ඉලෝන් මස්ක් සහ ලෝකය

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,595
    10,154
    113
    මස්ක් කියන්නේ ඔය කියන තරම් වැඩ්ඩෙක් නෙමේ.මිනිහාව මීඩියා වලින් පුම්බලා තියෙන්නේ වැඩි හරියක්. ඉලොන් කාරයා මුලින් පටන්ගන්න කොම්පැනියට තාත්තා $ ලක්ෂ දෙකක් දෙනවා. මිනිහා තනිකර ව්‍යාපාරිකයෙක් විතරයි. නියම විදිහට බිම් මට්ටමේ ඉදන් ආපු ස්ටීව් ඩබල වගේ නෙමේ. මට ඇපල් කොම්පැනිය පේන්න බැහැ හැබයි ස්ටීව් ඩබල නියම වැඩ්ඩෝ දෙන්නෙක්. බිංදුවෙන් පටන් ගත්ත. ග්‍රෑන්ඩ් ටුවර් එකේ ජෙරමිගේ model x review එක බැලුවනම් තේරෙනවා මිනිහාගේ හැටි. පේපෑල් මිනිහගේ නෙමේ. මිනිහා පස්සේ සල්ලි ආයෝජනය කරනවා. ඒකෙන් හොඳ ගානක් හොයාගන්නවා. අවුරුදු දෙකයි මිනිහා ළඟ පේපෑල් තියෙන්නේ. ඊළගට ටෙස්ලා. අනිත් කවුරුත් electric vehicles හදන්නේ නැති කාලේක පටන් ගත්ත බිස්නස් එකක්. දැන් තරඟකාරයෝ වැඩේට එන කාලේ මම දැක්කා ලඟදි ටොයෝටාත් සම්පූර්ණයෙන් වැඩේට බහිනවා කියලා. තාම ටෙස්ලා තියෙන්නේ 25 2020 විකිනෙන කාර් මොඩල් වලින්. ඒ කියන්නේ තාම සැහෙන පල්ලහා ඇති සම්පුර්න වාහන ගනනින්. ගිය අවුරුද්දේ ලාබේ - මිලියන 862 $ . හැබයි කොටස් වෙළද පොලේ අංක එක. විඩියෝ වල කියන්නේ සැහෙන ලොතු ලාබයක් එයි කියලා. හැබයි vw ගිය අවුරුද්දේ වැඩෙ පටන් ගත්තා. Toyota මේ අවුරුද්දේ වැඩ පටන් ගන්නවා. ඔය එත කොම්පැනියක්වත් නිකම් හිටියේ නැහැ මේ කාලේ R&D වලට හොඳට වියදම් කරන්න ඇති. තව අවුරුදු දෙකක් යද්දි ටෙස්ලා තවත් ඇමරිකන් කාර් බ්‍රෑන්ඩ් එකක් විතරක් වෙයි.
    spacex ගැන කියනවනම් ලැබිච්ච ලාබයක් ගැන දන්නේ නැහැ මොකද ඒක මස්ක්ට විතරක් අයිති කොම්පැනියක් හින්දා. හැබයි ඇමරිකන් ආණ්ඩුවෙන් හොඳ ගානක් ලැබුනා. හොයාගත්ත කිසිම අළුත් තාක්ෂනයක් නැහැ. හැම දෙයක්ම කලින් කරලා තිබ්බ දේවල්. ආපහු ගොඩ බහින programing hardware ටික තමා. තාමත් සොයුස් එකට වඩා වියදම් එක සීට් එකකට. මස්ක් අඟහරුට යනවා දැන් අවුරුදු ගානක ඉදන් තාම Crow dragon එක ඉවර කර ගන්න බැහැ. රුසියාවේ බිස්නස් එකට කෙලපු එකනම් උනා.
    හයිපර්ලූප් කියන්නේ අවුරුදු 100 කට වඩා පරණ සංකල්පයක් හැබයි කවුරුත් හදන්න ගියේ නැහැ මොකද පොඩ්ඩක්වත් ප්‍රායෛා්ගික නැතිනිසා. දැන් මස්ක් හයිපර්ලූප් හදන්නෙ නැහැ. වෙන කොම්පැනියක් කරන්නේ හැබයි නිකම් සල්ලි කා දැමිල්ලක් විතරයි. අනිත්දේ බෝරින්, මිනිහා කියන විදිහට ලොස් ඇන්ජලිස් වල ඉදන් සැන්පැන්සිස්කො වලටද කොහෙද උමගක් කනින්න යනවා එක පැත්තකට එක වාහානයක් විතරක් යන්න උමං දෙකක්. කියන්නේ ඉලෙක්ටික් වැසි උඩ වාහන ගෙනියනවා නියලා ලොකු ස්ඵිඩ් එකකින්. වැඩේ කිසි ප්‍රායොගික ගතියක් නැහැ. දැනට කොහෙද මීටර් ගානක උමඟක් හාරනවා කැම්පස් එකක.
    AI ගැනනම් මම දන්නේ නැහැ මොකද මිනිහාගේ වීඩියෝ follow කරන්නේ නැති නිසා. මිනිහා ප්‍රසිද්දියට හෙනකෑදරයි කියලා නම් දන්නවා. අර තායිලන්ඩ් කේස් එකේදී එහෙම මිනිහාගෙන් මොකෙත්වත් නොයිල්ලපු දේ කට වැඩ කරන්න ගියා. පස්සේ ඇදන් නෑවා ඒ කේස් එකේදී. කොරෝනා වලදි ventilators හදනවා කියලා අන්තිමට මොකුත් නොදි නෑවා.
    මිනිහා හෙඳ ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති හැබයි මේ වගේ බොරුවට පුම්බන එක නම් හොඳ නැහැ.
    මිනිහගෙ බොරු පිම්බිල්ලමත් නෙමෙයි ! මිනිහගෙ මාකටින් බජට් එක 0 යි ඉතින් සෝශල් මීඩියා වලින් ෆ්‍රී කරගන්න පුලුවන් ටික කරගන්න දගලනව ඇති
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මිනිහගෙ බොරු පිම්බිල්ලමත් නෙමෙයි ! මිනිහගෙ මාකටින් බජට් එක 0 යි ඉතින් සෝශල් මීඩියා වලින් ෆ්‍රී කරගන්න පුලුවන් ටික කරගන්න දගලනව ඇති
    මිනිහා වැඩිය ඇඩ්වටයිස් කරන්න කැමති නැහැ .පොරම කියනවා එක තැනක ටෙස්ලා කාර් එක මාකට් කරන්න ඇඩ්වටයිස් කරනවාට වඩා රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වලට සල්ලි වෙන් කරාළු .
    ටෙස්ලා කාර් කම්පැණි එක වැටෙනවා කියලා ගොඩක් උන් කිව්වා මීට අවුරුදු ගාණකට කලින් .
    එත් එහෙම උනෙ නැහැ.
    ඊලාන් ෆේමස් වෙන්න දඟලනවානම් මිනිහාට ඔනි තරම් ගෙවලා කරන්න පුළුවන් .
    දන්න තරමින් මීඩියාස් වලින් පට්ටෙට මිනිහාට ගහනවා.
    මිනිහා ෆේස්බුක් එකෙනුත් අයින් උනා.
    සේරම තමන්ගෙ කම්පැණිස් වල පේජස් අයින් කරගත්තා.
    ට්විටර් එකෙ විතරයි මිනිහා ඉන්නෙ .
    එකෙනුත් අයින් වේවි .
    දැන් ඉන්න බිලියන පතියන්ගෙන් මිනිස්සු වෙනුවෙන් වැඩක් ඇති යමක් කරන්න හදන කෙනෙක් .එත් හැම දෙම ගැන පැහැදීමක් නැහැ .
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මෙහෙමයි ඊලාන් ධනවාදි සීන් එකෙ ඉන්නෙ.
    වාමංශිකයො පට්ට මල ඊලාන් එක්ක .

