රිදෙන උරහිස් ඔක්කොම Frozen shoulder නෙවෙයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ⭕Frozen shoulder කියන වචනෙම ඔය ලෙඩේ ගැන කියවෙනවා. Adhesive capsulitis කියන්නෙත් ඔය රෝගයටම තමා. Frozen කියන්නේ හයි වෙනවා කියන එකනෙ.
    ⭕එතකොට Frozen shoulder එකේ වෙන්නේ උරහිසේ වේදනව එක්ක උරහිසේ චලන පරාසය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යනඑක. දැනටම ඔබට තේරෙනවා ඇති රිදෙන හැම උරහිසක්ම Frozen shoulder නෙමෙයි කියලා.
    ⭕ඔය කාරණාව නිසා තමයි උරහිස කැක්කුමක් එනවා ඔබ ඒ ගැන මනා දැනුමක් නොමැති කෙනෙක් පරීක්ෂා කරලා ප්‍රතිකාර නියම කළොත් පස්සෙ ලොකු අමාරුවක වැටෙන්නේ.
    ⭕මොකෝ උරහිසේ කැක්කුම ආතරයිටිස් වර්ග කිහිපයකටම එන්න පුළුවන්. ඔය එක එක රෝග වලට දෙන ප්‍රතිකාරවල සැලකිය යුතු වෙනස්කම් තියෙනවා.
    ⭕සාමාන්‍යයෙන් මෙම රෝග තත්වය බහුලව දකින්න පුළුවන් අවුරුදු 50-60 වයස්වල අයටයි. සරලව කියනවනම් අවුරුදු 30ක 40ක කෙනෙක්ට එන උරහිස කැක්කුමකට frozen shoulder කියලා රෝග නිර්ණයක් දෙනවා නම් එහි නිරවද්‍යතාවය ගැන ඉතාම හොඳින් විශ්ලේෂණය කරල බලන්න වෙනවා.
    ⭕Frozen shoulder තත්ත්වය කාන්තාවන් අතර සාපේක්ෂව වැඩියි. සාමාන්‍යයෙන් වැඩිපුර එන්නේ නුහුරු අතේ උරහිසේ. කාලෙකට පස්සේ අනික් උරෙස්සටත් එන්න අවධානමක් තියෙනවා.
    ⭕මෙම රෝගය දියවැඩියා රෝගීන් අතර තරමක් බහුලයි. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු තියන අය, අංශභාගය තියෙන අය, කොලෙස්ට්‍රෝල් වැඩි අය සහ වෙනත් ආතරයිටිස් රෝග තියෙන අය අතරින බහුලයි.
    ⭕ඊටත් අමතරව උරහිසේ පටක වලට හානි උනාට පස්සේ සහ විවිධ සැත්කම් වලට අධික වේලාවක් සිහි නැති කර තිබූ අවස්ථාවල මෙම තත්ත්වය තරමක් බහුලව දකින්න පුළුවන්.
    ⭕මෙම රෝගයේදී වෙන්නේ උරහිස් හන්දියේ තියන joint capsule එකේ ප්‍රදාහයක් ඒම නිසා ඊට ආශ්‍රිත පටක එකට ඇලීම (adhesions) සහ කැලල් පටක ඇතිවීම (fibrosis).
    ⭕මෙම රෝගය පටන් ගන්න කොට ගන්න කොට මුල් කාලයේදී දැඩි උරහිස වේදනාවක් එනවා. මෙම වේදනාව රෑට වැඩිපුර දැනෙන ගතියක් තියෙනවා.
    ⭕කාලයක් සමඟ උරහිසේ චලන පරාසය ඉතාම සැලකිය යුතු ලෙස අඩුවෙලා යනවා. මෙහෙම වෙන්න මාස කීපයක් පවා යන්න පුලුවන්.
    ⭕ඔය වගේ උරහිසක් පරීක්ෂා කරලා බලනකොට International rotation සහ abduction කියන චලන පරාස දෙක සැලකිය යුතු ලෙස සීමාවෙලා තියෙන්න පුළුවන්. නමුත් ගැටළුව තමා වෙනත් උරහිසේ ආතරයිටිස් රෝග වලට පවා ඔහොම වෙන්න පුළුවන්.
    ⭕ඔය චලන පරාස සීමා වෙන්නේ joint capsule එකේ පටක එකට ඇලී තිබීම සහ කැළැල් පටක ඇතිවී තිබීම නිසා.
