ඉස්කෝලෙදි, class වලදි ගත්ත fun මොනවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ආතල් ම තමයි ගත්තේ නම්, ඉගෙන ගත්ත කියල යෑ.. ආයේ එන්නේ නෑනේ ඒ කාලේ.. මතක් වෙන විදියට දාන්නම් මේකේ.. දැනට එකක් දාන්නම්...

    අපේ sch එකේ බෙල් එකට තියෙන්නේ පන්සලේ ඝාන්ටාරයක් වගේ එකක්.. එකට ලනුවක් බැඳලා ඒක ඇදලා තමයි බෙල් එක ගහන්නේ.. එක දවසක් අපි ඕකේ බල්ලෙක් බැන්ද.. බල්ලා දුවද්දී බෙල් එක වදිනවා.. ඒ සද්දෙට ඌ තව දුවනවා.. ඉස්කෝලේ වැඩට ඉන්න අය බල්ලව ලිහන්න හැදුවත් ඌ කන්න පනිනවා.. එක විකාරයි.. ඕකට අපි මාට්ටු වෙලා කානු සුද්ද කළා ඊට පස්සේ දවසේ..

    patta seen eka

    bell eke saddeta balla thawath baya wenawa athi
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දවසක් අපේ සෙට් එකේ එකෙක් කොන්ඩම් එකක් ගෙනාවා අපිට පෙන්න. එ් කාලේ ඉතිං අපි ඔවා ගැන අහලා තිබ්බට සියැසින් දැකලා තිබ්බේ නෑ. පොරට කියන්නෙ T. S කියලා. මු ඉතිං භාන්ඩේ අපිට පෙන්නලා එහෙම පොරගේ බෑග් එකට දැම්මා.
    ඊට පස්සෙ තිබුන පීරියඩ් එකට පංතියෙන් එලියට ගිහින් එනකොට පංතියේ හිටපු එකෙක් භාන්ඩේ එලියට අරන් හැමෝටම පෙන්න අැද අැද ඉන්නවා. :lol:

    එදා T. S. ව හැඳින්නුවේ "ඩම් ඩම්" යන අන්වර්ථ නාමයෙනි.

    අසා සිටි ඔබ සැමට ස්තුතියි. කථාව ඉවරයි.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    තව හෙන බර කාරයෙක් හිටියා

    ඌට ගෙදරින් හදල දෙනවා හැබ් බේකන් චීස් අරවද මේවද

    ඌට ඒවා කාලා ඇති වෙලා ඌ එන්නෙත් අපේ බත් එකට කෙලින්න

    හැබැයි උගේ ඒවත් දෙනව අපිට​

    athal da :lol::lol:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    අපේ class එකක දවසක් අපිට ඉස්සරහා පේළියේ කෙල්ලො තුන් දෙනෙක් ඉන්නවා. අපේ පේළියේ එකෙක් දැක්කා එක කෙල්ලෙක් එක සෙරෙප්පුවක් ගලවගෙන කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න ගමන් තමයි පාඩම අහන් ඉන්නේ කියලා. මූ හිමීට අත යටින් දාලා ඒ කෙල්ලගේ එක සෙරෙප්පුවක් ඉස්සුවා. ඒත් මේක තියාගන්න බෑනේ.

    ඒ පාර එහා පැත්තෙ පේළියේ අපේ කොල්ලෙක් තියලා තිබ්බ බෑග් එකක් ඇදලා අරන් ඒකට එබුවා කෙල්ලගේ සෙරෙප්පුව.

    දැන් මෙච්චර හරියක් වෙනකම් කෙල්ලට සිහියක් නෑ.

    අන්තිමේ කෙල්ල බලනවා සෙරෙප්පුවට මොකද වුනේ කියලා. කෙල්ල දැන ගත්තා අපේ වැඩක් කියලා, ඒ වුනාට මොකුත් කියන්න බෑ දැක්කේ නැති හින්දා. ඒකි එතන නහයෙන් අඬ අඬ හිනාවෙනවා. අපි මොකුත් නොවුන ගානට ඉන්නවා. අන්තිමට class එක ඉවර වුනා, ඒත් සෙරෙප්පුව නෑ.

    එහා පැත්තේ අපේ එකා බෑග් එකට පොත් ටික දාන්න හදන කොට මෙන්න යකෝ ඒක ඇතුළේ සෙරෙප්පුව. මූ කාගෙද යකෝ මේක කියලා සෙරෙප්පුව උඩින් විසි කළා, හොඳ වෙලාවට කෙල්ල ඉන්න හරියට වැ‍ටුනේ.
     
    • Like
    Reactions: Alaya