    ස්පේස් එක්ස් එකෙ ඇයි බන් අලුතින් ඩිවලොප් කරෙ නැත්තෙ? සයිඩ් බූස්ටර්ස් ලැන්ඩ් කරන එක.
    අනික ගොඩක්ම රොකට් එකෙ ක්‍රියාන්විතය ඔටොමේටඩ් කරලා තියෙන්නෙ .
    ඩොක් කරෙත් ඔටොමැටික් .
    කලින් බටන්ස් වලින් පිරුනු රොකට් එක ටච් ස්ක්‍රීන් වලින් තම ෆන්ක්ෂන් කරන්න පුළුවන්.
    ස්පේස් සූට් එක එහෙම දැක්කාද ?
    ගොඩක් අලුත් දෙවල් එතන තියෙනවා.

    ස්පෙස් එක්ස් එකට නාසා එකෙන් ඩොලර් බිලියන 1.6. ක කන්ට්‍රැක් එකක් හම්බ උනා.
    ඒ වගෙම උන් සල්ලි හොයන්නෙ කම්පැණිස් වල සැටලයිට්ස් කක්ෂ ගත කරලා.
    මන් හිතන්නෙ එක ට්‍රිප් එකකට ඩොලර් මිලියන හැට ගාණක් ද කොහෙද ගන්නවා.
    හැබැයි ස්ටීව් ජොබ්ස් තරම් පොරක් නම් නෙමෙ.
    ස්ටීව් ජොබ්ස් කෙලින්ම රෙවලූෂන් එකක් කරෙ .
    පර්සනල් කම්පියුටර්ස් වලයි ,ෆොන්ස් වලයි ,එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙයි .

