ඉර පායන හිමිදිරියේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉර පායන හිමිදිරියේ

    ඉර පායන හිමිදිරියේ මුතු කැට පින්නේ....
    මිරිවැඩි සගලින් ගිලිහෙන තාල ඇසෙන්නේ....
    දෑස් අගින් මට කිංකිනි සිනා නගන්නේ.....
    අරුණෝදයෙ සුරගන ගුරු පාරෙ වඩින්නේ......

    පුන්සද පරදන සුදු මුතු වත මඩලේ...
    අහින්සක සිනා වැල් හදවත කිති ඇවිලේ...
    ගස්සන පුළුලුකුලේ හැඩ දකිනා අතරේ......
    තිස්සෙම ඔය ලැසි ගමනට මා සිත පැටලේ.....

    ඉර පායන හිමිදිරියේ මුතු කැට පින්නේ....

    සේද සළු වටා සිහිනිග හැඩඩ පෙනෙන්නේ......
    අසල දනන් නෙතු හමුවේ මහද ගැහෙන්නේ.....
    කෙලෙසින් සගවම් ඔබ මගෙ ප්‍රාණය වැන්නේ....
    නොදනිත් ඔබ මා සිත් මල ඔබට පිදෙන්නේ........

    ඉර පායන හිමිදිරියේ මුතු කැට පින්නේ....

     
    • Like
    Reactions: ^Buddhika^

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සනයි, අලංකාරයි, විචිත්‍රයි, රමණියයි, පිවිතුරුයි, සුමුදුයි, මෘදුයි, විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි, ප්‍රියංකරයි..
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ලස්සනයි, අලංකාරයි, විචිත්‍රයි, රමණියයි, පිවිතුරුයි, සුමුදුයි, මෘදුයි, විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි, ප්‍රියංකරයි..

    උබට අත්යාලන්කරයි අමතක වෙලා..:lol::lol:

    කොහොම උනත් පට්ට..