ඉරුවාරදයට_හේතුව_ලාංකික_වෛද්‍යවරයෙක්_සොය&

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
ඉරුවාරදයට_හේතුව_ලාංකික_වෛද්‍යවරයෙක්_සොය&

ඉරුවාරදයට හේතුව ලාංකික වෛද්‍යවරයෙක් සොයාගනී...

2n8wu9v.jpg

http://www.lakbima.lk/archive/last_21_01_11/lakbima pages/page3.htm
20t5hzs.jpg

http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/01/25/10.jpg
2gtrfom.jpg

http://www.dinamina.lk/2011/01/20/_art.asp?fn=n1101206

කරදර ලෙඩේ ඉරුවාරදේ
25.jpg

බොහෝ දෙනෙක්‌ පීඩා විදින ඉරුවාරදය ගැනයි අපි මෙවර ලිපියෙන් කතා කරන්නට සූදානම් වෙන්නේ.

ඉරුවාරදය නම හැදිලා තියෙන ආකාරයෙන් පටන් ගනිමු. ඉරුවාරදය නම ලැබී ඇත්තේ ඇතැම් පුද්ගලයන්ට හිරු එළියට බොහෝ වේලාවක්‌ නිරාවරණය වීමෙන් හිසරද තත්ත්වයක්‌ ඇති වන නිසාය.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව මේ වනවිට තහවුරු කරගෙන තිබෙන කාරණය වන්නේ ඉරුවාරදයට අව්ව පමණක්‌ බල නොපාන බවයි. ඉරුවාරදයට බලපාන වෙනත් සාධක තිබේ. මේවා තවම හරි හැටිම සොයා නොගත්තද අනුමාන කරන කරුණු තිබේ.

ඉරුවාරදය මොළයට රුධිරය සපයන රුධිර නාලවල යම්කිසි හැකිලීමක්‌ හෝ ප්‍රසාරණයවීමක්‌ නිසා හෝ ඇතිවන තත්ත්වයක්‌ ලෙස විශ්වාස කරයි. මෙම රුධිරනාලවල හැකිලීම හෝ ප්‍රසාරණය නිසා හිසරදය ඇතිවන බව විශ්වාස කරයි.

ඉරුවාරදය පිරිමින්ට වඩා කාන්තාවන්ට වැළදිමේ ප්‍රවණතාවය ඉහළයි. තවද විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ශුද්ධිය සමග ඉරුවාරදය වැඩිවීමක්‌ සිදුවේ.

විශේෂයෙන් ඉරුවාරදයෙන් පෙළෙන රෝගින් වැලකිය යුතු ආහාර වර්ග කිහිපයක්‌ ඇත. ඒවා නම් වැනිලා අඩංගු කෑම සහ බීම වර්ග, කොකොවා අඩංගු නිෂ්පාදනයන්, ඇතැමුන්ට ඉගුරු අඩංගු නිෂ්පාදන, සමහර කුළුබඩුවර්ග, සිට්‌රස්‌ කුලයේ පලතුරු වර්ග, මින්ට්‌ වර්ගවලට, චීස්‌ වර්ගවලට, බියර් වර්ගවලටත් සහ කෝපි වර්ග වලටත් රතු වයින් රටකජු සහ කජු වලටත් මෙවැනි තත්ත්ව ඇතිවේ.

අපි මුලින් කතා කළ පරිදි ආලෝකයට සංවේදිවීම තුළත් තවත් කොටසකට රූපවාහිනිය නැරඹීම මතත්, නිදිවැරීම , අධික මහන්සිය, අධික ශීතල හෝ රස්‌නේ බවද අධික දුක හෝ සතුට වැනි ආවේග සහ මානසික ආතතිය වැනි කරුණු ඉරුවාරදය ඇතිවීමට බලපායි.

ඔලුවේ කැක්‌කුම ඇතිවීමට බලපාන එක්‌ හේතුවක්‌ ලෙස ඉරුවාරදය හඳුන්වාදිය හැකියි. නමුත් කෙනෙකුට ඔලුවේ කැක්‌කුම ඇති වූ පළියට එය ඉරුවාරදය ලෙස හඳුන්වාදිය නොහැකියි. එවැනි රෝගියෙකුගේ රෝග ලක්‌ෂණ පරික්‌ෂා කිරීමෙන් ඔවුන්ට හිසරදයට හේතුවන වෙනත් රෝග තත්ත්ව නැති බව සනාථ කිරීමෙන් පසු පමණක්‌ ඉරුවාරදය තිබේදැයි හඳුනාගත හැකියි. තවද මෙම රෝග තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා විශේෂිත පරික්‌ෂණ නොමැත.