    මස්ක් ගෙ ස්පේස් එක්ස් කම්පැණි එක ගැන විතරයි මට නම් ටිකක් පැහැදීමක් තියෙන්නෙ .
    SpaceX එක කලේ ඒ වෙනකොට ඇනලොග් වලින් කරලා තිබ්බ දේවල් ඩිජිටල් කරපු දේ තමා. පුල් ඔටෝමැටික් ටෙස්ට් පලයිට් එකක් රුසියාව කරන්නේ 88. රුසියාව කියන්නේ ඒ කලේ ඩිජිටල් කරනයෙන් අඩුම රට. අනිවාර්යයෙන් ඇමරිකාවේ ටෙස්ට් කරලා ඇති. vertical landing නාසා එකෙන් සාර්ථකව අද්හදා බලලා තිබ්බා. දැනට තියන computer system එක්ක ඒ පොජෙක්ට් තිබ්බානම් සෑහෙන්න තැනක තියනවා. ඒත් 70 ගනන් වල දැන් පොන් එකක තියන මට්ටමේ system එකක් කාමරයක් විතර ලොකුයි. reusable කියන අදහස අනුව මුලින්ම හැදුවේ ෂටල් එක. මේ වෙනකම් තිබ්බ හොදම අදහස රුසියන් එනර්ගියා 2 system එක. මොකද අඩු තෙල් ප්‍රමානයක් ඕනේ වෙන්නේ ආපහු එන්න. spacex එකෙන් කලේ ඔක්කොම ඩේටා ටික අරන් ඒක දැන්තියන hardware software උඩ ලියපු එකග හැබයි සැහෙන වැඩක් ඒකත් මොකද සැහෙන රෙකට් තොගයක් අසාර්ථක උනා. මම නම් පැහැදිලිවම ටච් ස්ක්‍රීන් විතරක් රොකට් එකක තියනවට අකමැති ස්විච් එකක් වගේ විස්වාසේ තියාගන්න බැහැ. ඇදුම නම් හරි නැහැ බෙල්ල හරවගන්න වත් බැහැ. රුසියාව තමා කලින් සැටලයිට් යවයව හිටියේ කොම්පැනිවල. ඒකටනම් කෙලෙව්වා.සොයුස් ms 10 වෙනකම්ම පාවිච්චි කලේ ඇනලොග් සිස්ටම්. ඒක තමා හැබයි බුස්ටර් එකට කෙලවෙලත් මිනිස්සු ටික කිසි අවුලක් නැතුව බිමට.
    මට බුවාව පේන්න බැරි හේතුව මොකක් හරි කිව්වාම යූ ටියුබ් එකේ උන් මිනිහාව දාන උඩ දැමිල්ල. දැන් අවුරුදු දෙකකට කලින් රොඩ්සටර් එක හදනවා කිව්වා. තාම හදන්න තැනක් නැහැ. ටෙස්ලා සෙමියත් එහෙමමයි. හැබයි ප්‍රෝර්ශේ ටයිකෑන් එක ආවම මිනිහයි මනිහගේ යූටියුබ් පෑන් ලයි කියපු කතා ටික කොහෙමද ? තාම ගානෙ හැටියට ටෙස්ලා බිල්ඩ් කොලිටිය අන්තිමයි. හැබයි මිනිහා දෙන ටෝක් වල හැටියට ඊට වඩා එකක් නැහැ.
     
    • Haha
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    උඹ ඊලාන් එක්ක පට්ට මලක් තියෙනවා වගෙ.
    මෙහෙමයි ඊලාන් ධනවාදි සීන් එකෙ ඉන්නෙ.
    වාමංශිකයො පට්ට මල ඊලාන් එක්ක .
    පේ පෑල් නම් ඊලාන් ඉන්වෙස්ට් කරා.
    ඊලාන් කියන්නෙ උඹ කිව්වා වගෙ හොඳ බිස්නස්මන් කෙනෙක් .

    ස්පේස් එක්ස් එකෙ ඇයි බන් අලුතින් ඩිවලොප් කරෙ නැත්තෙ? සයිඩ් බූස්ටර්ස් ලැන්ඩ් කරන එක.
    අනික ගොඩක්ම රොකට් එකෙ ක්‍රියාන්විතය ඔටොමේටඩ් කරලා තියෙන්නෙ .
    ඩොක් කරෙත් ඔටොමැටික් .
    කලින් බටන්ස් වලින් පිරුනු රොකට් එක ටච් ස්ක්‍රීන් වලින් තම ෆන්ක්ෂන් කරන්න පුළුවන්.
    ස්පේස් සූට් එක එහෙම දැක්කාද ?
    ගොඩක් අලුත් දෙවල් එතන තියෙනවා.

