ඉවසුවා ඇති

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,322
    113
    53599100-1004787689731836-9097293237520957440-n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,322
    113
    “ගෝඨා-බැසිල්” මහනුවර රැලිය වර්ජනය කරති..!

    පොහොට්ටුවේ ආණ්ඩු විරෝධී මංගල රැලිය අවමංගල්‍යක් වෙයි..!

    මහින්දානන්ද වගකීම් පැහැර හරියි-මිනිස්සු 3000යි..!


    40763821-530414854068677-321775586856927232-n.jpg


    (සුජිත් මංගල ද සිල්වා)

    “ඉවසුවා ඇති” යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට එරෙහිව රට පුරා සංවිධානය කරන ජන රැලි මාලාවේ මංගල රැලිය මහනුවර දී අද (08) පැවති නමුත් ඊට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු සහභාගී නොවූහ.

    ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ බැසිල් රාජපක්ෂලා මහ නුවර දී පවත් වන මේ ජන රැලියට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනයක් සහ දැනුම්දීමක් කර නොමැති නමුත් ඒ අය තමාගේ කිසිදු අවසරයකින් තොරව තමා එම රැලියට සහභාගී බවට ප්‍රචාරය කරමින් ප්‍රසිද්ධියක් ගැනීම සම්බන්ධයෙන්, සඳුදා (04) රාත්‍රියේ කොළඹ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසටම ගොස් සිය විරෝධය දැඩිව පළ කර තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඒ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර,අවශ්‍යතා සහ යටි අරමුණු වෙනුවෙන් පාවිච්චි වීමට සුදානම් නොමැති බව ද අවධාරණය කර තිබිණ.

    එමෙන්ම ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එහිදී ඍජුවම දැනුම් දී ඇත.

    සිද්ධියෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා,මේ කාරණය සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

    එහිදී බැසිල් රාජපක්ෂ මහතා සිය ස්ථාවරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ කරුණු පැහැදිළි කරමින් කියා තිබෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනවා නම් එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතාම භාර ගත යුතු බය.

    ඒ සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් භාර ගත නොහැකි බවත්,කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළොත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් තමාට කළ හැකි සියල්ල තමා කරන බවත් එහිදී පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා දෙමළ සහ මුස්ලිම් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීමට නොහැකි බව ඔබ දන්නවා නොවේ දැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

    ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාම මහනුවර පැවති මේ ජන රැලියට සහභාගීවීමෙන් වැළකී සිට ඇත්තේ 2020 ජනාධිපති ධූර අපේක්ෂකයා විය යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ඒ අයගේ පවුල අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන මේ උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේය.

    මේ අතර මේ ජන රැලියට මගී බස් රථ 300ක් පුරවා මිනිස්සු ගෙන එන බවටත් මහනුවරට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග පහ ආවරණය වන පරිදි තොරණ පහක් ගසන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක් වියදම් කරන බවටත් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මහින්ද රාජපක්ෂ මහතාට මුල සිට පොරොන්දු වී සිටියත් ඔහු කිසිදු වගකීමක් ඉටු කර නොමැත.

    මේ සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලියට එක්වූ මොහොතේ සිටම සිටියේ දැඩි කෝපයකින් බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

    මේ අතර රාජ්‍ය සහ පොලිස් බුද්ධි අංශ කර ඇති ගණනය කිරීම්වලට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජන රැලියට එක්ව ඇත්තේ තුන් දහසක පමණ පිරිසකි.


    - http://lankanewsweek.com/ගෝඨා-බැසිල්-මහනුවර-රැල/
     
    Last edited:
    • Haha
    Reactions: lgayyamp

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,322
    113
    පසුගිය දා වාසු, විමල්, උදය යන මහත්වරු එක්ව රත්නපුරයේ පැවති මහා සම්මන්ත්‍රණයක්. මීට පොදුජන පෙරමුණ සහාය ගෙන තිබුණේ නැත. විමල් වීරවංශ මහතා මහින්දට "ආයුබෝවන්" කියන බව පවසා තිබුණේ මෙහි විය යුතුය. - Mahinda Pathirana (Basil's advisor :lol:)

    52937488_10216561642446203_1646251738967048192_n.jpg

    52930351_10216561645486279_4638231952858546176_n.jpg


    - https://www.facebook.com/mahindapp/posts/10216561646486304
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    එනම් බය නෑතිව පලාත්සබා චන්දෙ තියන්න පුළුවන් රනිල් අත උඩින් දිනයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,322
    113
    ගෝඨාගෙන් මහින්දට තර්ජන..!

    “ජනපති අපේක්ෂකකම දෙනවා ද, නැද්ද කියා හරියට කියනු”

    “එහෙම නොකොළොත් විකල්ප තීන්දුවක් ගන්නවා”

    “පාවිච්චි වෙන්න හෝ කඩේ යන්න මම සුදානම් නැහැ”


    (සුජිත් මංගල ද සිල්වා)

    ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරැදි උත්තරයක් තමාට ඉක්මනින්ම ලබා දෙන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ඍජුවම දැනුම් දී තිබේ.

