ඉර හඳ වගේ රනිල් ජනාධිපති වෙනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉර හඳ වගේ රනිල් ජනාධිපති වෙනවා

එළැඹෙන වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සත්‍ය ලෙසම ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න ස්වාධීනව විමසා බැලීම මෙහි අරමුණ වන අතර, පවතින රජයට උපරිම වාසි සහගත තත්වයන් සැළකිල්ලට ගෙන මෙම විශ්ලේෂණය ඉදිරිපත් කරමි. තවද මෙම ජනාධිපතිවරණයට සුළු අපේක්ෂකයන් හැරුණවිට වත්මන් ‘ජනාධිපතිවරයා සහ විපක්ෂයෙන් එක් ප්‍රධාන අපේක්ෂකයකු පමණක්‘ ඉදිරිපත් වේවියැයි යන උපකල්පණය මත පිහිටා ගණනය කරනු ලැබේ.

2015 වසරේදී ආසන්න වශයෙන් ඡන්ද දායකයන් එක්කෝටි හතලිස් පන් ලක්ෂයක් (145 00000) පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරනු ඇත. ඉන් 75% පමණ ඡන්දය භාවිතා කරනු ඇතැයි උපකල්පනය කළහොත්, ඒ පිරිස දළ වශයෙන් එක්කෝටි අට ලක්ෂ හැත්තෑ පන් දහසක් (108 75000) පමණ වනු ඇත. ඔවුන්ගෙන් දළ වශයෙන් 3% ක පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රතික්ෂේප කරනු ඇත. එවිට එම පිරිස දළ වශයෙන් තුන් ලක්ෂ විසි හය දහසක් පමණ වනු ඇත. (32 6000) එවිට සත්‍ය ලෙස වළංගු ඡන්ද ලෙස සටහන් වනු ඇත්තේ ඉතිරි එක් කෝටි පන් ලක්ෂ හතලිස් නව දහසක (105 49000 ) ප්‍රමාණයකි.

ඒ අනුව ජනාධිපතිවරණය ජය ගැනීමට නම් එක් අපේක්ෂයකු ඉන් 50 % ක් සහ තවත් එක් ඡන්දයක් එනම් ඡන්ද පනස් දෙලක්ෂ හැත්තෑ හතර දහස් පන්සිය එකක් ( 52 74 501 ) ලබා ගත යුතු වනු ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සුළු සුළු අපේක්ෂකයින් සියළුම දෙනා දළ වශයෙන් ඡන්ද හැත්තෑ පන් දහසක් ( 75 000 ) පමණ ලබාගනීවි යැයි උපකල්පණය කළහොත් ඉතිරි වන ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හාර ලක්ෂ හැත්තෑ හතර දහසක් ( 104 74000 ) පමණ වනු ඇත. ඒ අනුව එම ඡන්ද සංඛ්‍යාව වත්මන් ජනාධිපතිතුමා සහ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා අතර කෙසේ බෙදී යනු ඇතිදැයි විමසා බලමු.

ජනතා විමුක්ති පෙරමුණට සහ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන පක්ෂ දෙක සතුව දළ වශයෙන් ඡන්ද ලක්ෂ හතක පමණ ප්‍රමාණයක් ඇත. එවිට සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් ඉතිරි වන ප්‍රමාණය 104 74 000 - 70 0000 = අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසකි ( 97 74 000 ) ඉතිරි ඡන්ද සංඛ්‍යාවෙන් 75% ක්, එනම් අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසින් 75% ක් ඡන්ද හැත්තෑ තුන් ලක්ෂ තිස් දහස් පන්සියයක් ( 73 30 500 ) සිංහල බෞද්ධ ඡන්ද ලෙසද ඉතිරි 25 % ක ප්‍රමාණය, එනම් විසි හතර ලක්ෂ හතලිස් තුන් දහස් පන්සියයක ( 24 43 500 ) ඡන්ද ප්‍රමාණය සුළු ජාතික ඡන්ද ලෙසත් සැළකිය යුතුය. එය ශ්‍රී ලංකාවේ ජන සංයුතිය අනුව සැකසී ඇත. එම සුළු ජාතික ජන්දවලින් ද්‍රවිඩ ජාතික සංවිධානය සතුව උතුරු නැගෙනහිර ඡන්ද පන් ලක්ෂ පනස් දහසක් පමණ ( 550 000 ) ද, මුස්ලිම් කොන්ග්‍රසය සතුව ඡන්ද ලක්ෂ දෙක හමාරක් ( 250 000 ) පමණ ඇතැයි පසුගිය දින වල පැවති ඡන්දයන්හි ප්‍රතිඵළ අනුව නිගමනය කළ හැකි වනු ඇත. බොහෝවිට එම ඡන්ද විපක්ෂ අපේක්ෂකයා වෙත ලැබෙනු ඇත. වතුකරයේ සුළු ජාතික ඡන්ද ලක්ෂ දෙකක් පමණ තොණ්ඩමන් මහතාගේ පක්ෂයට ඇති අතර, දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි එම ඡන්ද ප්‍රමාණය ආණ්ඩුවේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙනු ඇත. ( එහෙත් බොහෝවිට මැතිවරණය ප්‍රකාශ කළ පසු එම ඡන්ද ප්‍රමාණයද විපක්ෂයේ අපේක්ෂකයා වෙත ලැබීමටත් ඉඩ තිබේ. )