    හයිපර්ලූප් සහ අනික් කතාවල් වලට මන් එකඟයි .
    ඒ වගෙම අඟහරු වෙතට යන එක ගැනත් මට දැන් ටිකක් පැහැදීමක් නැහැ .
    හෙතුව මස්ක් කියනවා අඟහරු වල ජීවත් වෙන්න ජනාවාස හදනවා කියලා
    අඟහරු පට්ට සීතලයි .සෙල්සියස් සෘණ 62 ක් උෂ්ණත්වය.
    ජීවත් වෙන්න සුදුසු නැහැ නෙ ?

    ස්පෙස් එක්ස් එකට නාසා එකෙන් ඩොලර් බිලියන 1.6. ක කන්ට්‍රැක් එකක් හම්බ උනා.
    ඒ වගෙම උන් සල්ලි හොයන්නෙ කම්පැණිස් වල සැටලයිට්ස් කක්ෂ ගත කරලා.
    මන් හිතන්නෙ එක ට්‍රිප් එකකට ඩොලර් මිලියන හැට ගාණක් ද කොහෙද ගන්නවා.
    හැබැයි ස්ටීව් ජොබ්ස් තරම් පොරක් නම් නෙමෙ.
    ස්ටීව් ජොබ්ස් කෙලින්ම රෙවලූෂන් එකක් කරෙ .
    පර්සනල් කම්පියුටර්ස් වලයි ,ෆොන්ස් වලයි ,එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙයි .

    මස්ක් ගෙ ස්පේස් එක්ස් කම්පැණි එක ගැන විතරයි මට නම් ටිකක් පැහැදීමක් තියෙන්නෙ .

    මන් කලිනුත් කිව්වා වගෙ දැන් ඉන්න ෆේමස් බිලියන පතියන්ගෙන් 0 ඉඳන් ගේමක් ගැහැව්වා නම් ඒ ජැක් මා .
    අන්න ආදර්ශයට ගන්නවානම් චරිතෙ.

    ඔව් ඒ පැත්තෙන් හොඳයි .එත් අනික් පැත්ත? මොකද වෙන්නෙ කවුරුහරි ඕක හැක් කරොත් ?
    අනික ඊලන් කියනවා අපිට භාෂාවක් ඉගෙන ගන්න ඔනි උනා නම් මොළෙටම ඩවුන්ලොඩ් කරගෙන ඉගෙන ගන්න පුළුවන්ලු .
    මිනිහව කන්ට්‍රොල් කරන්න ගන්නවා තනිකරම .
    සොෂල් ඩිලිමා බැලුවානෙ ?
    එකෙ ෆේස්බුක් ,යු ටියුබ් ඇල්ගොරිතම් ඩිවලොප් කරපු අයම කියනවා ඒ දෙවල් කරෙ මිනිස්සුන්ට යහපතට කියල .
    ඒ කිව්වෙ මිනිස්සු කනෙක්ට් වෙලා එකිනෙකාට උදව් කරගනි කියලා .
    ඔව් උදව් කරගන්න එක වෙනවා.
    එත් වෙලා තියෙන්නෙ මොකක්ද ? තනිකරම ඩිප්‍රෙෂන් මිස් ටෘත් ,මිස් ඉන්ෆොමෙෂන්ස් වැඩියෙන් වයිරල් වෙනවා.
    අන්න ඒ වගෙ තමා මේකත්.

    ඊලාන්ගෙ මස්ක් මන් ගරු කරන චරිතයක් .එත් සමහරක් කාරණා වලදි මන් එකඟ නැහැ .
    ෆේස්බුක් ,යු ටියුබ් ඇල්ගොරිතම් ඩිවලොප් කරපු අයම කියනවා ඒ දෙවල් කරෙ මිනිස්සුන්ට යහපතට කියල
    Mushroom management කියන්නේ ඒකට.
     