ඉරුවාරදයේ රෝග ලක්‌ෂණ

ඉරුවාරදයේ වර්ග කිහිපයක්‌ ඇත. එම වර්ගය අනුව රෝග ලක්‌ෂණ වෙනස්‌ වේ. සාමාන්‍යයෙන් ඉරුවාරදයේ රෝග ලක්‌ෂණ ලෙස ඔලුවේ කැක්‌කුම, වමනය සහ ඔක්‌කාරය , ඔලුවේ කැක්‌කුම පැමිණීමට කලින් ඇති වන ඕරා (Aura) තත්ත්වය හෙවත් (තරු පෙනෙනා ආකාරය නැතහොත් වටේට කලු රවුම් පෙනෙනා ආකාරය, විදුලි කොටනවා වැනි තත්ත්වය,) ඇතිවේ. ඉරුවාරදය නැවත නැවත ඇති වන තත්ත්වයක්‌ වන අතර එවිට ප්‍රතිකාර ලබාගැනීමෙන් සහනයක්‌ ඇතිවේ. සාමාන්‍යයෙන් ඉරුවාරදය පාලනය පමණක්‌ වන අතර නිට්‌ටාවට සුව කළ නොහැකියි. ඉරුවාරදය නැවත නැවත ඇතිවීම වලක්‌වා ගැනීමට බෙහෙත් ඇත. මෙහිදී ඔබ දැනගත යුත්තේ සමහර බෙහෙත් මගින් වෙනත් ආබාධ ඇති විය හැකි බවයි. බෙහෙත් ලබා ගැනීම වෛද්‍ය උපදෙස්‌ මත විය යුතුයි. ඒවා නිසි පිළිවෙළට ලබාගැනීමෙන් ඉරුවාරදය සෑදෙන වාර ගණන අවම කර ගත හැකිය. ඇතැමුන්ට වමනය ගිය විට ඉරුවාරද තත්ත්වය සමනය වේ.

විශේෂයෙන් ම පාසල් දරුවන්ට, වැඩකරන ජනතාවට මෙම රෝග තත්ත්වය වැළදීමෙන් එදිනෙදා වැඩවලට බාධා සිදු වේ. එම නිසා රෝග තත්ත්වය හඳුනාගෙන පාලනයට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. නමුත් ඔබ මතක තබාගත යුත්තේ කලාතුරකින් මොළයේ ඇතිවන පිළිකා තත්ත්ව වැනි රෝග නිසා ද විශේෂයෙන් උදේ වරුවේ තදබල හිසරදය ඇතිවිය හැකි අතර එවැනි රෝග ලක්‌ෂණ පහළ වුවත් එය ඉරුවාරද තත්ත්වයක්‌ යෑයි නොසිතා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවී රෝග තත්ත්වය හඳුනාගැනීම ඉතා වැදගත්වේ.

http://www.navaliya.com/2011/01/10/health2.html

තනිකරම ඉරුවාරදේ එන්නේ නෑ !

24.jpg

පසුගිය සතියේ ලිපියෙන් අපි ඉරුවාරදය ගැන කතා කරන්නට පටන් ගත්තෙමු. එම ලිපියේ ඉතිරි කරුණු ගැන මෙයින් කතා කරමු.

නිතර නිතර ඉරුවාරදය වැළඳෙන රෝගියෙකුට වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීමෙන් ඉරුවාරදය සෑදෙන වාර ගණන අඩු කරගත හැකියි. වයස්‌ කාණ්‌ඩ, ස්‌ත්‍රී පුරුෂ භේදවලින් තොරව වැළඳෙන මිග්‍රේන් හෙවත් ඉරුවාරදය ඇතැමුන්ට ළමා කාලයේදී හෝ යොවුන් වියේදී නොතිබුණත් වයස අවුරුදු හතළිහ වනවිට ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයක්‌ සාමාන්‍ය හිසරද තත්ත්වයක්‌ ලෙස නොසලකා විශේෂයෙන් පරික්‍ෂා කර බැලිය යුතුයි. එවැනි රෝගියෙකු ඇතැම් විට MRI ස්‌කෑන් හෝ CT ස්‌කෑන් වැනි විශේෂ පරික්‍ෂණ මගින් පරික්‍ෂා කර බලා භයානක රෝග තත්ත්වයක්‌ නොමැති බවට තහවුරු කරගත යුතුවේ. මක්‌නිසාද එවැනි රෝගී තත්ත්වයක්‌ හිස්‌ කබල තුළ ඇතිවිය හැකි වෙනත් රෝග තත්ත්වයක්‌ නිසාද මතුවිය හැකිවන බැවිනි.