පසුගිය වාර්තා වලට අනුව 2010 ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති වරයා මොණරාගල දිස්ත්‍රික්කයෙන් 58 % ක ඡන්ද ප්‍රමාණයක්ද, පසුගිය ඌව පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය 58 % ක පමණ ඡන්ද ප්‍රතිශතයක්ද වාර්තා කර තිබිණ. සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්කයකින් ආණ්ඩු පක්ෂයට ලැබෙන උපරිම ඡන්ද ප්‍රතිශතය එය නම්, රටපුරා සියළු දිස්ත්‍රික්ක වලින් සිංහල බෞද්ධ ජන්ද වලින් 58 % ක ප්‍රතිශතයක් ලබා ගැනීම ආණ්ඩුවට අති දුෂ්කර කාර්යයක් වනු ඇත. මන්ද කොළඹ වැනි දිස්ත්‍රික්ක නිසැක ලෙසම පරාජය වන බැවිනි. එහෙත් ජනාධිපතිවරයාට රටේ සිංහල බෞද්ධ ජනතාව අතර ඇති ප්‍රසිද්ධිය සහ බොදු බළ සේනාව ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා ක්‍රියාකරනු ඇතැයි උපකල්පණය කළ හැකි වාතාවරණය තුළ සිංහල බෞද්ධ ඡන්ද වලින් 59 % ක් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගනු ඇතැයි උපකල්පනය කළහොත් එම ඡන්ද ප්‍රමාණය හතලිස් තුන් ලක්ෂ විසිහතර දහස් නවසිය අනුපහක් ( 43 24 995 ) වනු ඇත. එවිට විපක්ෂයේ අපේක්ෂකයාට ලැබෙන සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය වනු ඇත්තේ තිස් ලක්ෂ පන්දහස් පන්සිය පහක් ( 30 05 505 ) ක් වනු ඇත.

සුළු ජාතික ඡන්ද වලින් ඉහත විග්‍රහයෙන් පසු ඉතිරි වන ඡන්ද එනම්, ටීඑන්ඒ මුස්ලිම් කොන්ග්‍රසය සහ තොණ්ඩමන් මහතාගේ පක්ෂ වල ඡන්ද ප්‍රමාණය අඩු කළ පසු ඉතිරි ප්‍රමාණය වන ඡන්ද දා හතර ලක්ෂ හතලිස් තුන්දහස් පන්සියයක ( 24 43 500 - 550 000 - 250 000 - 200 000 + 14 43 500 ) ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙන අතර කෙසේ බෙදී යනු ඇතිදැයි උපකල්පණය කරමු.