    • Like
    Reactions: BruceWayne92

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    SpaceX එක කලේ ඒ වෙනකොට ඇනලොග් වලින් කරලා තිබ්බ දේවල් ඩිජිටල් කරපු දේ තමා. පුල් ඔටෝමැටික් ටෙස්ට් පලයිට් එකක් රුසියාව කරන්නේ 88. රුසියාව කියන්නේ ඒ කලේ ඩිජිටල් කරනයෙන් අඩුම රට. අනිවාර්යයෙන් ඇමරිකාවේ ටෙස්ට් කරලා ඇති. vertical landing නාසා එකෙන් සාර්ථකව අද්හදා බලලා තිබ්බා. දැනට තියන computer system එක්ක ඒ පොජෙක්ට් තිබ්බානම් සෑහෙන්න තැනක තියනවා. ඒත් 70 ගනන් වල දැන් පොන් එකක තියන මට්ටමේ system එකක් කාමරයක් විතර ලොකුයි. reusable කියන අදහස අනුව මුලින්ම හැදුවේ ෂටල් එක. මේ වෙනකම් තිබ්බ හොදම අදහස රුසියන් එනර්ගියා 2 system එක. මොකද අඩු තෙල් ප්‍රමානයක් ඕනේ වෙන්නේ ආපහු එන්න. spacex එකෙන් කලේ ඔක්කොම ඩේටා ටික අරන් ඒක දැන්තියන hardware software උඩ ලියපු එකග හැබයි සැහෙන වැඩක් ඒකත් මොකද සැහෙන රෙකට් තොගයක් අසාර්ථක උනා. මම නම් පැහැදිලිවම ටච් ස්ක්‍රීන් විතරක් රොකට් එකක තියනවට අකමැති ස්විච් එකක් වගේ විස්වාසේ තියාගන්න බැහැ. ඇදුම නම් හරි නැහැ බෙල්ල හරවගන්න වත් බැහැ. රුසියාව තමා කලින් සැටලයිට් යවයව හිටියේ කොම්පැනිවල. ඒකටනම් කෙලෙව්වා.සොයුස් ms 10 වෙනකම්ම පාවිච්චි කලේ ඇනලොග් සිස්ටම්. ඒක තමා හැබයි බුස්ටර් එකට කෙලවෙලත් මිනිස්සු ටික කිසි අවුලක් නැතුව බිමට.
    මට බුවාව පේන්න බැරි හේතුව මොකක් හරි කිව්වාම යූ ටියුබ් එකේ උන් මිනිහාව දාන උඩ දැමිල්ල. දැන් අවුරුදු දෙකකට කලින් රොඩ්සටර් එක හදනවා කිව්වා. තාම හදන්න තැනක් නැහැ. ටෙස්ලා සෙමියත් එහෙමමයි. හැබයි ප්‍රෝර්ශේ ටයිකෑන් එක ආවම මිනිහයි මනිහගේ යූටියුබ් පෑන් ලයි කියපු කතා ටික කොහෙමද ? තාම ගානෙ හැටියට ටෙස්ලා බිල්ඩ් කොලිටිය අන්තිමයි. හැබයි මිනිහා දෙන ටෝක් වල හැටියට ඊට වඩා එකක් නැහැ.

    ඒක තමයි බන් මිනිහගෙ වෙනස. ඕන තරන් උන් ඉන්නව ඕවත් වැඩද මෙන්න මේමනෙ කරන්නෙ කියන්න. ඒ උනාට Elon musk විතරයි ඒවා Practically කරන්නෙ. Vertical landing ටෙස්ට් කරාය එව්ව තිබ්බනන් දැන් පට්ටය කිවුවට වැඩක් නෑ ඒක අපිට පේන්න දැන් ප්‍රායෝගිකව සිද්ද වෙන් නැත්තන්. මොන පිස්සෙක්වත් ඌ වගේ boosters පුපුරව පුපුරව ඕක ටෙස්ට් කරයිද කියපන්කො?

