ඉල්ලං කනවා දැකලා නැත්නම් බලාගන්න

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,617
    5,614
    113
    Colombo
    කවුද ඒ
    ඉස්සර නම් පානදුර හිටියා රන්මල් කොඩිතුවක්කු ඒ එස් පී කෙනෙක් දැන් උසස් වීම් අරන් ඇත්තේ

    මේ තියෙන්නෙ කන්න දීපු හැටි
    https://www.gossiplankanews.com/202...ic-police-in-gampaha-remanded-for-3-days.html

    ගම්පහදී ට්‍රැෆික් පොලිසියට කෑගැසූ කත දින 3 ක් රිමාන්ඩ්​

    පොලිස් නිලධාරීන්ගේ නියෝග නොසලකා හරිමින් මෝටර් රථයක් පැදවූ කාන්තාවක් මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත. රථ වාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් ඇයට නතර කරන ලෙස සංඥා කර ඇති නමුත්, ඇය එම සංඥා නොතකා රථය පදවාගෙන ගොස් තිබේ.

    පසුව, පොලිස් රථවාහන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝටර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොළ සති පොළ ප්‍රදේශයේදී එය නතර කර ඇත. එම අවස්ථාවේදී අදාළ කාන්තාව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇති අතර, තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල කොඩිතුවක්කු ගේ සහෝදරියක බවටද ප්‍රකාශ කර තිබේ. එසේම පොලිස් නිලදාරීන් වෙතින් සිය වාහන බලපත උදුරාගෙන උස් හඩින් බැණවැදී ඇත.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එහි ඇය කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන අයුරු දැක්වේ.
    මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරන්නේ, සැකකාරිය තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරියක් යැයි සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    අත්අඩංගුවට ගත් සැකකාරිය ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී ඇයව ලබන 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. අන්තරාදායක සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, පොලිස් සංඥා නොසැලකීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා ඇයට එල්ල වී තිබේ.
    නිකමට හිපල්ලා මුන්ට කොහොම චාන්ස් ද එන්නේ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න..දැන් ජපානේ මම දැකල තියෙන වීඩියෝ වලින් කෝචිචයක් පරක්කු වුනත් මිනිස්සුගෙන් උන් සමාව ගන්නවා ඒකෙන් මිනිස්සු තුල ඇතිවෙනවා අනුකම්පා සහගත අදහස්, ගෞරවයක් එහෙම උන්ගෙ වැරැද්දක් වුනාම..දැන් රන්මලයට හිතෙනවනම් මෙහෙම කරන්න ඌ මාධ්‍ය සාකච්ඡාවකදී හෝ එහෙම එකක් තියල මගේ නම කියා මෙහම සිද්ධියක් වෙලා තියෙනවා ඔව් ඒ මගේ සහෝදරියෙක්...කොහොම නමුත් වැරැද්දක් සිදුව ීතිබෙනවා ඒ කෙනාගෙන්..මම ගැන කියල ඒ වෙලාවේ හැසිරීම අශෝබන බවත් ඒ පිළිබඳව තමන් සමාව අයදින බවත් කිව්වොත් මිනිස්සු පොරට පට්ට ගෞරවයක් ලැබෙනවා ආයේ සුටු සුටු ගාද්දි..මොකද මිනිස්සු ගොඩක් අයුක්තියට අකමැතියි එදිනෙදා අපේ සාමන්‍ය මිනිස්සුගේ ජීවිතේ ගෙවෙන්නේ දුක් අදෝනා මැද්දේ එහෙව් වෙලාවක මෙහෙම සාධාරණ මනුෂ්‍ය සහගත ආකල්ප ඇහෙනවා කියන්නේ ඒ පොරට මිනිස්සු ගොඩක් ගරු කරනවා..මරා ඕකෙන් තමයි මිනිස්සු ඇන්දුවේ...
    ------ Post added on Nov 2, 2025 at 3:38 PM
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444

    බේබී නමක් නේ