ඉල්මනයිට් නිධිය අරාබියට

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගොට්ටා තවත් කොත්තු බාසෙක් විතරයි.
    :yes::yes: ගෝට විතරක් නෙමෙයි එන ඕන එකෙක් ඔහොම තමයි.
    ගෝට,මයිත්‍රී, මහින්ද, රනිල්, සජිත්, පල්ලෙවත්ත මොකා ආවත් කරන්නෙ ඔච්චරයි.

    ලංකාවෙ පොලිටික්ස් කරන්නෙ ජොබ් එකක් විදියට, තමන්ට වැඩියෙන් හම්බකරන්න පුලුවන්නම් ඕන දෙයක්. ඔය හැමෝම එන්නෙ තමන්ට දෙයක් කරගන්න මිසක් රට හදන්න නෙමෙයි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහින්ද ගේ කාලේ ඕක විකුනන්න තිබ්බ නේ වැඩි ගානකට ඇයි වික්කේ නැත්තේ ?

    රනිල් ඕක වික්කා කියලා නිව්ස් වල නැහැනේ බන් තාම විකුනලා නැද්ද ? විකුනන්නද යන්නේ ?
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මුන් ඔක්කටම ඕනේ ඕක විකුනන්න කොමිසන් එක මුලු ජීවත කාලෙම . ඔකට වැය වෙනවට වඩා විකුණල හම්බකරන එක කොච්චර එකක්ද, එක එකාට දුක උන්ට එක කරගන්න බැරි උන එක . සින්නකර වික්ක උන්ට මෙවා කජු ලෙලි වගේ වැඩ
     
    Jun 22, 2018
    183
    30
    0
    දැන් ඔය විකුනපු එඋන්ට විරුද්ධව high courts වල නඩු දාන පුළුවන් ක්‍රමයක් තියෙනවද?
    අමෙරිකාවෙ නම් patriot act එක තියෙනවා. ලංකාවේ මොකවත් නැහැ නේද?
    රටේ සම්පත් ටික විකුණලා කොමිස් ගත්ත උන්ට ආවඩාගෙන ඉන්න තමයි තියෙන්නේ.

    බලපන් අපි කොච්චර බෙලහීන අධම ජාතියක්ද කියල.
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඕක ගෝටා ගණන් බැලුවේ උබ හිතන් සන්කියා ලේකන ගත කරන්න කියලද? ඌ බැලුවෙත් විකුනන්න තමයි.. උට තියන දුක උගේ කාලෙක විකුණා ගන්න බැරි උන එක.

    සිරාවටම :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඉන්නේ පට්ට ඩයල්

    ටිකක් කතාවට වැටුනම බළල්ලු මල්ලෙන් එලියට පනිනවා

    ඒ කාලේ වංචා නාස්තිකාර වියාප්ති ගැන සෙට් එකක් මහා ඉහලින් කතා කළා - උන්ගේ යටි අරමුණ ඒ පිටිං දාල පොනිල්ට ආණ්ඩුව අරං දීම

    ආණ්ඩුව මාරු උනා

    දැන් පොනිල්ගේ ආණ්ඩුවෙන් විකුණන දේවල් ගැන ආරක්සාවේ ප්‍රශ්න ගැන සෙට් එකක් හඬ නගනවා - උන්ගේ යටි අරමුණ ගොට්ටා ට රජකම අරං දීම

    ඒ අස්සේ මේ ආණ්ඩු දෙකෙන්ම මීයක් කඩා පැණි කන උන් සෙට් එකක් ඉන්නව ඒ බදුර්දීන් වගේ උන්

    ඔව් ඔව් ගොට්ටා ආවොත් උන්ට නටන්න බෑ :lol:
    බේරුවල පල්ලියේදී සුන්නත් වූ ගෝට යටිං ගේමක් ගහල හම්බයෝ මරයි :cool:

    අපේ පැත්තේ කඩයක් තීනවා කාලෙන් කාලෙට එක එකා බදු අරං කෑම විකුනනවා හැබැයි කවදාවත් හොඳ කෑම අඩු මිලට දෙන එකෙක් ආවේ නෑ උන් එකාට එකා පරයන්න ට්‍රයි කරමින් හොඳ ගානක් හම්බ කරගත්තා අපිට ජරාවල් කවල.

    බොලාට කියන්න තින්නේ ආණ්ඩුත් ඔය වගේ

    ගොට්ටා තවත් කොත්තු බාසෙක් විතරයි.