    මටනන් උගෙ වැදගත්ම ප්‍රොජෙක්ට් එක neuralink. ඕක භයානකය අරව මේවා රෙද්දවල් කියන්න එපා බන් ලෝකෙ මිනිස්සු මෝඩයො නෙමේනෙ ඕක හැක් වෙන්න පුලුවන් කියල නොදැන ඉන්න. ඒවට යම්කිසි පියවරවල් ගනී. අනික කෙනෙක් අකමැතිනන් ඕක හයි නොකරගෙන ඉදියම ඉවරනෙ. මේක නිසා කොච්චර ලොකු හොදක් වෙන්න පුලුවන්ද කියල හිතපන්. මේක හොදටම දියුණු උනොත් ආයෙ ආබාධිත මිනිස්සු කියල අය ඉතුරු වෙන් නෑ ලෝකෙ. ඇස් පේන්නැති අයට කැමරා යූස් කරතහැකි. අතක් කකුලක් නැති මිනිහෙක්ට robotic arms legs පාවිච්චි කරතහැකි. (දැනටත් තියෙනව. ඒ උනාට ඇත්ත අතක් තරන් ගානටම වැඩ කරන් නෑ).
    මේකෙ best case scenario එක තමයි digital immortality. මේවානන් වෙයි කියල කියනව නෙමේ. නමුත් දෙයක් දැනගන්නත් කරල බලන්න ඕනෙ. පටන් ගන්නකොටම කොස්ස දාලා බෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    SpaceX එක කලේ ඒ වෙනකොට ඇනලොග් වලින් කරලා තිබ්බ දේවල් ඩිජිටල් කරපු දේ තමා. පුල් ඔටෝමැටික් ටෙස්ට් පලයිට් එකක් රුසියාව කරන්නේ 88. රුසියාව කියන්නේ ඒ කලේ ඩිජිටල් කරනයෙන් අඩුම රට. අනිවාර්යයෙන් ඇමරිකාවේ ටෙස්ට් කරලා ඇති. vertical landing නාසා එකෙන් සාර්ථකව අද්හදා බලලා තිබ්බා. දැනට තියන computer system එක්ක ඒ පොජෙක්ට් තිබ්බානම් සෑහෙන්න තැනක තියනවා. ඒත් 70 ගනන් වල දැන් පොන් එකක තියන මට්ටමේ system එකක් කාමරයක් විතර ලොකුයි. reusable කියන අදහස අනුව මුලින්ම හැදුවේ ෂටල් එක. මේ වෙනකම් තිබ්බ හොදම අදහස රුසියන් එනර්ගියා 2 system එක. මොකද අඩු තෙල් ප්‍රමානයක් ඕනේ වෙන්නේ ආපහු එන්න. spacex එකෙන් කලේ ඔක්කොම ඩේටා ටික අරන් ඒක දැන්තියන hardware software උඩ ලියපු එකග හැබයි සැහෙන වැඩක් ඒකත් මොකද සැහෙන රෙකට් තොගයක් අසාර්ථක උනා. මම නම් පැහැදිලිවම ටච් ස්ක්‍රීන් විතරක් රොකට් එකක තියනවට අකමැති ස්විච් එකක් වගේ විස්වාසේ තියාගන්න බැහැ. ඇදුම නම් හරි නැහැ බෙල්ල හරවගන්න වත් බැහැ. රුසියාව තමා කලින් සැටලයිට් යවයව හිටියේ කොම්පැනිවල. ඒකටනම් කෙලෙව්වා.සොයුස් ms 10 වෙනකම්ම පාවිච්චි කලේ ඇනලොග් සිස්ටම්. ඒක තමා හැබයි බුස්ටර් එකට කෙලවෙලත් මිනිස්සු ටික කිසි අවුලක් නැතුව බිමට.
    මට බුවාව පේන්න බැරි හේතුව මොකක් හරි කිව්වාම යූ ටියුබ් එකේ උන් මිනිහාව දාන උඩ දැමිල්ල. දැන් අවුරුදු දෙකකට කලින් රොඩ්සටර් එක හදනවා කිව්වා. තාම හදන්න තැනක් නැහැ. ටෙස්ලා සෙමියත් එහෙමමයි. හැබයි ප්‍රෝර්ශේ ටයිකෑන් එක ආවම මිනිහයි මනිහගේ යූටියුබ් පෑන් ලයි කියපු කතා ටික කොහෙමද ? තාම ගානෙ හැටියට ටෙස්ලා බිල්ඩ් කොලිටිය අන්තිමයි. හැබයි මිනිහා දෙන ටෝක් වල හැටියට ඊට වඩා එකක් නැහැ.
    මට හිතුණ උඹෙ කතාවෙන්ම වාමංශිකයෙක් කියලා.
    ඔව් ගොඩාක් වාමංශිකයො ඊලාන්ට විරුද්ධයි.
    කමක් නැහැ .

    රුසියාව ස්පේස් රේස් එකෙ ඇමරිකාවට වඩා ගොඩාක් ඉස්සරහින් හිටියෙ .
    රෂියන් ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් ඇමරිකාවට වඩා.එකෙ ආයෙ විවාදයක් නැහැ.
    මන් හිතන්නෙ ස්පේස් රේස් එකෙ මුල් කාලෙ හදපු සොයුස් රොකට්ටුව අදටත් පාවිච්චි කරනවා.

