ඉවරය් කිව්වට ඉවරම නැ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉවරය් කිව්වට ඉවරම නැ

    දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ පාරලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවා තිබේ.

    කොටි සංවිධානයේ සන්නද්ධ අරගලය කිසිවිටක අනුමත නොකරන බවට සිදුකළ ප්‍රකාශයක් මත මෙම ලිපිය යවා ඇති චාල්ස් නිර්මලනාදන් සුමන්තිරන් මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගැනීම සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවන ලෙසටද බලකර ඇත.

    සිංහල සමාජ මාධ්‍ය නාලිකාවක් සමගින් පසුගියදා සාකච්ඡාවකට එක්වෙමින් කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටක අනුමත නොකරන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශයක් සිදුකර තිබුණි.

    මේ සම්බන්දයෙන් දෙමළ දේශපාලන ධාරාවෙන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි,ප්ලොට්,ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේම නායකයින් හා නියෝජිතයින් අප්‍රසාදය පලකරති.

    දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ අවිහිංසාවාදී අරගලයකින් පසු ආයුධ සන්නද්ධ අරගලයකට උතුරේ දෙමළ තරුණ කණ්ඩායම් ඇද දැමුවේ දකුණේ පාලනය බවය.

    දෙමළ ජනතාවගේ විමුක්තිය හා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත් එම අරගලය පිළිබද නිසි අවබෝධයකින් තොරව සුමන්තිරන් මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇති බවය.


    දේශපාලන පක්ෂ කිහිපයක නියෝජනයක් වන දෙමළ ජාතික සන්ධානයේ නාමය භාවිතා කරමින් මේ ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීමට මින් ඉදිරියට කිසිදු ඉඩක් නොතැබීමට දෙමළ ජාතික සන්ධාන නායකත්වය කටයුතු කළයුතු යැයිද සිද්ධාර්ථන් මහතා කීය.

    දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්මම් අඩෙයිකලනාදන් මහතා ද අදහස් දක්වමින් සදහන් කළේ කොටි සංවිධානයේ ආයුද සන්දන්ධ අරගලය සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා සිදුකළ ප්‍රකාශයට දැඩි අප්‍රසාදය පලකර සිටින බවයි.

    එම සංවිධානයේ අරගලය ගැන එවන් ප්‍රකාශයක් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

    කෙසේ වෙතත් සුමන්තිරන් මහතාගේ එම ප්‍රකාශය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයට අමතරව උතුරේ දේශපාලන හා සමාජ බලවේග වලින් ද දැඩි චෝදනා හා අප්‍රසාදය මතුවෙමින් පවතී.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊලග දේශප්‍රෙමියා සුමන්තිරන් වෙයිද? කරුනා වගේ?

    සන්නද්ද සටන අත අරින ඕනම කෙනෙක් හොදයි තමයි, තොපිට සහරාන් වගේ උන් හරි ගියාට අපිට එහෙම නැ.. ආන්නෙ ඒකයි හු ඇන් පි තොපේ සහ අපේ තියෙන වෙනස..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සන්නද්ද සටන අත අරින ඕනම කෙනෙක් හොදයි තමයි, තොපිට සහරාන් වගේ උන් හරි ගියාට අපිට එහෙම නැ.. ආන්නෙ ඒකයි හු ඇන් පි තොපේ සහ අපේ තියෙන වෙනස..
    FlamboyantAssuredHamadryad-size_restricted.gif
    FlamboyantAssuredHamadryad-size_restricted.gif

    :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන්
    දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ අවිහිංසාවාදී අරගලයකින් පසු ආයුධ සන්නද්ධ අරගලයකට උතුරේ දෙමළ තරුණ කණ්ඩායම් ඇද දැමුවේ දකුණේ පාලනය බවය.
    දන්න පින්වතෙක් කියන්න අපි නොදන්න අවිහින්සාවාදී අරගලය මොකක්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ ලං උනාම ඔය වගේ ආතල් එනවා

    මෝඩ කතානෙ සහරානය පුපුර ගත්තෙත් චන්දෙ ලග නිසාද, මනුස්සයො හැම දේම මෝඩකමින් දකින්ඩ එපා,
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෝඩ කතානෙ සහරානය පුපුර ගත්තෙත් චන්දෙ ලග නිසාද, මනුස්සයො හැම දේම මෝඩකමින් දකින්ඩ එපා,

    මෙහෙමනෙ බන්
    ඔය වගේ කතා වලින් ගොඩාක් පාර්ශව වලට වාසි වෙනවා.
    උතුරේ ඉන්න දේසපාලුවොත් ජාතිය වාදෙ අවුස්සලා තමා රැකෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමනෙ බන්
    ඔය වගේ කතා වලින් ගොඩාක් පාර්ශව වලට වාසි වෙනවා.
    උතුරේ ඉන්න දේසපාලුවොත් ජාතිය වාදෙ අවුස්සලා තමා රැකෙන්නේ

    උතුරෙ චන්දෙට විපක්ශයක් නැනෙ බන් ගෙඩිය පිටින් උන්ට අමුතුවෙන් දිනා ගන්ඩ චන්දයක් උන්ට නැ..දකුනු හු ඇන් පි මීහරක් ඕවට මෙහෙ ඉදන් හුරේ දාන එකයි පිලිකුල්..

    හු ඇන් පි නායකයො කීයකට කොටි බෝම්බ තිබ්බද එහෙම වෙලත් මේ කාලකන්නි තවත් කොටින්ගෙ ලොවනව, හු ඇන් පි මීහරක් කවදාවත් හැදෙන්නෙ නම් නැ..