පසුගිය දවසක ජාතික හෙළ උරුමයේ පාඨළි චම්පික රණවක මහතා ප්‍රකාශ කර තිබුනේ සුළු ජාතික ඡන්ද වලින් 75% විපක්ෂ අපේක්ෂකයාටත් ඉතිරි 25% මහින්ද රාජපක්ෂ මහතාටත් බෙදී යනු ඇති බවයි. එහෙත් සිංහල බෞද්ධ ඡන්ද බෙදී යනු ඇතැයි ඉහත අනුමාන කළ ආකාරයෙන්, එයට ප්‍රතිවිරුද්ධව, මහින්ද රාජපක්ෂ මහතාට වාසි ගෙන දෙමින් සුළු ජාතික ඡන්ද වලින් 41 % ක් එනම් පන්ලක්ෂ අනූ එක් දහස් අටසිය තිස්පහක් ( 591 835) මහින්ද රාජපක්ෂ මහතාටද, ඉතිරි 59% ක ප්‍රමාණය එනම්, අට ලක්ෂ පනස් එක් දහස් හයසිය හැට පහක ( 851 665 ) ප්‍රමාණය විපක්ෂ අපේක්ෂකයා හටද බෙදී යනු ඇත.

තවද පවතින වාතාවරණය යටතේ සහ ජනතා විමක්ති පෙරමුන මැතිවරණයට තරග නොවැදීමේ ප්‍රවණතාවය මත සහ සරත් ෆොන්සේකා මහතාට ඇතැයි උපකල්පණය කළ ඡන්ද ලක්ෂ හතින්, ඡන්ද පනස් දහසක් පමණ මහින්ද රාජපක්ෂ මහතාට වෙතට ලැබෙනු ඇතැයි උපකල්පණය කළහොත් අවසන් ප්‍රතිඵළය පහත සඳහන් පරිදි වනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතා
---------------------------
සිංහල බෞද්ධ ඡන්ද - 43 24 995
ජවිපෙ සහ ෆොන්සේකා මහතාගේ ඡන්ද - 50 000
තොණ්ඩමන් මහතාගේ ඡන්ද - 200 000
සුළු ජාතික ඡන්ද - 591 835

එකතුව - 51 66 830

විපක්ෂ අපේක්ෂකයා
-------------------------
සිංහල බෞද්ධ ඡන්ද - 30 05 505
ජවිපෙ සහ ෆොන්සේකා මහතාගේ ඡන්ද - 650 000
සුළු ජාතික ඡන්ද - 851 665
ටීඑන්ඒ සහ මුස්ලිම් කොන්ග්‍රසයේ ඡන්ද - 800 000

එකතුව - 53 07 170

ඉහත වගුවට අනුව ඉදිිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 48.97 % ඡන්ද ප්‍රතිශතයකුත් , විපක්ෂයේ අපේක්ෂකයා දළ වශයෙන් 50.30 % පමණ ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගනු ඇතැයි උපකල්පණය කළ හැකි අතර, ඒ අනුව වැඩි ඡන්ද එක්ලක්ෂ හතලිස් දහසකට අධික ( 140 000 ) ඡන්ද ප්‍රමාණයකින් විපක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරණු ඇතැයි උපකල්පණය කළ හැක. තවද ජාතික හෙළ උරුමයේ මැතිවරණයේ හැසිරීම මෙන්ම මැතිවරණය ප්‍රකාශය කළ පසු ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් විපක්ෂය සමග එක්වීමට ඇතැයි පැවසෙන සුදානමත් නිසා වත්මන් ආණ්ඩුවට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි පසුබිමක් තුල ඇතැම් විටෙක ජනාධිපතිවරණයක් නොපැවැත්වෙනු ඇත. ඒ වෙනුවට පවතින විරෝධය සමනය කිරීමට සුළු ව්‍යවස්ථා සංශෝධණයක් සිදුකර, ආණ්ඩුව සමග විරසක වී ඇති කණ්ඩායම් යළි එක්කරගෙන විධායක අගමැති ක්‍රමයක් නිර්මාණය කර වත්මන් ජනාධිපතිවරයා ම විධායක අගමැති වී, අපිවද යළි ගොනාට අන්දා රට පාලනය කරනු ඇත.