    මෙහෙමයි අපෙ වගෙ හිඟන යු ටියුබ් කාරයො ඒ රටෙත් ඉන්නවා .
    රුසියාව සහ ඇමරිකාව ස්පේස් රේස් කාලෙ යු ටියුබ් තිබ්බා නම් ඔය හිඟන්නො ටික ඒ මිනිස්සුන්වත් විකුණන් කාවි.
    ගොඩක් ඔය යු ටියුබ් චැනල්ස් ටාගට් කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ව මිසක් විද්‍යාව දන්න අයව නෙමෙ.
    සාමාන්‍ය මිනිස්සුන්ගෙනුත් පොඩි උන් ටික සහ තරුණ අයව තමා වැඩියෙන්ම ටාගට් කරන්නෙ.
    මොකද මෝටිවෙෂන් එකක් විදියට ඊලාන් මස්ක් වගෙ වෙන්න කියලා.
    නාසා එකෙ ප්‍රධානියාම කියනවා ඒ ගොල්ලො ප්ලෑන් කරලා තියෙනවාලු ස්පේස් ස්ටෙෂන් එකෙ ෆිල්ම් එකක් කරන්න ටොම් කෲස් ව යොදාගෙන. ඒකට ටොම් කෲස්ව ඇත්තටම ස්පේස් එකට ගෙනියන්න තමා හදන්නෙ. ඒ ෆිල්ම් එකෙ අරමුණ තරුණ කට්ටියව ස්පේස් විෂය පැත්තට යොමු කරවන්න මෝටිවේට් වෙන්නලු .
    නාසා එකෙ ප්‍රධානියාට ඇමරිකන් නේවි පයිලට් කෙනෙක් වෙන්න හිතිලා තියෙන්නෙ ටොම් කෲස් ගෙ ටොප් ගන් ෆිල්ම් එක බැලුවහමලු .
    අන්න ඒ නිසා තම ඒ ගොල්ලො ෆිල්ම් එකක් හදලා ඒ වගෙ මොවෙටිවේට් කරන්න හදන්නෙ තරුණ අයව.
    ඉතිං ඊලාන් මස්ක් කියන්නෙත් අන්න ඒ වගෙ මෝටිවේෂනල් කැරැක්ටර් එකක් තරුණ අයට.
    ඒකයි ඔය ටු ටියුබ් හිඟන්නො ටික ඊලාන් ව ප්‍රමොට් කරන්නෙ.
    කොටින්ම Pewdiepie පවා ඊලාන් ව ප්‍රමොට් කරනවා උගෙ සමහරක් වීඩියෝස් වල.
    ඔව්වා වැඩිය හිතන්න එපා.

    මෙහෙමයි ඊලාන් කිසි දෙයක් මුලින්ම කරෙ නැහැ .
    මිනිහා කිව්වානෙ ස්පේස් ප්‍රොබ්ලම්ස් විසඳන්නයි තමන් ආවෙ කියලා.
    නැතුව රෙවලුෂන් එකක් කරන්න නෙමෙ .

    ස්ටීව් ජොබ්ස් පවා මුලින් කරපු දේවල් නැහැ නෙ ?
    ස්ටීව් ගෙ මැක් එකෙ ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එක Xerox එකෙන් උස්සපු එකක්.
    එත් Xerox එකට වඩා ස්ටීව් ලා ඒක ඩිවලොප් කරලා මාකට් කරා.
    අන්න එතනයි වෙනස.

    ඊලාන් කරන්නෙත් අන්න ඒ වගෙ වැඩක් .
    ඊලාන්ගෙ අරමුණ ස්පේස් එකට යන එක සාමාන්‍ය දෙයක් කරන්න.
    කාලයක් ෆ්ලයිට් එකක යන එක ලොකු දෙයක් උනා.
    එත් දැන් ඒක සමාන්‍ය දෙයක් .
    ඒ ඇයි ?
    ෆ්ලයිට්ස් වල ගොඩාක් පැති වලින් දියුණු උනා.
    විෂේශයෙන් රීයූසබිලිටි එක.
    අන්න ඒ දෙ තමා ඊලාන් රොකට් වලත් කරන්න හදන්නෙ.
    ඔය Starship එක කියන්නෙ අඟහරු වලට යන්න විතරක්ම නෙමෙ.
    රටවල් අතර ට්‍රැවල් කරන්නත් යොදාගන්න බලාපොරොත්තු වෙනවා.

    දැන් ඔන්න ජෙෆ් බෙසොස් පවා තරඟෙට ඇතුල් වෙලා තියෙන්නෙ.
    අන්න තරඟයක් තියෙන තැන තමා හොඳ දේවල් එලියට එන්නෙ.
    රුසියාව බිඳ වැටුනෙ නැත්තම් රොකට් පැත්තෙන් සැහෙන්න දියුණුවක් බලා ගන්න තිබ්බා ඇමරිකාවෙයි -රුසියාවෙයි .