    කොළඹ,විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට සඳුදා (04) රාත්‍රියේ හදිසියේම ගොස් ඔහු මුහුණට-මුහුණ හමුවී මේ බව දැනුම් දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එවැනි නිශ්චිත සහ නිවැරදි උත්තරයක් ලබා නොදෙන්නේ නම් තමාට විකල්ප දේශපාලන තීන්දුවක් ගැනීමට සිදු වන බවට ද අනතුරු අඟවා ඇත.

    එසේ වුණොත් ඒ සම්බන්ධයෙන් තමාට පසුව දෝසාරෝපනය කරන්න එපා යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දැනුම් දී තිබේ.

    බැසිල් රාජපක්ෂලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහ නුවර අද (08) පවත් වන ජන රැළියට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනයක් සහ දැනුම්දීමක් නොකර තමාගේ කිසිදු අවසරයකින් ද තොරව තමා එම රැළියට එක් වන ලෙසට ප්‍රචාරය කරමින් ප්‍රසිද්ධියක් ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සිය විරෝධය දැඩිව පළ කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඒ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර,අවශ්‍යතා සහ යටි අරමුණු වෙනුවෙන් පාවිච්චි වීමට සුදානම් නොමැති බව ද අවධාරණය කර ඇත.

    එමෙන්ම මේ ප්‍රශ්නවලින් බේරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව විධායක ජනාධිපතිකම අහෝසි කිරීමට විපක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දරන උත්සාහය තමා අනුමත නොකරන බව එහිදී කියා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ඒ අය සිය දේශපාලන පැවැත්ම,බලය සහ නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා හදිසියට කරන මේ වැඩවලින් අනතුරට පත් වන්නේ රට සහ ජනතාව යැයි ද අවධාරණය කර තිබේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ඍජු ස්ථාවරය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට දේශපාලන වශයෙන් දෙලොවක් අතර අතරමං වී දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දේශපාලන බුද්ධි තොරතුරු අනාවරණය කර සිටියි.

    මේ පසුබිම හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වීමට ඉඩ තිබෙනවා නේදැයි මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සගයෙකු ඔහුගෙන් විමසා ඇති අවස්ථාවේදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ එසේ වුණොත් ඒ තත්ත්වය විශාල ප්‍රශ්නයක් වනු ඇති බව කියමිනි.


    - http://lankanewsweek.com/ගෝඨාගෙන්-මහින්දට-තර්ජන/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,322
    113
    පොහොට්ටු - අත සන්ධානය ඇණහිටියි ! එස්.බීටත් වාරණයක් !!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා නතරවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඒ සම්බන්ධයෙන් දැඩි අවුලකට පත්වී තිබෙන බවත් අනිද්දා පුවත්පත වාර්තා කරයි.

    එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ බාධා කිරීම් නිසා සන්ධානය ගොඩනැගීමේ කටයුතු අඩපණ වී තිබෙන බවත් සන්ධානයට බාධා කරන නායකයන් කෙරෙහි මහජන විරෝධයක් ඇති වන ලෙස අදහස් දැක්වීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොදරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් කීය.

    ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් ඇති කර ගැනීමේ සාකච්ඡා ගැන කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම සාකච්ඡා මේ වනවිට ඇන හිට තිබෙන බවය. මෑතකදී එවැනි සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් පිළිබඳව දැනුම් නොදුන් බවත් ඔහු කීය.

    මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙකුත් කුඩා පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා නම් සාර්ථකව සිදුවෙන බවද ඔහු කීය.

    මේ හේතුව නිසා ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) මහනුවර නගරයේ සංවිධානය කර තිබූ මහජන රැස්වීමට මෛත්‍රී පිල සහභාගී නොවීමට තීරණය කර තිබිණි. අනිද්දා කල විමසීමකදී ශ්‍රීලනිපය ප්‍රකාශ කර තිබුනේ ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගත වී නොමැති නිසා එම රැස්වීමට සහභාගී නොවීමට මාර්තු 6 වනදා තීරණයක් ගෙන ඇති බවයි.

    රැළියට යන්න හිටපු එස්.බීට වාරණයක් !

    මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය විසින් අද (08) නුවරදී පැවැත්වූ ජන රැළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවන බැවින් කිසිවකුත් ඊට සහභාගී නොවන ලෙස නිල වශයෙන් ශ්‍රීලනිපය දන්වා තිබූ බවද වාර්තා වෙයි.

    ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම තීරණය ගෙන ඇති බවය. එහිදී අදාළ රැළියට යාමට සහ එය ඇමතීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක තදින් පවසා ඇති නමුත් ජනාධිපති සිරිසේන ඊට ප්‍රතිචාර දක්වමින් පක්‍ෂය විසින් ගන්නා ලද තීන්දුව අනුව කිසිවෙකුත් ඊට සහභාගී නොවිය යුතු බව දන්වා සිටි බවය.


    - https://lankanewsweb.net/sinhala/පු...ොහොට්ටු-අත-සන්ධානය-ඇණහිටියි-එස්-බීටත්-වාරණයක්