ඉස්කූටර් හෙල්ප්

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    ඉස්කූටර් හෙල්ප්

    ස්කූටරයක් ගන්න කියල හිතාගෙන ඉන්නේ,
    පාරේ කොච්චර ඒවා ගියත් ලස්සන ඒවාට හිත යනවා.
    එත් ඒවායේ විස්තර නම් මුකුත්ම දන්නේ නැ,
    පාවිච්චි කරන අය / ඒ ගැන දන්නා අය පොඩි උදව්වක් දෙන්න please.

    @ ලස්සන,
    @ කල්පැවැත්ම,
    @ තෙල් කෙරුවාව,
    @ අලුත්වැඩියා වියදම්,
    @ ආරක්ෂාව,
    @ සුවපහසුව,
    @ අමතව වාසි (උදා :-hero dash එකේ සීට් ඒක උස්සන්නේ නැතුව තෙල් ගහන්න පුළුවන්)​

    තව වටිනාකමත් දන්නවනම් දන්නා.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔන්න උබට තව ටිකකින් කට්ටිය ඇවිල්ලා බනියි පොන්@යා කියලා අපේ උන් හිතන්නේ ස්කූටර් පදින්නේ කෙල්ලොයි පොන්@යොයි කියලා ඉතින් කවර කථාද? උබ ඔවා ගනන් ගන්න එපා! උබ කැමති එකක් උබ ගනින්! උබේ සල්ලි වලින්නේ උබ ගන්නේ!:D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මගෙ ලග Hero Pleasure එකක් තියනවා මගේ කිවුවට මගේ නෙමයි වයිපරේට ආන්ඩුවෙන් පනස් දාහට දීපු එකක්
    මම ඉදල හිටලා වැඩට යනවා
    තෙල් නම් මහලොකුවට කරන්නෙ නැහැ මයෙ හිතේ 40ක් වගේ කරනවා ඇති කවදාවත් මැනලා නැහැ
    පිකප් එකේ එහෙම අවුලක් නැහැ හොදට ලග පිකප්
    පොඩි ගැට්ටක් අහුඋනත් පෙරලෙන්න බලනවා
    පාරෙ තියන සුදු ඉරි කහ ඉරි උඩ හොදටම ලිස්සනවා
    බ්‍රේක් අවුල්, ස්පීඩ් ගිහින් ලග බ්‍රේක් කරන්න බැහැ ඇදිලා යනවා මොකද බයික් එක බර නැති නිසා. බර කවුරුහරි දාගෙන පදිනවා නම් කල්පනාවෙන් යන්න ඕන මොකද තනියම ගිහින් බ්‍රේක් වෙන දුරට වඩා සැලකිය යුතු දුර ගිහින් තමයි නතරවෙන්නෙ දෙන්නෙක් දාගෙන යනවා නම්
    රෝද නවතින තරමට ලග බ්‍රේක් කරන්න නම් අලි මාලු කාල ඉන්න ඕන ඒ තරම් තදයි බ්‍රේක් ලිවර් දෙක
    හෙමින් ලග ලග පදින්න නම් අවුලක් නැහැ
    ට්‍රැෆික් එකේ පදින්න මරු හැඩල් එක එහෙම කොට නිසා ගේමක් නැතුව ඕන අස්සකින් දාල ගියහැකි
    බිල්ඩ් කොලිටිය නම් ඉතින් ඉන්දියන් කොලිටි තමයි සයිඩ් කන්නාඩි එහෙම දැනටම මලකඩ කාලා
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කොල්ලෙක් වෙලා ඔවා ගන්න එපා බං.උබේ කැමැත්තක්
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ස්කූටර් එකක්ම ගනින් ඔය කව්රු මොනව කිව්වත්. ගෙදරට එලෝලු ටිකක් බඩු ටිකක්, සිමෙන්තිකෝට්ටයක් උනත් ගේන්න පුලුවන් කරදරයක් නැතුව හදිස්සියකදි. ලොකු ලොකු බයික් වල ඒව ගේන්න බෑ පුටා. උඔ හොද බේබද්දෙක් නම් බෝතල් දාන්න බෑග් එකක් අරන් යන්න ඕන නෑ බාර් එකට යද්දි. හදිස්සියට කිලෝ 20 මාලුවෙක් උනත් ගෙනියන්න පුලුවන්. ඩියෝ එකක් ගනින්. ඩියෝ එක පිකප් හොදයි, තෙල් වැඩ කරනව හොදට 50 ස්පීඩ් යනවනම් කිලෝමීටර් 55 ක් විතර කරනව ලීටරේට. එංජිම ලොකු සද්ද නෑ. වයිබ්‍රේට් නෑ. හැමදේටම වඩා බ්රේක් සිස්ටම් එක හොදයි. බ්රේක් ගැහුවාම පිටිපස්ස ඉස්සරහට එන්නේ නෑ. කෙලින් නවතිනව. මම කියන්නේ අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව. Yamaha ray zr එකත් හොද ඇති. පැදල නම් නෑ. අඩුපාඩු වලට තියෙන්නේ තෙල් ගහන්න නම් බහින්න ඕන බයික් එකෙන්. ෆෝන් චාජර් එකක් නෑ. රටට ලෝකෙට පේන්න පදින්න නම් බයික් එකක් ගන්නේ ස්කූටර් ගන්න එපා. තමන්ගේ වැඩකුත් කරගෙන ගමනක් බිමන් යන්න නම් ස්කූටර් එකක් ගනින්.
    :):):)
     
    ow ban, sahathika aththa