    ඊලාන් අළුත් දේවල් කරෙ නැහැ.
    එත් මැරිලා තිබ්බ දේගට අළුත් පණක් දුන්නා .
    එච්චරයි.
    එහෙමත් නැත්තම් පොඩි තල්ලුවක් දුන්නා.
    ඉතිං එය පටන් ගත්ත දේ බලාගෙන තව අය ට්‍රයි කරාවි .
    ඒකයි වෙන්න ඔනි .
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මම හිතන්නේ ලොකේ අලුත්ම දෙවල් කියලා දෙයක් නැ. කවුරු හරි කරපු දෙයක් හරි කන්සෙප්ට් එකක් හරි වැඩිදියුණු කරලා මිනිස්සුන්ට පාව්ච් කරන්න පුලුවන් විදියට මාකට් එකට දාන එක තමයි කරන්නේ. Steve Jobs, Bill Gates ලා කලේත් ඔකනේ. SpaceX උනත් රොකට්, බුස්ටර් ඔවා කලින් තිබ්බ දෙවල්නේ. එවටම AI, Machine learning වගේ එවා දාලා automate කරලා තියෙන්නේ. Tesla වල auto pilot එකත් එහෙමයි. ගොඩක් research තියෙනවා vision, object recognition වගේ එරියාවල. ඔයට්ක එකතු කරලා පැරටිකල් දෙයකට පාව්ච් කරලා තියෙන්නේ.

    ඔකේ ගෙම් එක තියෙන්නේ ඔය කොන්සෙප්ට් ටික දැනගෙන, ඔය ටික එකතු කරලා හදන product එක ඔලුවේ තියාගෙන. Engineering, Sales, Product team සෙට් කරලා එක විෂන් එකට ඔය ගෙනියන එක තමයි ගේම් එක. අනික investors ලා හොයාගන්න ඔනේ. උන්ට prove කරන්න ඔනේ. ලොකේ පට්ට දක්ෂ ඩයල් ඉන්නවා. නමුත් ඔයවගේ විෂනරි ගොල් එකට ට්ම් එක ගෙනියන්න බැරි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Internet consumer business වගේ දවසට දෙකට බිල්ට් අප් කරන්න පුළුවන් දේවල් නෙවේ බන් මේ දේවල් අවුරුදු 10 ක් 20 ක් ඊට වැඩි වෙන්නත් පුළුවන්
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එලෝන් කියන්නේ පට්ට පොරක්, ඒකෙ සැකයක් නෑ. නමුත් මේ ලෝකේ තව ආයතන තියෙනවා SpaceX එකටයි Tesla එකටයි වඩා ගේම ගහන. මාධ්‍යවලින් යම් චරිතයක් ගොඩාක් පිම්බෙනවානම් එතන මොකක්ම හරි අවුලක් තියෙනවා. උඹලට සැකයක් තියෙනවනම් Elizabeth Holmes ව Google කරලා බලපන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    එලෝන් කියන්නේ පට්ට පොරක්, ඒකෙ සැකයක් නෑ. නමුත් මේ ලෝකේ තව ආයතන තියෙනවා SpaceX එකටයි Tesla එකටයි වඩා ගේම ගහන. මාධ්‍යවලින් යම් චරිතයක් ගොඩාක් පිම්බෙනවානම් එතන මොකක්ම හරි අවුලක් තියෙනවා. උඹලට සැකයක් තියෙනවනම් Elizabeth Holmes ව Google කරලා බලපන්.
    එලිසබත් හොම්ස් නම් පට්ට හෙරක් .අන්තිමට කෙලවගෙනම ගියා.
    එත් ඊලාන් කියන්නෙ මීඩියාස් වලින් ප්‍රමොට් කරන කෙනෙක් නෙමෙ. මීඩියාස් වලින් පහර කන කෙනෙක් .
    ඊලාන් දක්ෂිනාංශික පැත්තට පොඩ්ඩක් නැඹුරුයි. එක නිසා වාමංශික කට්ටිය පොඩ්ඩක් අකමැති ඊලන්ට.
    ඊලාන් ෆේස්බුක් එකෙන් පවා අයින් උනා .ඒක ප්‍රසිද්දියෙක කිව්වා .
    ට්විටර් එකෙ විතරයි පොර ඉන්නෙ.
    අර ඊලාන්ව පතුරුයවපු පොර මෙන්න මෙ වීඩියො එක බලලා තමා මන් හිතන්නෙ කිව්ව දෙවල් කියන්න ඇත්තෙ.
    මෙ චැනල් එක කරන්නෙ පට්ට වාමංශිකයෙක් .
    තනිකර සොයි ෆේස් එකක් තියෙන එකෙක්.

    සොයි බොයිස් ලා ගැන මෙන්න මෙ වීඩියො එකෙන් බලන්න. ඒ ජාතියෙ ලුක් එක තියෙන උන් වාමංශිකයි .