    ⭕ඔය රෝගය විශේෂත්වය තමා හන්දියේ වේදනාව වේදනානාශක ඉන්ජක්ෂන් එකක් ගහලා අඩු කරලා දුන්නා කියලා චලන පරාසය යථා තත්ත්වයට පත් නොවන එක.
    ⭕Frozen shoulder තත්වය එක්ස්රේවල පෙන්නන්නෙ නැති වුණාට එක්ස්රේ ගන්නේ වෙනත් ආතරයිටිස් තත්වයක් තියෙනවාද කියලා බලන්න.
    ⭕උරහිසේ MRI පරීක්ෂණයකින් පැහැදිලිව ඔය තත්ත්වය පෙන්නන්න පුළුවන් වුණාට Frozen shoulder රෝග නිර්ණය සඳහා MRI එකක් අත්‍යවශ්‍ය නෑ.
    ⭕Ultrasound scan එකක් කලොත් (MRI එකේ පවා) උරහිසේ ඔය රෝග ලක්ෂණ එක්කම එන්න පුළුවන් වෙනත් ආතරයිටිස් එකක් තියෙනවාද කියලා පැහැදිලිව පෙන්නන්න පුළුවන්.
    ⭕මේ පහත ලියලා තියෙන්නේ ඔය වගේම රෝග ලක්ෂණ එක්ක එන්න පුළුවන් උරහිසේ ප්‍රශ්න.
    ⭕Supraspinatus tendonitis (උරහිසේ ප්‍රධාන මස් පිඩුවක ප්‍රදාහය), Sub acromial sub deltoid bursitis (උරහිසෙන් මස් පිඩු අතර ඇති වතුර පිරුණු කුටීර ඉදිමීම, acromio clavicar arthritis (උරහිසේ ප්‍රධාන සන්ධියක ආතරයිටිස්), supraspinatus tears (මස්පිඩු ඉරීම), shoulder synovitis( උරහිස සන්ධිය ඇතුලේ ප්‍රදාහය, රූමටොයිඩ් ආතරයිටිස් රෝගයේදී වගේ), tumours(උරහිසේ පිලිකා), polymyalgia rheumatica(වයසක අයට එන ආතරයිටිස් රෝගයකි), referred pain (අක්මාව වසා ඇති පටලය තෙරපීමට එන වේදනාව උරහිසේ දැනීම, myocardial infarction (පපුවේ අමාරුවට එන වේදනාව උරහිසින් දැනීම).
    ⭕ඔය තත්ව වලට දෙන ප්‍රතිකාර අහසට පොළොව වගේ වෙනස් වෙන්න පුළුවන්.
    ⭕ඔබගේ උරහිසේ කැක්කුමට රෝග නිර්ණය දෙන්නේ සම්බන්ධ විශේෂ ප්‍රවණතාවයක් නැති වෛද්‍යවරයෙක් නම් ඒක වරදින්න තියෙන අවස්ථාව ඉතාම වැඩියි.
    ⭕බහුතරයක් වෙලාවට රෝගීන් නිසි වෛද්‍යවරයා ගාවට එනකොට එක්කෝ මස් පිඬු ඉරිල ගිහිල්ලා, එක්කෝ ආතරයිටිස් එකට හන්දියේ කාටිලේජ සම්පූර්ණයෙන් විනාශ වෙලා, එක්කෝ හන්දියේ චලන පරාසය ඉතාම සීමා සහිත වෙලා.
    ⭕අන්තිමට වෙන්නේ සුළු සති කිහිපයක ප්‍රතිකාරයකින් හොඳ කරගන්න තිබ්බ ලෙඩෙන් මුළු ජීවිත කාලෙම පීඩා විඳින්න වෙන එක.
    ⭕උරහිසක් රිදෙනවනම් ඔබ මුලින්ම කරන්න ඕනේ වෛද්‍යවරයෙක් හමුවෙලා රෝගය මොකක්ද කියලා සීයට සීයක් නිවැරදි තීරණයක් ගන්න එක.
    ⭕කල්පනාකාරී වන්න.

    ⭕ Dr අරුණ කල්දේරා
    සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යය
    MBBS, MD, MRCP (UK), MRCP (RHEUMATOLOGY)
    0714844644