තවත් කොටසකට මලබද්ධය නිසා ඉරුවාරද තත්ත්වය ඇතිවේ.

නිට්‌ටාවට සුව කළ නොහැකි වුවත් ප්‍රතිකාර කිරීමෙන් පාලනය කළ හැකි ඉරුවාරදයෙන් පෙළෙන රෝගීන් වෛද්‍යවරුන් කරා යොමුවී ප්‍රතිකාර ගැනීමෙන්ම බලාපොරොත්තු වන්නේ රෝගය නිට්‌ටාවට සුවකර ගැනීමකි. පළමු ප්‍රතිකාර ගැනීමෙන් බලාපොරොත්තු වන සුවය නොලැබීමෙන් රෝගීන් වෛද්‍යවරුන් මාරු කිරීම සිදුකරයි. එමනිසා රෝග තත්ත්වය පිළිබඳව රෝගියා සහ ඥතීන් මනාව වටහාගැනීම රෝග ලක්‍ෂණවලට ප්‍රතිකාර කිරීමේදී එහි සාර්ථකත්වයට හේතුවේ. ඉරුවාරදයට නිශ්චිත රෝග ලක්‍ෂණ පෙන්වා දිය නොහැක්‌කේ එය වෙනත් රෝගවල ලක්‍ෂණයක්‌ ලෙස මතුවිය හැකි නිසාය.

හිසරදයට එක්‌ හේතුවක්‌ ලෙස ඉරුවාරදය පෙන්වා දිය හැකියි. නමුත් ඉරුවාරදය සමඟ තවත් හේතූන් රෝගියාට තිබිය හැකියි. හිස්‌කබලේ කුහරවල සෙම පිරීම සහ පිරුණු සෙම පැසවීම හෙවත් සයිනොසයිටීස්‌ රෝගයෙන් පෙළෙන්නෙකුට වුවද ඉරුවාරදය තිබිය හැකියි. ඉරුවාරදය සමඟ ඇතිවන ඔළුවේ කැක්‌කුමේදී ඇස වටා වේදනාවද ඇති වේ.

මෙහිදී ප්‍රාථමික ප්‍රතිකාර වන්නේ බෙහෙත් පෙති වර්ග දීමයි. එවැනි ඖෂධවලට සුව නොවන වේදනාව සඳහා ඊට වඩා ප්‍රබල වේදනා නාශක ඖෂධ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරයි. ඇතැමෙකුට ඉරුවාරදය නිසා ඇතිවන වමනය හටගැනීම හේතුවෙන් ඇතැම්විට විජලන තත්ත්වයන් පවා ඇති වේ.

මෙවන් අවස්‌ථාවල වමනය නතර කරගැනීමේ ඖෂධ රෝගීන්ට ලබාදෙයි. ගැස්‌ට්‍රයිටීස්‌ වැනි ආමාශික රෝගී තත්aත්වය ඇති අය අතරත් ඉරුවාරදය සාපේක්‍ෂව ඉහළ බව පෙනීයයි. කෙසේ වෙතත් ඉරුවාරදයෙන් පෙළෙන රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වාගේම ඔවුන්ට ඉරුවාරද රෝග තත්ත්වයට බලපාන කෑම වර්ග හෝ බීම වර්ග වෙනත් සාධකවලින් ද ඉවත්වීම ඉතා වැදගත් වේ.

http://www.navaliya.com/2011/01/17/health2.html
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් හොඳ වැඩක්. කොහොම උනත් ලංකාවේ අලුත් සොයාගැනීම් වලට තියෙන තත්වය නම් අන්තිමයි. වෙන රටක නම් ඔය වෛද්යවරයාට ගොඩක් උදව් ලැබෙන්න තිබුනා. අලුත් දේවල් නිපදවන්න, අලුත් විදිහට හිතන්න මිනිස්සු පුරුදු වෙන එක ඉතාම වැදගත්