑ :sorry: ඒකයි ඇහුවෙ - පත්තරේ තියෙන කෙනෙක් ලිපිය තියෙන පිටුව පෙරලුවා - ෆොන් එකෙන් සුටුස් ගාල ලිපියෙ ශොට් එකක් ගැහුවා - අප්ලෝඩ් කළා - ලින්ක් එක එව්වා. සිම්පල් ප්ලෑන් ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඉදිරියේ රාළ;20783800 said:
    මම ලඟ පත්තරේ නෑ :sorry: ඒකයි ඇහුවෙ - පත්තරේ තියෙන කෙනෙක් ලිපිය තියෙන පිටුව පෙරලුවා - ෆොන් එකෙන් සුටුස් ගාල ලිපියෙ ශොට් එකක් ගැහුවා - අප්ලෝඩ් කළා - ලින්ක් එක එව්වා. සිම්පල් ප්ලෑන් ;)
    $5 :yes:
     
    මේ පැත්තෙ පත්තර agent ලඟත් නෑ ඔය ගාණට වත් ගන්න. :sorry: ආයෙ ඉතිං ලොකු agent ගාවට යන්න ඕනා. ඊට වඩා මේක සරල plan එකක් නිසයි මෙතෙන්ට දැම්මෙ :D - EPaper එකෙත් ඔය ලිපිය නෑ. :sorry: මුල් පිටු 20 විතරයි තියෙන්නේ. :confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඉදිරියේ රාළ;20783907 said:
    මේ පැත්තෙ පත්තර agent ලඟත් නෑ ඔය ගාණට වත් ගන්න. :sorry: ආයෙ ඉතිං ලොකු agent ගාවට යන්න ඕනා. ඊට වඩා මේක සරල plan එකක් නිසයි මෙතෙන්ට දැම්මෙ :D - EPaper එකෙත් ඔය ලිපිය නෑ. :sorry: මුල් පිටු 20 විතරයි තියෙන්නේ. :confused:

    Rep +3
    ටවුමට ගියොත් ඒජන්ට් ගාව තියෙනවද බලන්නං, ඊට කලින් හම්බුනොත් මේකේ දාහන් හම්බුනා කියල :yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20783907 said:
    මේ පැත්තෙ පත්තර agent ලඟත් නෑ ඔය ගාණට වත් ගන්න. :sorry: ආයෙ ඉතිං ලොකු agent ගාවට යන්න ඕනා. ඊට වඩා මේක සරල plan එකක් නිසයි මෙතෙන්ට දැම්මෙ :D - EPaper එකෙත් ඔය ලිපිය නෑ. :sorry: මුල් පිටු 20 විතරයි තියෙන්නේ. :confused:

    ළඟම තියෙන ලයිබ්‍රියකට පලයන්කො බන් :rolleyes:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ඉදිරියේ රාළ;20783771 said:
    කැහිපිත්තං ගන්න ඕනා අමුවෙන් - වේලුණ ඒවාගෙන් අරං හරියන්නෙ නෑ. ඒකයි අමුකැහිපිත්ත කියල දාල තියෙන්නේ.


    නෑ නෑ මම ඒ කොල ජාතිය ගැන ඇහුවේ අදමයි..
    කොහෙන්ද හොයා ගන්න පුලුවන්?
    බෙහෙත් බඩු කඩවලින් ගන්න පුලුවන්ද?

     


    නෑ නෑ මම ඒ කොල ජාතිය ගැන ඇහුවේ අදමයි..
    කොහෙන්ද හොයා ගන්න පුලුවන්?
    බෙහෙත් බඩු කඩවලින් ගන්න පුලුවන්ද?

    බේත් කඩේක තිබුණත් වේලුණ ඒවා තියෙන්නේ - ඒකෙ ඖෂධීය ගුණයක් නෑ. වැලෙන් අළුත කඩාගෙන වරුවක් දෙකක් වගේ ඇතුලත තමා පාවිච්චියට ගන්න ඕනා.