    :dull::dull::dull:
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    ආන්ඩුව වෙනස්කරා කියලා මේක නතර කරන්න බෑ
    ස්වභාවික සම්පත් ඇමති පරිසර ඇමති -- ජනපති
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    සංහිඳියාව යන වචනයට මුවා වී ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය එක්ව පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් වැලි සොරා ගන්නා බවත්, එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරින්ට පහරදී, පළවා හරිමින් රාජකාරි කටයුතුවලට බාධා කරන බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයින් චෝදනා කරති.

    ලංකා බනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ පිහිටි මෙම බනිජ වැලි නිධිය ආරක්ෂා කර ගැනීමට නොහැකිව බරපතළ ප්‍රශ්නයක් පවතින බව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග මහත්මිය පැවසුවාය.

    මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන රාජ්‍ය දේපොළක් වන මෙම බනිජ වැලි නිධිය ආරක්ෂා කර ගැනීමට ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය ඉඩ නොදෙන බවත්, ඔවුන් මම වැලි නිධියෙන් රහසිගතව වැලි ලබා ගන්නා බවත් සභාපතිවරිය සඳහන් කළාය.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලීසියේ සහාය ඇතිව ලංකා ඛනිජ වැලි
    සංස්ථාවේ සේවකයන් විසින් පසුගියදා මෙම වැලි නිධිය වෙන්කර වැට ගැසීම සඳහා ගිය අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලනාධිකාරීය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු එක්ව එම කටයුතුවලට ඉඩ නොදුන් බවත්, එම ස්ථානයේ ඔවුන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවත් ඇය පවසා සිටියාය.

    අතිවිශාල මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයටලබාදෙන මෙම බනිජ වැලි සම්පත දේශපාලනාධිකාරියේ බූදලයක් බවට පත් නොකර රටේ පොදු සම්පතක් ලෙස ආරක්ෂා කිරීමට
    බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ලංකා ඛනිජ වැලි සංස්ථා සේවකයෝ පවසති. ඛනිජ වැලි නිධිය වෙන්කර වැට ගැසීම සදහා පසුගියදා ගිය තමන්ට ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය
    දේශපාලනාධිකාරීය පොලු මුගුරුවලින් පහර දුන් බවද එම සේවකයෝ ප්‍රකාශ කරති.

    මෙම ප්‍රදේශයේ බහුතර ජනතාව මෙම සම්පත ආරක්ෂා කර ගැනීමට ඉදිරීපත් වුවද, දේශපාලන අධිකාරී ආගම්වාදය හා ජාතිවාදය ඉදිරියට දමා ඉතා සූක්ෂම ලෙස මෙම ඛනිජ සම්පත් රහසිගතව අලෙවි කිරීම සිදු කරන බවද ඔවුහු පවසති.

    මෙම ජාවාරම්කරුවන්ට විරුද්ධව රාජ්‍ය නිලධාරි ක්‍රියාත්මක වීමේදී සහිඳියාවට බාධාවක් ඇතිවන බව පවසමින් දේශපාලන අධිකාරීය
    කටයුතු කිරීම හේතුවෙන් විශාල මුදලක් රජයට අහිමි වන බව ලංකා ඛනිජ වැලි සංස්ථා සේවකයෝ ප්‍රකාශ කරති.

    මෙම බනිජ වැලි නිධිය ආරක්ෂා කර ගැනීම සඳහා වගකිව යුතු කිසිදු අංශයක් අවධානය යොමු නොකර, එක්තරා ඇමතිවරුන් දෙදෙනකුට අවශ්‍ය පරිදි මෙම වැලි නිධිය පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම රාජ්‍ය සේවකයන්ටම සිදු කරන විශාල අපකීර්තියක් බවද ඔවුහු සඳහන් කරති.

    ඉදිරියේදීද මේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන්ට අඩන්තේට්ටම් හා පහරදීම් සිදුකර රාජකාරියට බාධා කළහොත් අනෙකුත් වෘත්තීය සමිති සහ රාජ්‍ය ආයතන දැනුවත් කර වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එහි සේවකයෝ වැඩිදුරටත් පැවසූහ.

    මේ අතර, මෙම ක්‍රියාවලදී පුල්මුඩේ පොලීසිය ඉතා පක්‍ෂග්‍රාහීව කටයුතු කළ බවට ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනී ඉන්දිකා රණතුංග මහත්මිය චෝදනා කළාය.

    -එස්. කරුණාරත්න-
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    :angry::angry::angry:
     
    Similar threads