ඉර_හඳ_හැදුනෙ_කොහොමද
ඉර හඳ හැදුනෙ කොහොමද කියන එක විවිධ ආගම් වල සහ ජනශුතියෙ විවිධාකාරයේ කතා මඟින් පැහැදිළි කරනවා. ඒ වුනාට ඇත්තම ඇත්ත සිද්ධිය තමයි මේක.
ඕං අපේ සුවාතා දවසක් දඩයමේ ගිහිං නොසෑහෙන්න රෑ බෝ වෙලා, හිස් අතින්ම ගෙදර ආවා. එනකොටම, ටෝච් එකකුත් පත්තු කරං මග බලාන හිටිය සුවාච්චි උන්දැගෙ ඇඟට ගොඩ වුණා.
‘කොහෙද මිනිහො රෑ බෝවෙනකල් ඇවිදින්නෙ?...‘ යනාදී වශයෙන් උන්දෑ කෑගහන්න පටන් ගත්තා.
සුවාතා ඒකාලෙ හොඳ ගිණි විසික් වෙන පෙනුමක් ඇති ගජ ඉළන්දාරියා නෙව, කවුරු හරි සුවාච්චිට කේළමක් කියලා තියෙනවා සුවාතට වෙන වෙන ස්පෙයා වීල් තියෙනවා කියලා. ඒකයි මේ ගෝරියට හේතුව.
ආච්චිගෙ බැණිල්ලට හොඳටම මල පැන්න සුවාතත් උන්දැගෙ මී මුණුපුරා වන ඩ්‍රැකියා වගේ ම, බොරුවට කෑගහ ගහ ඉන් නැතුව කෙළින්ම ඇක්ෂන් එකක් ගත්තා. අංගම්, කරාටේ ආදී අඩි දැනං හිටිය ආතා, උඩ පැනලා ගැහුවා වම් පයින් සුවාච්චිගෙ මූණ ළඟින් යන්න බටර්ෆ්ලයි කික් එකක්. (කොච්චර කළත් සුවාච්චිට ආදරෙයි නෙව. වදින්න ගැහුවෙ නෑ. බයකරන්නයි ගැහුවෙ)
ආච්චි බයවෙච්චි පාර, අත උස්සලා කවර් කරන්න හැදුවා. ඒ පාර, සුවාතගෙ කික් එක වැදුනෙ ආච්චිගෙ අතේ තිබ්බ ටෝච් එකට. කික් එකේ සැර කොච්චර ද කියනවනං, ටෝච් එක කැරකි කැරකි උඩ ගිහිං පොළොවෙ ගුරුත්වයෙනුත් එහාට ගියා. ඒ ටෝච් එක තමයි ඕං අපි ඉර කියලා හඳුන්වන්නෙ.
ආච්චිට මළ පැන්න පාර ගෙට පැන්නා. අතට අහුවුනේ සුවාතට කෑමට හදල තිබ්බ රොටිය. ඒකෙන්ම දමල ගැහුවා සුවාතට. සුවාත ඒ රොටි පාර කවර් කරන්න ආයෙත් පයිං කික් එකක් දුන්නා. හිතුවට වඩා ඒ පාරත් සැර වුනා. මොකද බඩගින්නෙ හිටිය මනුස්සයනෙ. රොටියත් කැරකි කැරකි උඩ ගියා.
උඩ ගිය රොටිය කැරකෙන කොට ටෝච් එකේ (ඉරේ) එළිය වැදිලා, පොළොවට රොටිය පේනවා. ඒකට තමයි අපේ උදවිය හඳ කියලා කියන්නෙ. රොටිය කැරකෙද්දි, රොටියයි ටෝච් එකයි අතරින් පොළොව පිහිටන විදිහට ආවහම මිනිස්සු කියනවා චන්ද්‍රග්‍රහණයක් කියලා. රොටියට ටෝච් එක මුවා වෙනකොට කියනවා සූර්යග්‍රහණයක් කියලා.
ප/ලි
මේ එළිදරව් කිරීම කලින් කරන්න හැටියක් තිබ්බෙ නෑ. මොකද හඳට ගියාය කියන නීල් ආම්ස්ට්‍රෝං උන්නැහැ ලැජ්ජාවට පත්වෙයි කියලා. 2012 අවුරුද්දෙ උන්නැහැ කළුරිය කළා. මමත් ගියා කිරිල්ලවල ආම්ස්ට්‍රොං කොන්ක්‍රීට් වැඩපොළේ තිබුණ උන්නැහැගෙ මළගෙදර.
ඊටත් ප/ලි
ඒකාලේ ගම්පහ හිටියා චක් කියලා නොතාරිස් කෙනෙක්. එයත් සුවාතගෙන් තමයි මාෂල් ආට්ස් ඉගෙනගත්තෙ. පස්සෙ එයාගෙ පුතෙක් ඇමරිකාවෙ ජනාවාස ඉදි කරන්න ගියා. එයාගෙන් පැවත එන නොතාරිස් පරම්පරාවෙ කෙනෙක් තමා ඔය චක් නොරිස් කියලා රැවුළෙක් ඉන්නෙ. කාලයක් යනකොට පරම්පරා නම පොඩ්ඩක් කොට වෙලා තියෙනවා.
ඉස්සුවෙ මූනුපොතෙන්