- ජානක -
 
  • Like
Reactions: Gayan88

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගනන් වලින් නෙමේ බන් චන්ද වලින් ජනාධිපති තොරන්නෙ
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ගනන් වලින් නෙමේ බන් චන්ද වලින් ජනාධිපති තොරන්නෙ

    යකෝ මේ ගොන් ආණ්ඩුව මහින්දගේ අම්මගේ අප්පගේ බුදලෙන්ද දන්නේ නෑ සහන දෙන්නේ? අනේ මෙහෙම ඊළඟ චන්දය ගැන විතරක් හිතල budget හදන ආණ්ඩුවක්.. පුකෙන් හිනා යන්නේ පුකෙන්..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    විපක්ෂ අපේක්ෂකයා
    -------------------------
    සිංහල බෞද්ධ ඡන්ද - 30 05 505
    ජවිපෙ සහ ෆොන්සේකා මහතාගේ ඡන්ද - 650 000


    මෙන්න මෙතන තමයි රනිල්ට වරදින තැන.ජ.විපෙ කවදාවත් රනිල් දිනවීමට කටයුතු කරන්නේ නැත
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ගරු රනිල් වික්‍රමසින්හයාණෙනි ඔබතුමාට අපගේ හදබැති උත්තමාචාරය :)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    imss.jpg
    imss.jpg
    imss.jpg
    imss.jpg
    imss.jpg
    imss.jpg
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඔය කොහේ හරි පත්තරකාරයෙක් කොහේ හරි බේගල් කාරයෙක්
    කුණු හබ්බ සාත්තර කාරයෙක් කියන ඉලක්කම් ටිකක් උස්සගෙන ඇවිත්
    unp කැත නැතුව repeat කර කර කියවනවා අපි මෙහෙම දිනනවා මෙහෙම ආණ්ඩුව කුඩු කරනවා වෙඩි උණ්ඩ තියනවා හැම චන්දෙකදිම මේ බයිලෙම ගැහුවා
    අන්තිමේ මිනිස්සු හොදට රිදෙන්න ගැහුවා සම්මේලනෙකට ඉන්නේ 12000ක් විතරයි අනාතයෝ නොපෙනෙන හින දකින්න හදනවා ඒ හින මිනිස්සුන්ට පෙන්නන හදනවා මිනිස්සු දැන් හීනෙන්වත් රනිල් ගැන හිතන්නෙ නෑ
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    සමස්ත ගේ කුරුල්ලන්ගේ පැතුම

    මබතුමා කරුණාකරලා අපේ රටේ විපක්ෂනායක ගරු රනිල් වික්‍රමසින්හයන්ට ගෞරවයෙන් කතා කරන්න.එතුමා හොඳ උගතෙක්.බුද්ධිමතෙක්.නියම නායකයෙක්.:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මබතුමා කරුණාකරලා අපේ රටේ විපක්ෂනායක ගරු රනිල් වික්‍රමසින්හයන්ට ගෞරවයෙන් කතා කරන්න.එතුමා හොඳ උගතෙක්.බුද්ධිමතෙක්.නියම නායකයෙක්.:)
    :yes::yes::yes::yes:තව නියම ^න්සියෙක්
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මබතුමා කරුණාකරලා අපේ රටේ විපක්ෂනායක ගරු රනිල් වික්‍රමසින්හයන්ට ගෞරවයෙන් කතා කරන්න.එතුමා හොඳ උගතෙක්.බුද්ධිමතෙක්.නියම නායකයෙක්.:)
    නායකත්වය කියන දේ රනිල්ට කවද්ද තිබුනේ ඉස්සර රනිල් කියන දේ හරියට ඇහෙන්නෙත් නෑ පුසෙක් නාවූ නාවූ ගානාව වගේ පස්සෙ ඇමරිකාවට ගිහින් දැන් ඇහෙන විදියට හරි එන්න කට හදාගෙන ආව කියලා ප්‍රසිද්ධ රහසක් තිබ්බා මිනිස්සු අතර
    අනික් කාරණය නායකත්වයක් තිබ්බ නම් තමන්ගේ පක්ෂෙ හරියට හදාගන්න ප්‍රශ්න විසදගන්න තිබ්බ නේද තාමත් පක්ෂෙ කචල් විපක්ෂ කාර්යබාරය කරන්නෙ වෙන පක්ෂ මොකද දැන් ඉන්නේ ගන්ජාල පත්තර කාරයෝ පේමන්ට් වල ගල් අල්ලන උන් ගෑනුන්ට ණය දිදී යන උන් එහෙම උන් බලේට ආවම හොදට හිටි